නිවස කළා පුවත් මං විවාහයට තෝරගන්නේ කලාවට කැමැති කෙනෙක්

මං විවාහයට තෝරගන්නේ කලාවට කැමැති කෙනෙක්

යොවුන් රංගන ශිල්පීනී ඔවින්යා සිරිවර්ධන

by Mahesh
April 11, 2024 12:30 am 0 comment

රංගනයට පිවිසීමට බොහෝ අය ආසා කරති. මෙවර අපේ කතා නායිකාවටද එය එසේම වූවාය. කුඩා කල ඇතිවූ ඒ ආසාව නිසාම පාසලේ පහ වසරේ (5 වසර) ඉගෙන ගන්නා කාලයේදීම ඇයට රංගනය සඳහා අවස්ථාවක් උදා වූවාය ඒ අතර කාලයේ ඇ පාසලේදී වසර අවසානයේදී පවත්වනු ලැබු විවිධ උත්සව අවස්ථාවන් වල වේදිකා නාට්‍ය තුළින් රංගනයට එක් වූවාය. පසුව පූර්ණ කාලීනව ඒ සියලු වැඩ කටයුතුවලට විරාමයක් තබා ඉගෙනීමට ප්‍රමුඛතාවය ලබාදී අධ්‍යාපන වැඩ කටයුතු අවසන් වන තෙක්ම එය සිදු කළාය. ඒ සියල්ල හමාර විමෙන් පසුව මේ වන විට රැකියාවකද නිරත වෙමින් මෑතකදී නැවතත් ඇය රංගනයට පිවිස ඇත. ඒ දෙවෙනි ඉනිම සීසන් ටූ (season 2) තුළින් ය. එහි එන නිෂාදී හෙවත් ආරණ්‍යාගේ හොඳම යෙහෙළිය ලෙසින් රංගනය එක්වෙමිනි. මෙවර අපේ කතා බහ නවක යොවුන් නිළි ඔවින්යා සිරිවර්ධන සමඟයි.

පදිංචිය කොහෙද

මාලබේ

ඔබ පාසල් ගියේ

එක වසරේදී ඉඳන් ඕලෙවල් දක්වා (1 සිට 11 දක්වා) නුගේගොඩ සුජාතා විද්‍යාලයේ තමා අධ්‍යාපනය ලැබුවේ එතැනින් පස්සේ මම උසස් පෙළට යන්නේ කොළඹ මියුසියස් විද්‍යාලයට

උසස් පෙළට කළේ මොනවද

මැත්ස් තමා කළේ (ගණිත අංශයෙන්) ඉංජිනේරුවරියක් වෙන්න තමා බලාපොරොත්තුව තිබුණේ. නමුත් මට ගවර්මන්ට් යුනිවර්සිටි එකට යන්න ලකුණු මදි වුණා. පස්සේ මම ප්‍රයිවට් කැම්පස් (Private Campus)) එකකට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය වැඩිදුරටත් හැදෑරුවා.

රංගනයේ ඔබේ ආරම්භය ගැනත් කියමු

පාසලේදී නම් වසර අවසානයේ පැවැත්වෙන සෑම උත්සවයකදීම අපි කණ්ඩායමක් එකතු වෙලා නාට්‍ය පෙන්නුවා. මම ඒවායෙත් රඟපෑවා. එතැනින් තමා ආරම්භය සිදු වුණේ.

ඒ කාලේ පාසලෙන් බාහිරවත් ඔබට රඟපාන්න අවස්ථාවක් ලැබුණා නේද

ඔව්, ගඟ අද්දර කියලා ටෙලි නාට්‍යයක සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරපු මට ඒකෙ ළමා චරිතයක් තමා රඟපාන්න ලැබුණේ.

ගඟ අද්දර කියන ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබට වෙනත් ඒවායේ රඟපාන්න කතා කළේ නැද්ද

එහෙම තිබුණා හැබැයි මට ගෙදරින් දෙමාපියන්ගේ උපදෙස් පිට ඒවාට සම්බන්ධ වෙන්න වුණේ නැ.

ඇයි ඒ

මම ඒ කුඩා කාලයේ ආසාවක් තිබුණා රංගන කලාවට ඉතින් ඒ අනුව කුඩා කාලයේදීම මට අවස්ථාවක් ලැබුණා ගඟ අද්දර ටෙලි නාට්‍යයේ රඟපාන්න. පස්සේ මගේ දෙමව්පියෝ කිව්වා දැන් ආසාවට එකක් රඟපෑවා ඇතිනේ දැන් ඉතින් මේවා නවත්තලා ඉගෙනීමට මුල්තැන දෙන්න කියලා. ඉතින් මම දෙමව්පියන්ගේ ඒ උපදෙස් අනුව අධ්‍යාපන කටයුතු වලට පූර්ණ කාලීනව කැපවෙලා ඉගෙනිමේ. වැඩ කටයුතු කරගෙන ගියා

ඊට පස්සෙ

මම උසස් අධ්‍යාපනයත් ඉවර කරලා ලොජිස්ටික් කෙනෙක් ලෙස ජොබ් එකක් කරන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සේ තමා මේ දෙ‍වෙනි ඉනිමට කතා කරන්නේ.

ඒ කොයි කලේද?

මීට මාස පහ හයකට (5-6) උඩදී තමා මට ඒ සඳහා කතා කරන්නේ හරියටම කිව්වොත් අවුරුදු දහතුනකට (13) පස්සේ තමා මේ ටෙලි නට්‍යයට කතා කරන්නේ.

දෙවෙනි ඉනිමට මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ කොහොමද?

සාරංග මෙන්ඩිස් (දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ තුමා) අයියා තමා මට ඒ සඳහා කතා කරන්නේ මම මුලින් එයාගේ ගඟ අද්දට ටෙලි නාට්‍යයට අවුරුදු දහතුනකට (13) ඉහත දී සම්බන්ධ වුණානේ ඒකත් එක්ක මම අධ්‍යාපනයට මුල් තැන ලබා දුන්නා ඒ කතාව ඔක්කොම සාරංග අයියා දන්නවා. ඉතින් ඒ අනුව මම දැන් ඒ අධ්‍යාපන වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා රඟපෑමට යොමු වෙන බව දැනගෙනම තමා මට මේ අවස්ථාව ඔහු ලබා දෙන්නේ.

මෙහි රූගත කිරීම් ආරම්භ කළේ කවද්ද

දෙදහස් විසිතුන (2023) සැප්තැම්බර් මාසෙ වගේ තමා ඒ වැඩ කටයුතු පටන් ගත්තේ

එහි ඔබ රඟපාන චරිතය ගැන කිව්වොත්

නිෂාදි කියලා ආරණ්‍යා කියන කෙනාගේ මම හොඳම යාළුවා ලෙස තමා රගපන්නේ. චරිතයට අනුව මම නර්තන කණ්ඩායමක් කරගෙන යනවා. මේ චරිතයේ දී අපි දෙන්නා හොඳම යාළුවන් ලෙස යහපත් වැඩ තමා කරගෙන යන්නේ.

ඒ චරිතයට ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම දෙවෙනි ඉනිම සීසන් ටූ (ඵඥචඵධද 2) කණ්ඩායම් දෙකක් ඔස්සේ තමා විකාශය වෙන්නේ. එකක් ක්‍රිකට් පැත්ත අනෙක් කණ්ඩායම නර්තනය පැත්තේ. මගේ චරිතය තාම හරියට ප්‍රේක්ෂකයින් අතරට ගිහින් නැ කියලයි මට හිතෙන්නේ. අර ක්‍රිකට් පැත්තෙන් යන කතාව තමයි බෙහෙවින් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඉස්සරහට මගේ චරිතයේ ලොකු වෙනස්කමක් එක්ක මාව ප්‍රේක්ෂකයින් අතරට එයි කියලා.

ඉස්සරහට ලොකු වෙනස්කමක් එක්ක ඔබේ ඒ චරිතය එයි කිව්වා ඒ ගැනත් යමක් කියන්න පුළුවන්ද?

මේ ටෙලි නාට්‍යයේ ක්‍රිකට් පැත්තේ යන රාමුවයි නර්තනය පැත්තෙන් යන රාමුවයි ලෙස කොටස් දෙකක් යනවනේ. මං ඒ ගැන වැඩි විස්තර මේ වෙලාවේ කියන්නේ නැහැ මොකද එහෙම වුණාම ප්‍රේක්ෂකයින්ට කුතුහලයක් ඇතිවෙන්නේ නැ. නාට්‍ය ඉස්සරහට දිගටම බලන්න මගේ චරිතයේ ඒ වෙනස දැකගන්න පුළුවන් වෙවි.

ඔබ නර්තනය හදාරලා තියෙනවද?

මම ඉස්කෝලේ නවය වසරට (9) එනකන් නර්තනය හැදෑරුවා. පොඩි කාලේ ඊට පස්සේ නම් නැ.

එතකොට රංගනය පිළිබදව හදාරන්න අදහසක් නැද්ද?

දැන් මගේ ජොබ් එකේ වැඩයි කලා කටයුතුයි එක්ක කර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ගැනත් බලනවා ඉස්සරහට

දෙවෙනි ඉනිමේ පිරිසගෙන් ඔබට ලැබෙන සහාය කොහොමද

ඇත්තටම ප්‍රවීණ අයගේ ඉඳලා අර්ටිස්ලා සියලු දෙනාමත් ඒ වගේම තේ හදන කෙනාගේ ඉඳලා මෙතෙක් හැම අංශයකම අය මට හොඳ සහයෝගයක් ලබාදෙනවා. ඉතින් අපි ඔක්කොමලා එකට එකතු වෙලා පවුලක් වගේ තමා නාට්‍යයේ වැඩ කරගෙන යන්නේ.

අපි ඔවින්යාගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරෙමු වයස කියන්න පුළුවන්ද?

ම්…….. වයස නොදා ඉමු නේද.

මේ වෙනකොට විවාහකද?

නැ.

පෙම්වතෙක් ඉන්නවද

නැහැ.

මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ටද ඔබේ කැමැත්ත

මේ ක්ෂේත්‍රයේ කෙනෙක්ට නම් මම වැඩිය කැමැත්තක් නැ.

කවදා විතරද විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ

අනාගත සහකරු ඔබට කලාවෙන් අයින් වෙලා ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඉන්න කිව්වොත්

මං හිතන්නේ ඒ වගේ කෙනෙක්ව මම අනාගත සහකරු ලෙස තෝර ගන්නේ නැතිවෙයි. මොකද කලාවට ගොඩාක් ආසා එකට ආදරේ කරන කෙනෙක් මම. අනික තමා මම කරන්නේ යහපත් දෙයක්. මගේ වැඩ වලට උදව් කරගෙන මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙකුට තමා මම කැමති.

ඔබේ අදහස ඉස්සරහට කලාවෙන්මද එ‍හෙමත් නැති නම් රැකියාව පැත්තෙන් ඉදිරියට යන්නද?

රංගනය තුළින් ප්‍රේක්ෂකයින් මට ආදරය කරලා මාව ජනප්‍රිය කරලා ඒ පැත්තෙන් මට ඉදිරියේදී ඇති වන කාර්ය බහුලතාවයත් එක්ක ඒ ගැන ඉස්සරහට තීරණයක් ගන්නවා බලමු.

අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?

මාව විශ්වාස කරලා මේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලබාදීම ගැන දෙවැනි ඉනිමේ නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මියට. ඒ වගේම එහි අධ්‍යක්ෂක සරංග මෙන්ඩිස් මහතාටත් ස්තුතිවන්ත වෙනවා.

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT