85
ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන ශිල්පී නොයෙල් ජයමහගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘මුන්ට ලූස්’ වේදිකා නාට්‍යයෙහි මුහුරත් උළෙල මාර්තු 10 දා පැවැත්විණි.
මේ සඳහා එරික් අබේවර්ධන, රොහානී වීරසිංහ, රුක්ෂානා දිසානායක, සුජීව සමන්, සම්පත් සෙනෙවිරත්න, ආසිරි ප්‍රියංග ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති. මුන්ට ලූස් කතාව, දෙබස් සහ රචනය නිල්මිණී වහින්ද්‍රසිංහගෙනි. මෙය ජයන්ත රාජපක්ෂගේ නිෂ්පාදනයකි.