Home » එඩ්වින් එස්. පෝටර් 1903 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වූයේ සුධීර විශ්වනාථ කලංසූරිය ජර්මානු ප්‍රකාශනවාදය සහ ඩොක්ටර් කැලිගාරි

එඩ්වින් එස්. පෝටර් 1903 1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වූයේ සුධීර විශ්වනාථ කලංසූරිය ජර්මානු ප්‍රකාශනවාදය සහ ඩොක්ටර් කැලිගාරි

by mavan
May 14, 2026 11:45 am 0 comment

ජර්මනියට දරුණු පරාජයක් අත්කර දෙමිනි. රට පුරා දරිද්‍රතාවය, මරණය සහ පිස්සුව රජ කරමින් තිබුණි. මෙවන් මොහොතක ජර්මානු කලාකරුවන් කල්පනා කළේ, ‘මේ කුරිරු යථාර්ථය ඒ විදිහටම පෙන්වලා වැඩක් නැහැ. අපි පෙන්වන්න ඕනේ මිනිස්සුන්ගේ හිත ඇතුළේ තියෙන බය සහ විකෘති වෙච්ච ස්වභාවයයි’ යනුවෙනි.

මේ සිතුවිල්ලෙන් උපන් කලා රැල්ල ‘ජර්මානු ප්‍රකාශනවාදය’ (German Expressionism) ලෙස හැඳීන්වේ. ඔවුන් සිනමාව භාවිතා කළේ බාහිර ලෝකය පටිගත කිරීමට නොව, මනස ඇතුළේ ඇති භයානක සිහින තිරය මත පින්තාරු කිරීමටය. එහි අග්‍රඵලය වූයේ 1920 දී රොබට් (Robert Wiene) අධ්‍යක්ෂණය කළ ඩොක්ටර් කැලිගාරිගේ කුටිය (The Cabinet of Dr Caligari) චිත්‍රපටයයි.

කැලිගාරි – උමතුවේ ප්‍රතිමූර්තිය

මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ අද්භූත දොස්තරවරයෙකු වන ‘කැලිගාරි’ සහ ඔහු විසින් පාලනය කරනු ලබන නිදිශාරකයා (German Expressionism) වන ‘සීසර්’ (Robert Wiene) වටා ය. දහවල් කාලයේ පෙට්ටියක් තුළ නිදා සිටින සීසර්, රාත්‍රියට කැලිගාරිගේ අණ පරිදි අවදි වී මිනී මරයි.

චිත්‍රපටය පුරාම ඇත්තේ අඳුරු, ගුප්ත සහ බියජනක වාතාවරණයකි. නමුත් අවසානයේදී ප්‍රේක්ෂකයාට ලැබෙන්නේ මහා කම්පනයකි (Robert Wiene) එනම්, මේ මුළු කතාවම කියන්නේ මානසික රෝහලක සිටින පිස්සෙකු විසින් බවත්, සැබෑ ජීවිතයේ ‘කැලිගාරි’ යනු එම රෝහලේ කාරුණික දොස්තරවරයා බවත් හෙළි වීමයි. මෙය සිනමා ඉතිහාසයේ ‘විශ්වාස කළ නොහැකි කථකයා’ (The Cabinet of Dr Caligari) යොදාගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.

දෘශ්‍ය විප්ලවය – පින්තාරු කළ සෙවණැලි

සිනමා ශිෂ්‍යයෙකුට මෙම චිත්‍රපටය වැදගත් වන්නේ එහි කතාවට වඩා එහි ඇති ‘දෘශ්‍ය ශෛලිය’ (Visual Style) නිසාය. මෙහි පසුතල (Sets) කිසිසේත්ම තාත්වික නැත. ගෙවල්, පාරවල් සහ ජනෙල් උල් හැඩයට (Jagged shapes) සහ ඇදයට නිර්මාණය කර ඇත. බිත්තිවල අඳුරු සෙවණැලි කෙළින්ම තීන්තෙන් ඇඳ තිබුණි (Painted Shadows) ලුමියර්ලා ස්වභාවික ආලෝකය හෙවූ අතර, ජර්මානු ශිල්පීහු ආලෝකය සහ අඳුර අතර දැඩි වෙනසක් (Chiaroscuro lighting) නිර්මාණය කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ලෝකය පෙනෙන විදිහ නොව, මනෝ ව්‍යාධියකට පත් අයෙකුට ලෝකය දැනෙන විදිහ පෙන්වීමටයි. කැමරාව ඇල කර (Dutch Angle) රූපගත කිරීම මගින් ලෝකයේ සමබරතාවය ගිලිහී ගිය බව ඔවුහු සංකේතවත් කළහ.

මනෝවිද්‍යාත්මක ගැඹුර – අධිකාරී බලයට එරෙහි වීම

විචාරක සීග්ෆ්‍රීඩ් ක්‍රැකෝ (Siegfried Kracauer) සිය සුප්‍රසිද්ධ From Caligari to Hitler කෘතියේ පෙන්වා දෙන්නේ, මෙම චිත්‍රපටය තුළින් ජර්මානු ජනතාවගේ යටි සිතේ තිබූ ‘ඒකාධිපති පාලනයට ඇති බිය’ නිරූපණය වන බවයි. මිනිසුන්ව රූකඩයක් ලෙස පාලනය කරන කැලිගාරි, පසුකාලීනව ජර්මනිය පාලනය කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පූර්ව නිමිත්තක් වැනිය.

එමෙන්ම ‘සීසර්’ යනු බලලෝභී පාලකයන් අතින් ඝාතනයට ලක්වන අහිංසක සොල්දාදුවන්ගේ සංකේතයයි. මේ නිසා කැලිගාරි චිත්‍රපටය හුදු හොල්මන් කතාවක් නොව, ගැඹුරු දේශපාලනික සහ මනෝවිද්‍යාත්මක කියවීමකි.

සමාප්තිය – හොලිවුඩයට පෑදූ මාවත

ජර්මානු ප්‍රකාශනවාදය වසර කිහිපයකින් නිම වුවද, එහි බලපෑම සදාකාලික විය. පසුකාලීනව ඇල්ෆ්‍රඩ් හිච්කොක් (Alfred Hitchcock) සහ ටිම් බර්ටන් (Tim Burton) වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල ඇත්තේ ‘කැලිගාරි’ සෙවණැලි ය. (Batman Returns) හෝ (Edward Scissorhands) වැනි චිත්‍රපටවල එන විකෘති නගර නිර්මාණවලට මුල් වූයේ 1920 දී ජර්මනියේ හැදුණු මෙම කඩදාසි පසුතලයයි.

අඳුරට බිය නොවන්නටත්, අඳුර තුළින් කලාව මවන්නටත් ලෝක සිනමාව ඉගෙන ගත්තේ ඩොක්ටර් කැලිගාරිගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT