Home » කලාව කියන්නේ අපි ජීවත්වෙන සුන්දරම තැනක් රංගන ශිල්පිනී – අමාවි දනන්සූරිය

කලාව කියන්නේ අපි ජීවත්වෙන සුන්දරම තැනක් රංගන ශිල්පිනී – අමාවි දනන්සූරිය

by mavan
June 11, 2026 12:43 pm 0 comment

ඌව ප්‍රජා ගුවන් විදුලියෙන් කලාවට අවතීර්ණ වී, අද වන විට ගුවන් විදුලිය, පුංචි තිරය, රිදී තිරය මෙන්ම නව මාධ්‍ය අවකාශය ද ජයගත් ඇය ‘අමාවි දනන්සූරිය’ ය. බදුල්ල ලුණුගල වැනි දුෂ්කර පළාතක සිට ස්වෝත්සාහයෙන් පැමිණි ඇයගේ කලා චාරිකාව පිළිබඳව අප සමඟ කළ සංවාද සටහනක් ඇසුරෙන් සැකසූ ලිපියකි.)

ඇයගේ කලා හැකියාවන් මුලින්ම ඔප මට්ටම් වූයේ පාසල් වේදිකාව තුළිනි. පාසල් අවදියේදී කථිකත්වයට මෙන්ම රංගනයට ද මහත් දක්ෂතාවයක් දැක්වූ ඇය, ගමේ තිබූ කලා නිකේතනයක් හරහා වයස අවුරුදු 12, 13, 14 වැනි කුඩා කාලයේදීම හොඳම ළමා නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයගේ මෙම දක්ෂතා ඇයට ඌව ප්‍රජා ගුවන් විදුලියට සම්බන්ධ වීමට මග පාදනු ලැබීය.

පසුව ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වන ඇයට කරුණාරත්න අමරසිංහ, අජන්තා රණසිංහ සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි ප්‍රවීණයන් හමුවී ගුරුහරුකම් ලැබීමට වාසනාව හිමි විය. එහිදී ඇය නිවේදිකාවක් සහ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කළාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර මහින්ද පෙරේරාගේ නාට්‍ය වැඩමුළු (එධපඬඵඩධනඵ) වලට සම්බන්ධ වූ ඇය, ඔහුගේ පාඨමාලාවේ 2 සහ 3 වන කණ්ඩායම් (ඕචබජඩඥඵ) නියෝජනය කළාය. ඇය සමඟ විශ්ව කොඩිකාර, වොල්ගා ඇතුළු විශාල පිරිසක් එහි අධ්‍යාපනය ලැබූහ. එම වැඩමුළුවේදී කළ ‘ස්ටාර්ස් ශශ්‍රී ලංකා’ හිස්තැනක් නාට්‍යය ඇයගේ පළමු ටෙලිනාට්‍යය අත්දැකීම බවට පත්විය.

ප්‍රධාන චරිතවලට වඩා උප ප්‍රධාන (ඉභඡ ජඩචපචජබඥපඵ) සහ සහය චරිත හරහා තමන්ගේ අනන්‍යතාවය සනිටුහන් කළ ඇය, මේ වන විට ටෙලිනාට්‍ය 25ක පමණ සහය චරිත නිරූපණය කර ඇත. මුල් කාලයේ කළ සුළු චරිත ද ඇතුළුව ඇය නිර්මාණ 30කට අධික සංඛ්‍යාවකට දායක වී තිබේ.’හීන් හිනා’ (සිරස ටීවී), ‘ඔෆිස් ලන්තය’, ‘දේදුන්නයි ආදරේ’ (දෙරණ ටීවී), ‘සෑණ්ඩි’, ‘නිහිඬුම් තරණ’, ‘දිරිය දෝණි’ (රූපවාහිනිය) වැනි ටෙලිනාට්‍ය ඇය රංගනයෙන් දායක වූ නිර්මාණයන්ය.

පාසල් අවදියේ සිටම වේදිකාවට ඇලුම් කළ ඇය, පසුව ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න මහතා යටතේ වේදිකා නාට්‍ය පිළිබඳව හදාරනු ලැබුවාය. ඔහුගේ “ලීටන් ලීටා” (ඹ්ඥඥබධද ඹ්ඥඥබච) වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වසර එකහමාරක්, දෙකක් වැනි කාලයක් පුරා රඟපෑමට ඇයට අවස්ථාව ලැබුණි.

පසුව තවත් නාට්‍ය සඳහා ආරාධනා ලැබුණ ද, වේදිකාව වෙනුවෙන් කළ යුතු කැපවීම සහ ඇය රේඩියෝ ආයතන කිහිපයක (රේඩියෝ 99, සර රේඩියෝ, කලර් ටීවී ආදී) සහ වෙනත් මාධ්‍ය ආයතනවල නිවේදිකාවක් ලෙස රැකියාවේ නිරත වූ නිසා, රැකියාව මුලින්ම බේරාගැනීමේ අරමුණින් වේදිකාව තාවකාලිකව පසෙක තැබීමට සිදුවිය. කෙසේ වෙතත්, එළඹෙන අගෝස්තු මාසයේ සිට ප්‍රවීණ පිරිසක් සමඟ නව වේදිකා නාට්‍යයකින් නැවතත් වේදිකාවට පිවිසීමට ඇය සූදානමින් සිටින්නීය.

රූපවාහිනී (රූපවාහිනිය, ධ්ඊව්, ඛ්ඉව් ඊඍ) මෙන්ම රේඩියෝ නාලිකා රැසක වැඩ කළ ඇය, මෑතකදී යූටියුබ් නාලිකා වෙත යොමු වූයේ තම දරුවාගේ වැඩකටයුතු කරගැනීමට අවශ්‍ය නිදහස ලබාගැනීමේ අරමුණිනි. මේ වන විට නිදහස් (ජ්පඥඥතචදජඥ) නිවේදිකාවක් ලෙස යූටියුබ් නාලිකා 5ක්, 6ක්, 7ක් පමණ ඇය වැඩසටහන් මෙහෙයවනු ලබයි.මෝටිවේෂන් (ර්ධබඪමචබඪධද), ජ්‍යෝතිෂය, සෞඛ්‍ය (ඩ්ඥචතබඩ) මෙන්ම මෑතකදී අලුතින්ම ආරම්භ කළ යූටියුබ් නාලිකා හතරක් හරහා කුකරි (ඛ්ධධඬඪදඨ) වැඩසටහනක්, කලාකරුවන් සම්බන්ධ කරගන්නා පෝඩ්කාස්ට් (ර්‍ථධඤජචඵබ) වැඩසටහන් සහ ‘රොක්ස් ටයිප්’ වැඩසටහන් ඇය මෙහෙයවයි. මීට අමතරව ‘මෙත් ටීවී’ (ර්ඥබඩ ඊඍ) නාලිකාවේ ද ඇය සම්මුඛ සාකච්ඡා පවත්වමින් කටයුතු කරයි.

ඇයගේ ප්‍රථම සිනමා අත්දැකීම වූයේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ලැබුණු කුඩා අවස්ථාවකි. පසුව අශෝක අතාවුදහෙට්ටිගේ ‘කන්දක් සේ මා’ චිත්‍රපටයට ද, ටෙනිසන් කුරේ මහතා සමඟ එඩ්වඩ් ජයකොඩි මහතා කළ ‘උගුලයි මගුලයි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ද ඇය දායක වූවාය (නමුත් එම චිත්‍රපටය තිරගත නොවූ අතර එහි නිෂ්පාදකවරයා මේ වන විට ජීවතුන් අතර නැත).2016-17 කාලයේ රාජ් රණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෝද තුනේ මනමාලයා’ චිත්‍රපටය හරහා ද සම්බන්ධ වූ ඇය, 2026 වසරේ තිරගත වූ ‘ගෝත්‍රා’ චිත්‍රපටයට ද දායක වී ඇත. මීට අමතරව, චාමර නැමති නවක අධ්‍යක්ෂවරයාගේ, ඉසුරු ප්‍රොඩක්ෂන්ස් (අර්ජුන කමලනාත්) නිෂ්පාදනය කළ ‘ත්‍රෙඩ්’ (ඊඩපඥචඤ) සහ ‘සාක්ෂි’ යන චිත්‍රපට ද්විත්වයට ද ඇය දායක වී ඇති අතර ඒවා මේ වසරේ තිරගත වීමට නියමිතය.

කාලයක් ඛ්ධථථඥපජඪචත ර්ධඤඥත කෙනෙකු ලෙස ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වැඩ කොටසක් කළ ද, 2018 වසරෙන් පසු ඇයට කිසිදු වෙළඳ දැන්වීමකට දායක වීමට අවස්ථාවක් ලැබී නැත. නමුත්, පසුව එය ඉබේම සිදුව ඇත

වත්මන් පරම්පරාවේ නවකයන් ඉතා දක්ෂ මෙන්ම ඕනෑම දෙයක් ඉක්මනින් ග්‍රහණය කරගන්නා පිරිසක් බව ඇය පවසන්නීය. තමන්ගේ කාලයේ ක්ෂේත්‍රයට පැමිණීමට තිබූ අපහසුතා, නාට්‍ය පිටපත් කියවීම් සහ පෙර පුහුණුවීම් (අඥඩඥචපඵචතඵ) වර්තමානයේ එතරම් දැකිය නොහැකි බවත්, අලුත් පරම්පරාව බොහෝ විට ජනප්‍රියත්වය පසුපස හඹා යන බවත් ඇය පවසයි. ප්‍රවීණයන් කෙරෙහි වත්මන් පරම්පරාවේ ගෞරවය පිළිබඳව යම් ගැටලු තිබුණ ද, එය ඔවුන්ගේ වරදක් නොව තමන් ප්‍රේක්ෂකයන් අතර රැඳී නොසිටීමේ වරදක් බව ඇය නිහතමානීව පිළිගනියි.

වත්මන් අධ්‍යක්ෂවරුන් නව තාක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් ජාත්‍යන්තර සිනමාවට දොරටු විවර කරගෙන ඇති බව ඇයගේ අදහසයි. පසුගිය වසර පහක කාලය තුළ ලාංකික සිනමාවේ කඩාවැටීමක් තිබුණ ද, මේ වසරේ (2026) සිනමාවේ පැහැදිලි පිබිදීමක් සහ ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පවතින බව ඇය සුබවාදීව දකිය

ඇය මේ වන විට ජනමාධ්‍ය සහ සිංහල අංශයෙන් සිය දෙවන උපාධිය සම්පූර්ණ කර ඇති අතර, කලින් නවතා දැමූ පශ්චාත් උපාධිය නැවත හැදෑරීමට සහ දිගටම සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වන්නීය.

කලා ක්ෂේත්‍රය තුළ රක්ෂණ (ධ්දඵභපචදජඥ) හෝ විශ්‍රාම වැටුප් (ර්‍ථඥදඵඪධද) ක්‍රම නොමැති නිසා, කලාකරුවෙකු ලෙස සැමවිටම ‘ර්‍ථතචද ඕ’ එකක් තිබිය යුතු බව විශ්වාස කරන ඇය, ඉදිරි වසර 5 සඳහා ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ සැලසුම් සකස් කර ඇත. දැන් ඇයගේ දරුවා ලොකු මහත් වී ඇති බැවින් සහ තනිව වැඩ කරගත හැකි බැවින්, ඉදිරියේදී ලැබෙන ඕනෑම කලා නිර්මාණයකට උපරිම දායකත්වය ලබාදීමට ඇය සූදානම්ය.

“දුෂ්කර තැනක සිට පැමිණි මගේ මේ ගමනට වචනයකින් හෝ උදව් කළ, වාහනයෙන් සෙට් එකට කැඳවාගෙන ගොස් නැවත නිවසටම ඇරලවන තෙක් මා රැකබලා ගත් සියලුම ප්‍රවීණයන්ට, අධ්‍යක්ෂවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරන්න අමා අමතක නොකළාය. කලාව කියන්නේ අපි ජීවත්වෙන හරිම ලස්සන, සුන්දර තැනක්. ඒක පරිස්සම් කරන්න ඕනෙත් අපිමයි. ඒ නිසා අලුතින් එන අයට මම කියන්නේ මේ සුන්දර තැන විනාශ කරන්න එපා කියලයි”.

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT