නිවස කළා පුවත් සරසවිය සම්මානලාභි ප්‍රවීණ සංගීතඥ සරත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ

සරසවිය සම්මානලාභි ප්‍රවීණ සංගීතඥ සරත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වේ

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

සරසවිය සහ ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු වූ සරත් ප්‍රනාන්දු මහතා පසුගිය දින එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය. විශිෂ්ට නිර්මාණ රැසක සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු විරාගය, කරුමක්කාරයෝ, ආදර කතාව, ජනේලය, බැද්දේගම, යහළු යෙහෙළි, උඩුගංයාම චිත්‍රපට වැනි ද ගම්පෙරළිය ටෙලි නාට්‍ය ඇතුළු නාට්‍යය රැසකගේම සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කළේය.

චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය සඳහා පසුබිම් සංගීතය නිර්මාණය කිරීමට අමතරව සරත් ප්‍රනාන්දු දක්‍ෂ ඕබෝ පියානෝ වාදකයෙකුද විය​. ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂ වශයෙන් කලක් කටයුතු කරන ලදි. ප්‍රේක්ෂක සිත් සතන් වැළඳගත් සිංහල ගීත සඳහා සංගීත සංයෝජකයෙකු වශයෙන්ද තම හැකියාව ප්‍රකට කළේය. සිම්ෆනි වාදක මණ්ඩලයේ ඕබෝ වාදකයකුද විය. නිමල් මෙන්ඩිස් තනු නිර්මානය කළ මාස්ටර් සර්, රන් ටිකිරි සිනා, නිම් හිම් සෙව්වා, ගඟ අද්දර​ ඇතුළු ගීත ගනනාවකම සංගීත සංයෝජකයා වීමේ වරම ද ඔහුට හිමි විය. පියසිරි විජේරත්න ගැයු මහියංගනේ ගීතය,

ටී.එම් ජයරත්න ගැයු සුනිල් වන් වලා ඇතුළු සිංහල ගීත ගණනාවක් ඔහු අතින් නිර්මාණය විය​. සරත් ප්‍රනාන්දු හොඳම සංගීතයට හිමි සරසවිය සම්මානය දිනාගත් අවස්ථා කිහිපයකි. 1983 මහගෙදර චිත්‍රපටය​ ට​ ජනාධිපති සම්මාන 1986 ආදර කතාව චිත්‍රපටය​ ට​ හොඳම ගී තනුව සුනිවන්වලා ජනාධිපති සම්මාන 1986 ආදර කතාව චිත්‍රපටය​ට​ සරසවිය සම්මාන 1988 විරාගය චිත්‍රපටයට​, ස්වර්ණ සංඛ සම්මානය 1988 විරාගය චිත්‍රපටය​ ට​ සරසවිය සම්මානය 2007 උඩුගංයාමය​ චිත්‍රපටය​ ට​ ද හිමිකරගත් ඔහුගේ අවසන් කටයුතු පසුගියදා එංගලන්තයේදී සිදු කෙරිණි.

 

 

- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT