ලාංකේය කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ නිර්මාණකරුවකු පසුගිය දා සිය කලා ජීවිතයේ අඩසිය වස සම්පූර්ණ කළේය. ඒ නිමිතිකොට ගෙන ඔහුගේ ගෝල බාලයන් රැසක් සැමරුම් උත්සවයක් සංවිධානය කළ අතර, එය පසුගිය මාර්තු 01දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි. මෙසේ සිය කලා ජීවිතයේ අඩ සියවස සැමරූ ප්‍රවීණ වේදිකා හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සුගත් සමරකෝන්ය.
සුගත්ගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්ත කොට ගෙන එදින ඔහු විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු විජය – කුවේණි චිත්‍රපටයද නැවත ප්‍රදර්ශනය කෙරිණි . එසේම ඔහු මෙතෙක් කලා ජීවිතයේ ලද සම්මාන ඔහු විසින් රචනා කරන ලද විවිධ පොත් පත් ප්‍රදර්ශනයක්ද මෙම උළෙලට සමගාමීව මෙදින පවත්වන ලදී.
කලාකරුවෙකු සිය නිර්මාණ දිවියේ අඩසිය වසක් සපුරනවා යනු. සැබැවින්ම සුවිශේෂී අවස්ථාවකි. ස්ථාවර ජීවන මාර්ගයක් ලෙසින්ද සැලකිය නොහැකිය. කලාව යන්න මේසා දීර්ඝ කාලයක් තම ඇසුරේ වඩවා ගන්නවා යන්නද එක්තරා අන්දමකට අභියෝගයකි. ඒත් කලාවට පෙම් බඳීන කලාවට සිය ජීවිතය කොටගත් කෙනෙකුට මෙය අභියෝගයක් නොවන්නේ තමන් පෙම් කරන දේ වෙනුවෙන් ඕනෑම දුකක් වළඳන්නට තමන් සැදී පැහැදී සිටිනා බැවිනි.
සුගත් සමරකෝන්ගේ ජීවිතය දෙස ද ආපසු හැරෙද්දීත් ඔහු පැමිණි ඇත්තේ ද මල් ඇතිරූ මාවතක නොවන බව පැහැදිලිය. අනෙක් විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මූණ දෙමින් ඔහු කලාකරුවකු වූ ගමන් මඟ නම් එක්තරා අන්දමකට වර්තමාන තරුණ පරම්පරාවටද ආදර්ශ සපයන්නකි.
“මගේ ගම සබරගමු පළාතේ කුඹුරුගමුව කියන සුන්දර ග්‍රාමයයි. මේ ගම්මානයේ ඇලේ දොළේ වෙලේ ඉපැණැල්ලේ සිහිල් සුවය විඳීමින් තමයි මම හැදී වැඩුණේ. ඒ කාලෙ ගමයි පන්සලයි වෙලයි, කැලේයි කියන්නේ අපේ ජීවිතය ආශිර්වාදයෙන් වැලඳගත්තු තැන් මගේ සුන්දර ලෝකය මේ හැම දෙයක් සමඟම ස්වභා සෞන්දර්යයත් එක්ක බද්ධ වුණු ජීවිතයක් තමයි තිබුණේ.
සුගත්ලාගේ පරපුරට හිමිවූ ඒ අසිරිමත් ළමාවිය ඔවුනගේ නැණ නුවණ දියුණු කළා පමණක් නොව ඔවුන් ස්වභා දහමට ආදරය කරන ගහට කොළට සතා සීපාවට ආදරය කරන හැඟීම් දැනීම් ඇති දරුවන් බිහිකිරීමට ඇවැසි පරිසරයද නිර්මාණය කළේය. ඒ හරහා කුඩා කාලයේ පටන්ම නිර්මාණාත්මක හැකියාවත් ඔවුන් තුළ වර්ධනය වන්නටද හේතුවක් වූයේය.
ඇත්තටම අපේ කුඩා කාලයේ අපි බිව්වේ මව් කිරි. අද වගේ පිටි කිරි නෙමෙයි. මම පොඩි කාලේ අපේ අම්මා තාත්තලා අක්කලා අයියලා අපේ කටේ තිව්වේ ගහෙන් කඩා ගත්ත වස විස නැති පලතුරු. අපි නෑවේ කුඹුකේ ළිදේ වතුර පුංචි කාලේ අපට කන්න දුන්නේ අපේම හෙළ ඉතිහාසයේ ඥාතීන් කාපු අපේම හොඳ සිංහල හාලේ බත්. කුරක්කන්, කොල්ලු අලකොළ බිව්වේ ක්ලෝරින් නැති පිරිසුදු උල්පත් ජලය පුංචිම පුංචි කාලය මට අයියලා අක්කලා එක්ක හොඳ ළදරු වයසක් තිබුණා. ඒත් මට අවුරුදු හතරක් වෙනකොට අපේ අම්මා මිය යනවා. මම අප්පච්චිත් එක්ක තනි වෙනවා. වැඩිමල් සහෝදර සහෝදරියෝ මට වඩා හුඟක් වැඩිමල්ය.”
එක් එක් අයගේ ජීවිතවලට විවිධ කාලවකවානු වලදී විවිධ කරදර බාධක පැමිණේ. සුගත්ගේ ජීවිතයට මේ කරදර පැමිණෙන්නේ ඔහු ඉතා කුඩා අවධියේදීමය. ඔහුගේ ජීවිතය මුහුණ දෙන්නට සිදුවන අවාසනාවන්තම, අභ්‍යාගයසම්පන්නම සිදුවීම වනුයේ ඔහුට පාසල් අධ්‍යාපනය අහිමිවීමය. එහෙත් කෙනෙකුගේ දෛවය කාට කෙලෙස නම් වෙනස් කළ හැකිද? විධිමත් පාසල් අධ්‍යාපනයක් අහිමි වුව ද, අද ඔහු ඉන්නා තැන කොතැනද? උත්සාහයත් ධෛර්යයත් සමඟ අද ඔහු ළඟා කරගෙන ඇති සුදුසුකම් කොතෙක්ද? වර්තමානය වන විට එංගලන්තයේ ඔක්ස්ෆ්ර්ඩ් යුනිවර්සිටියෙන් පවා ඩිප්ලෝමාවක් ලැබීමේ භාග්‍යය ඔහු හිමිකරගෙන ඇත.
“මගේ අම්මා නැතිවුණාට පස්සේ බොහෝ වෙලාවට මගේ ජීවිතේ ගෙවුණේ් තුරු වදුල් අතර, ගස් වැල් අතර තමයි. කුමන අවාසනාවකටද මම දන්නේ නෑ. මට අවුරුදු 9ක් විතර වෙනකම්ම කතා කරගන්න බැරි වුණා. ගොතගහමින් කතා කරන්න උත්සාහ ගත්තා. මේ ආබාධිත තත්ත්වය නිසා කිසිම ඉස්කෝලයකට මාව බාර ගත්තේ නෑ. අපේ අප්පච්චි ඉස්කෝලේ විදුහල්පතිවරයා සමඟ රණ්ඩුත් වුණා. නමුත් ඔවුන් කිව්වේ මෙයා ආබාධිත දරුවෙක්. ඒ නිසා ආබාධිත පාසලකට බාර දෙන්න කියලා. අපි පුංචි කාලේ අපේ ගමේ ආබාධිත පාසල් තිබුණේ නෑ. ඒ නිසා මට ඉස්කෝලේ ගමන අහිමි වුණා. පස්සේ කාලෙක අපේ අයියා දෙහිවල එක්කන් ඇවිත් මාව ඉස්කෝලේ දාන්න හැදුවා. ඒ වුණාට අස්වීම් සහතිකයක් නැතුව ඒ ඉස්කෝලෙන් මාව බාර ගන්න බෑ කිව්වා. මේ නිසාම අප්පච්චී අයියයි මං එක්ක ගෙන ආවා. ඇවරියවත්තේ පිරිවෙනක මම හෝඩි පොත නැවත කියවන්නේ අවුරුදු නමේදි. ඇවරියවත්තේ සුමිතාරාම පිරිවෙනේ දී යටියන රතනසාර නායක හාමුදුරුවෝ තමයි මට සුබ නැකතින් අකුරු කියවන්නේ.
ඒ කාලේ මම නැවතිලා ඉන්න පන්සලට හාමුදුරුවන්ට බලන්න පත්තර ගේනවා මම අකුරු කියවන්න දන්නේ නැති නිසා රූප දිහා බලා ඉන්නවා. ඔය කාලේ පුංචි තීරුවක් විදියට පත්තරේ චිත්‍ර කතාවක් පළවුණා. චිත්‍ර කතා බලන්න මම හරි ආසයි. ඒ වුණාට ලියලා තියෙන දේ කියව ගන්න අකුරු දන්නේ නෑ. මම කරන්නේ පිරිවෙනේ ඉගෙන ගන්න අනිත් ළමයි ළඟට පත්තරේ අරගෙන ගිහින් චිත්‍ර කතාව කියවා ගන්නවා. ඉතින් හැමදාම ඔය වැඩේ කරන්න බැරි නිසා මට හිතුණා කොහොමහරි මමත් අකුරු ඉගෙන ගන්නවා කියලා.
මට අකුරු උගන්නපු අපේ හාමුදුරුවෝ හුඟක් උගත් කෙනෙක්. හෝඩි පොත, නම් පොත සතක පොත්, බුද්ධ ගජ්ජය, සික වළඳ සකස්කඩ, සංස්කෘත පොත් පවා කටපාඩමින් කියවනවා. මමත් ගොත ගහ ගහා ඒවා කියවන්නේ ඉගෙන ගත්තා. ඒ කට දරපු උත්සාහය දන්නෙ මං විතරයි.
හිත ඇත්නම් පත කුඩාට යන්නට සුගත් සමරකෝන් හොඳම උදාහරණයකි. ඔහු කෙදිනකවත් තමන් සතු වූ ආබාධ තත්ත්ව නිසා උකටලී වූයේ් නැත. උත්සාහයෙන්ම තම අනාගතය ජය ගන්නට මූලික සුදුසුකම් සපුරා ගන්නට වූයේය. ඔහුට යන්තම් පොත්පත් කියවන්නට හැකි වූ විට ඔහුගේ එකම ආසාව වූයේ පොත්පත් කියවීමය. පිරිවෙනේ ජීවත් වූ අවධියේ සෑම ශිෂ්‍යයෙකුටම වගා කරන්නට වගා බිමක් හිමි වූයේය. සුගත් සිය වගා බිමෙහි කොහිල වගා කළේය. ඉතාමත් සරු අස්වැන්නක් ලැබූවෙන් අස්වැන්න විකුණා ඔහු මිලදීගෙන ආවේ තමන් කියවන්නට ආස කරන පොත් පොත්පත්ය.
ඒ කාලේ අපේ වැඩිහිටි අයියලා අක්කලා දහම් පාසලේදී අපේ අතට දුන්නේ විවිධ කලා සාහිත්‍ය හා සෞන්දර්ය විෂයන් සහිත පොත්පත් ඒවා කියවීමේන් මගේ දේශීය චින්තනය හැඩ ගැහුණා. විශේෂයෙන්ම මාර්ටින් වික්‍රමසිංහ ජී.බී. සේනානායක වැන්නන්ගේ ළමා පොත් නවකතා කෙටිකතා පොත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කෘති සුසිල් ප්‍රේමරත්නගේ චිත්‍රවලින් හැඩ වුණු. පොත් ධර්ම ශශ්‍රී කල්දේරා සිබිල් වෙත්තසිංහගේ පොත් මේවා තමයි අපි පරිහරණය කළේ. පොත් කියවීමෙන් ලද දැනුම තිබුණාට මම කවදාක්වත් විභාගයක් ලියන්න අවස්ථාවක් ලැබුණේ් නෑ. පිරිවෙනේ ඉන්නකොට හාමුදුරුවෝ කිව්ව ඕ ලෙවල් නැතුව ඒ ලෙවල් ලියන්න පුළුවන්. ඉගෙන ගන්න කියලා මම ඉගෙනගත්තට මට විභාග ලියන්න දුන්නේ නෑ. ඉතින් ලංකාවේ පාසල් අධ්‍යාපනය මට අහිමි වුණාට එංගලන්තේ ඔක්ෆගාර්ඩ් යුනිවර්සිටි එකේ පුංචි හරි සහතිකයක් ලබන තැනට මම වැඩ කළා.
සුගත් සමරකෝන් මෙරට කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ 1976 දී අමල්බිසෝ නාට්‍ය රචනා කරමින් ඒ නිෂ්පාදනය කරනුයේ සුසිල් රූපසිංහ විසිනි. එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සහතික හතරක් දිනාගන්නට මෙම නාට්‍ය සමත් වූ අතර දර්ශන වාර 600කට ආසන්න ප්‍රමාණයක් රඟ දක්වා ද ඇත.
ඉන්පසු ඔහු දේශපාලුවා (1974) වීර පුරඅප්පු (1978) කොමාන්ඩෝ දියසේන (1980) උතුරේ රාහුල හිමි (1984) සාගරයක් මැද්දේ (1987) වැනි නාට්‍ය නිෂ්පාදනය කළේය. මේ අතර ඔහුගේ ‘උතුරේ රාහුල හිමි’ නාට්‍යය එවකට අතිශයින්ම ජනප්‍රිය නාට්‍යයක් වූවා සේම මෙරට වේදිකාවේ ආන්දෝලනාත්මක නාට්‍යයක්ද වූයේය. එය දෙවරක් තහනමටද ලක් කරන ලද අතර සුගත්ට සිරබත් විදින්නට සිදුවී ඇත.
වේදිකා නාට්‍ය නිෂ්පාදනය අතරතුරුම ඔහු සිනමාවටද පිවිසියේය. ඔහුගේ ප්‍රථම සිනමා රංගනය වූයේ 1982 තිරගත කළ අධිෂ්ඨාන චිත්‍රපටයෙනි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු ර්‍ණඛ්ධ්ඛ් සහ සරසවිය සම්මාන දිනාගත්තේය. 1991 දී ඔහු ‘යුදª බිමක පූජා’ නමින් වාර්තාමය ටෙලි චිත්‍රපටය නිර්මාණය කළේය. එකල ස්වාධීන රූපවාහිනියේ එය විකාශය විය 1992 දී ‘වියරු මිනිසා’ චිත්‍රපටයේ රංගනයට එක් වූ ඔහු රංගනය සඳහා සරසවිය සම්මානය දිනා ගත්තේය. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘අකාල සන්ධ්‍යා’ ටෙලි නාට්‍යයේ ‘මරු වල්ලියේ මහා නිලමේගේ චරිතය නිරූපණය කළේ ද සුගත් සමරකෝන්ය.
1999 සිට 2008 වර්ෂය දක්වා මම ජීවත් වුණේ එක්සත් රාජධානියේ නමුත් වරින්වර ලංකාවට පැමිණුනා. මේ කාලය ඇතුළත කලාව, රංගනය, සිනමාව පිළිබඳ වැඩිදුර හදාරන්නට මම පෙලඹුණා. 2002 වර්ෂයේදී මම ඊඩඥ බචඡතඥ ධට ඕතඪදඤ ඹධථචද චදඤ බඩඥ ටභදදර ථචද කියන ඉංග්‍රීසි නාට්‍ය හා පොත මුද්‍රණය කළා. ඒ වගේම ඩ්ඥතචඹධධඤ ඒජබඪදඨ ඵජඩධධත නමින් රංගන පාසල විවෘත කළා. 2009 අවුරුද්දේ දී මගේ එකම නවකතාව පතොක් මල් සිහිනයක්. දොරට වැඩියා. 2012 තමයි මම මගේ පළවෙනි චිත්‍රපටය විජය – කුවේණි කරන්නේ ඊට පස්සේ 2014 දී ඇහැලේපොළ කුමාරිහාමි කරනවා. 2015 දී අපේ කාලයේ පටාචාරා’ කළා. 2021 දී යක්ෂා දෝෂය කළා. නමුත් මම ඒක තාම තිරගත කළේ නෑ. ඔය අතරතුර මම තිර රචනා කිහිපයක්ම ලියාගෙන තියෙනවා. ඉන් එකක් වන ‘මරු වල්ලිය’ වැඩ ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා. මේකට පදනම වුණේ 1920 ශශ්‍රී ලංකාව බ්‍රිත්‍යාන යටත් විජිත යුගයේ දේශීය පරම්පරික ‘අංගම්’ පරම්පරා දෙකක් අතර සිදුවුණු බිහිසුණු සටනක්.
මීට අමතරව මම තෛ‍්‍රයිලෝක පත්‍රම් ජාතීන් පහක මිත්‍රයන් පස්දෙනෙක් අතර තණ්හාව නිසා සිදුවූ මා ෙඛිද වාචකයක් වාචකයක්) ‘ඇක්ටින් ලවර් ර්‍ථචපබ 1 (කොළඹ කෞතුකාගාරය පිළිබඳ පුරාවෘත්තයක්) කෞතුකාර වස්තූන්ට පෙම්බැඳි මිනිසුන්ගේ ගුප්ත ආදරයක ඛේදවාචකය “මහා රාවණා (රාවණා රජු පිළිබඳ සත්‍යය ඉතිහාසය ගවේෂණය කොට රචනා කරන ලද්දකි.) අද කවුද? (අද්භූත ගණයට අයත් චිත්‍රපටයකි.) ”පික්චර් පිස්සා” (ඛ්ධථඥඤර). ඛඉඕ සත්‍ය ප්‍රේමයේ භෘංගරාජයා (ඛ්ධථඥඤර) යන තිර රචනා ලියලා තිබෙනවා. ඉදිරියේදී මේවා කරන්න බලාපොරොත්තු වෙනවා.
හේමාලි විජේරත්න
