නිවස කළා පුවත් ප්‍රසන්නගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට Audience Jury සම්මානය

ප්‍රසන්නගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට Audience Jury සම්මානය

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඉන්දියානු මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රොෂාන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් සමඟ මෙරට මහේන්ද්‍ර පෙරේරා සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන පැරඩයිස් චිත්‍රපටය ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උලෙළේදී ප්‍රේක්ෂක ජූරි සම්මානය (Audience jury Award) හිමි කර ගැනීමට පසුගිය දින සමත් විය.

මේ සිනමා උලෙළ නියෝජනය කිරීම සඳහා මහද්විප පහේම සිනමා නිර්මාණ නියෝජනය කරමින් විවිධ තිර පිටපත් යටතේ විවිධ භාෂාවලින් සිනමාපට ඉදිරිපත් කෙරිණි.

ඉන්දියාව සහ ලංකාව අතර සම නිෂ්පාදනයක් වන පැරඩයිස් චිත්‍රපටය හිමි කර ගත් තුන්වැනි අන්තර්ජාතික සිනමා සම්මානය මෙය වේ. මීට පෙර පැරඩයිස් චිත්‍රපටය කොරියාවේ පැවති බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි කිව් ජෝඩ්න් සම්මානයද, ප්‍රංශයේ වෙසුල් අන්තර් ජාතික ආසියානු සිනමා උලෙළේදී යොවුන් ජූරිය පිරිනමන ලද සම්මානයද හිමි කරගෙන ඇත. එමෙන්ම ආසියානු සම්මාන උලෙළේදී ද මේ සිනමා පටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරකට නිර්දේශ විය. මේ සිනමා පටය එළැඹෙන මැයි අග හෝ ජූනි මුල් සතියේ ලෝක ප්‍රදර්ශනය සමඟ මෙරට ප්‍රදර්ශනය ද ආරම්භ වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT