නිවස කළා පුවත් සුනිල් රත්නායක දසක හතරක දේවතා එළි 18 වැනිදා නෙළුම් පොකුණේදී

සුනිල් රත්නායක දසක හතරක දේවතා එළි 18 වැනිදා නෙළුම් පොකුණේදී

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, භවාත්‍රා වැනි ටෙලි නිර්මාණ දායාද කළ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ගුණාත්මක බවින් වෙනස්ම අයුරකින් නිර්මාණ රස විඳීන්නට අවස්ථාව සැලසූ, කැමරා අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු, ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයකු, ගේය පද රචකයකු හා නිර්මාණශීලි මිනිසකු වන සුනිල් රත්නායක ඔහුගේ දශක හතරක කලා දිවිය අලළා පවත්වනු ලබන ‘දේවතා එළි ප්‍රසංගය’ එළැඹෙන 18 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, කමල් අද්දරආරච්චි, සමිතා මුදුන්කොටුව, උපේඛා නිර්මාණී, භාතිය සන්තුෂ්, රිද්ම වීරවර්ධන, ආදිත්‍යා වැලිවත්ත, විදුෂා රාජගුරු එදින ප්‍රසංගය වර්ණවත් කරති. ටෙලිවිව් ආයතනය විසින් නිර්මාණය කරන ලද හා සුනිල් රත්නායක විසින් නිර්මාණය කරන ලද ගේය පද එදින ප්‍රසංගයේදී සහභාගී වන ගායක ගායිකාවන් ගායනා කරනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT