ඉන්දියානු සිනමා කලාපය තුළ මෑතභාගය තුළ වෙිගයෙන් ජනප්‍රියත්වයට පත් සිනමා දහරාවක් වෙි නමි ඒ, කේරළය ප්‍රමුඛ කරගත් මලයාලමි සිනමාවයි. එසේ කියන්නට හේතුවන බොහෝ කරුණු කාරණා තිබෙි. ඉන්දියානු සිනමා කලාපය තුළ බොලිවුඩි, දමිළ සහ තෙළිඟු යන ජනප්‍රිය සිනමා කර්මාන්තයට සාපේක්ෂව වර්තමානය වනවිට මලයාලමි සිනමා කර්මාන්තය අනෙකුත් සිනමා කර්මාන්තයන් වෙත දැවැන්ත අභියෝගයක් වී ඇත. මලයාලමි සිනමාව ග්‍රහණය කරගන්නේ මහා ප්‍රේක්ෂකාගාරයයි. මලයාලමි චිත්‍රපට වතුර මෙන් සුපැහැදිලි කතා වස්තුවලින් සමන්විත වෙයි. එහි සිනමා ආගාධ නොමැත. මලයාලමි සිනමාව මතුපිටින් ගුණාත්මකවූත්, අලංකාරවාදීත්වූත් සරල ස්වරූපයක් ගනු ලැබුව ද එහෙත් ජිවිතය පිළිබඳ ගැඹුරු තැන් ස්පර්ශ කරන්නකි. එසේ ජීවිතයේ පිළිබඳ විවිධ ඉසවි කරා පියමනින මලයාලම් සිනමාවට දිගු ඉතිහාසයක් තිබේ. මලයාලම් සිනමා කර්මාන්තය ආරමිභ වන්නේ 1930 වසරේදී ය. එනමි ‘විගතකුමාරන්’ චිත්‍රපටයෙනි. මලයාලමි සිනමාව විගතකුමාරන් චිත්‍රපටයෙන් එසේ ආරමිභ වෙද්දි ඉන්දියාවේ අනෙක් සිනමාවට සමාන්තරව යහමින් ගොඩ නැඟිණි. අතීතයේ සිටම මලයාලමි සිනමාව කේන්ද්‍ර වූයේ සාහිත්‍ය සහ වෙිදිකා නාට්‍ය වටායි. මලයාලමි සිනමාකරුවන් සැමවිටම ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ තම සිනමාවට හරහා සාකච්ඡාවට ලක් කළේය. කුලය පිළිබඳ අදහස්, ශ්‍රමය සූරා කෑම, වැඩවසම් ක්‍රමයේ බිඳවැටීම වැනි සමාජවාදී අදහස් සේම ඉන්දියානු ජාතිකවාදය පිළිබඳ ප්‍රකාශනයන් 1960 දශකය තුළ මලයාලමි සිනමාවට වස්තු විෂය විය. 1970 දශකයේදී මලයාලමි සිනමාව තුළ නව රැල්ලක් ඇති කළේ ‘අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන්’ නමැති සිනමාකරුවායි. ඒ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය යටතේ වර්ෂ 1972 දී නිර්මාණය වූ ‘ස්වයංවරමි’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටය තුළින් නිරූපණය කළේ පුරාණ විවාහ චාරිත්‍රවලට එරෙහිව යන ඉන්දියානු කාන්තාවක් පිළිබඳවයි.
දශකයෙන් දශකයට මලයාලමි සිනමාව විවිධ විපර්යාසයන්ට ලක් වූ අතර මලයාලමි සිනමාව පිරිහි තිබූ අවධියක නව පුනර්ජීවයක් ලබන්නේ 2010 වසරෙන් පසුවයි. මෙම පුනරුදයට හේතු වූයේ නව අධ්‍යක්ෂවරුන්ගේ කළඑළි බැසීම, නැවුම් තේමාවන් රැගත් තිරපිටපත් නිර්මාණය සහ නව ආඛ්‍යාන ශිල්පීය ක්‍රම බිහිවීමයි. 1990 සහ 2000 දශකය අතර පැවති තිබු සාම්ප්‍රදායික තේමාවලින් බැහැර වන මලයාලම් සිනමා කර්මාන්තයට නව ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේ දී තිරගත වූ සලීමි අහමඩි විසින් අධ්‍යක්ෂණය කළ ”මාකන් අබූ’ චිත්‍රපටය ඔස්කාර් සමිමාන උළෙලේදී හොඳම විදේශීය චිත්‍රපටය සඳහා නිර්දේශ විය. එහි කතාවස්තුව වූයේ සුවඳ විලවුන් අලෙවි කරන ‘අබු’ නමි දුප්පත් වෙළෙන්දා විසින් තම ජීවිතයේ ඇති එකම ප්‍රාර්ථනය වන ‘හජ්ජි’ වන්දනාව සඳහා මක්කම වෙත යෑමට දරන අසීරු උත්සාහය පිළිබඳවයි. එමෙන්ම 2013 වසරේ දී ත්‍රාසජනක – කුතුහලය පිරී බොක්ස් ඔෆිස් ආදායමි ලැබූ ජනප්‍රිය චිත්‍රපටයක් මලයාලමි සිනමාවෙන් නිර්මාණය විය. ඒ මලයාලමි සුපිරි නළු මොහාන් ලාල් විසින් රඟපෑ ‘ඩ්‍රිශ්‍යාම්’ චිත්‍රපටයයි. එය කෙතරම් ජනප්‍රියත්වයට පත්වූයේ ද කියතොත් කන්නඩ, තෙළිඟු, හින්දි, දමිළ, සිංහල, චීන ආදී භාෂාවන් හයකින් චිත්‍රපට හයක් ප්‍රතිනිර්මාණය විය. ලාංකේය සිනමාව තුළ ‘ධර්මයුද්ධය’ චිත්‍රපටය ලෙස නිර්මාණය වූයේ මෙම චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වශයෙනි.
එසේ සාර්ථක ලෙස නව තේමා සහිත චිත්‍රපට රාශියක් නව මලයාලම් සිනමාව තුළින් බිහි විය. මලයාලමි සිනමාව කෙරෙහි විශේෂයෙන් උනන්දුවක් සහ ආකර්ෂණයක් ලාංකේය තරුණ තරුණියන් කෙරෙහි ඇති කරන්නට සමත් වූයේ 2014 වසරේ තිරගත වූ ‘බැංගලෝර්ස් ඩෙිස්’ නමැති මිතුරු සමුහයක් පිළිබඳ කියැවෙන අපුරු චිත්‍රපටයයි. එය නව පරමිපරාවේ මලයාලම් සිනමාකරුවන් ඇසුරින් නිර්මාණය වූ වැදගත් චිත්‍රපටයකි. නව මලයාලමි සිනමා රැල්ල හරහා ‘දුල්කර් සල්මාන්’, ‘ෆාහද් ෆාසිල්’, ‘පෘතුවිරාජ් සුකුමාරන්’, ‘නිවින් පෞලි’, ‘නස්රියා නසිමි’ වැනි නවක නළු නිළියන්ගේ ආගමනයත් සමඟ තරුණ ප්‍රජාව ආකර්ෂණය කරගන්නා ප්‍රේමය පෙරදැරිකරගත් චිත්‍රපට සහ සමාජ ගැටලු පිළිබඳ ප්‍රහසන චිත්‍රපට රාශියක් බිහි විය. විශේෂයෙන් ‘චාලි’ (2015) සහ ‘ප්‍රේමම්'(2015) යන ප්‍රේමණීය චිත්‍රපට ද්ව්ත්වය සහ ෆාහද් ෆාසිල් නමි චරිතාංග නළුවා විසින් රඟපෑ ‘අන්නායුම් රසූලුම්'(2013), ‘නෝර්ත් 24 කාතමි'(2013), ‘මහේෂන්ති ප්‍රතිකාරමි’ (2016), ‘තොන්ඩිමුතාලුමි ඩ්‍රික්සකෂියුමි ‘(2017), ‘එන්ජන් ප්‍රකාශන්'(2018) වැනි පුද්ගලයකුගේ මානසික සංකීර්ණ සිතුවිලි රැගත් ගැඹුරු උපහාසය සහිත චිත්‍රපට වඩාත් මලයාලමි සිනමාව ලෝකය පුරා සිනමා ප්‍රේක්ෂකයන් වඩාත් ආකර්ෂණය කරගන්නට සමත් වීම කැපී පෙනෙන්නකි. විශේෂයෙන් ෆාහද් ෆාසිල් නමි විශිෂ්ට නළුවාගේ රංග ප්‍රතිභාව විසින් සමිපූර්ණයෙන්ම පාහේ මලයාලමි සිනමාව උඩුයටිකුරු කළ ප්‍රධාන සාධකයක් විය. මලයාලමි සිනමාව තුළ ඔහු ගොඩනඟාගත් අනන්‍යතාවය හරහා අවසානයේ දමිළ චිත්‍රපටවලට, තෙළිඟු චිත්‍රපටවලට පවා ඔහුගේ රංගන හැකියාව යොදාගත්තේය.
“Angamaly Diaries (2017) වැනි මලයාලමි චිත්‍රපටයක් තුළින් ගම්මානයක වෙසෙන තරුණ කල්ලි දෙකක් අතර ඇතිවන ගැටුම නිරූපණය කරයි.”The Great Indian Kitchen” (2021) චිත්‍රපටය හරහා කාන්තාවට එරෙහිව පුරුෂාධිපත්‍යය සහ විවාහය පිළිබඳ සංකල්පය විවෙිචනයක් ලෙස ගෙන එමින් එය සාකච්ඡා කරයි. මෙම චිත්‍රපට ද්විතය මෑතභාගය තුළ මලයාලමි සිනමාව යථාර්ථවාදී සිනමාවක් කරා රැගෙන ගිය චිත්‍රපට ද්විත්වයකි. එමෙන්ම මිථ්‍යාව සහ ආගම පිළිබඳ දෘෂ්ටිවාද විවෙිචනය කරන’Trance’ (2020) චිත්‍රපටය විචාරකයන් අතර සාකච්ඡාවට ලක් වූ අපුරු සිනමාකෘතියකි. ගවමස් වෙනුවෙන් ගවයකු දඩයමි කිරීමෙි පසුපස යන මිනිසුන් රැළකගේ පාදඩ ගති ස්වභාවය පිළිබඳ නිරූපණය කරන ‘Jallikattu’ (2019) චිත්‍රපටය 2020 වසරේ ඔස්කාර් සමිමාන උළෙලේදී හොඳම විදේශීය චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ නාම දිනා ගත්තේය.
2024 වසරට අදාළව මලයාලමි සිනමාව වාණිජ වශයෙන් අත්කරගත් ප්‍රතිඵල බොහෝයි. එහිදි ‘ප්‍රේමලු’ චිත්‍රපටය විසින් ඉන්දියානු රුපියල් කෝටි 3ක් වැනි අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනය කරමින්, එය ලොව පුරා තිරගත කිරීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 136 වැනි දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකමි කියන්නට සමත් විම සුවිශේෂී. මලයාලම් සිනමා ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් වැඩිම ආදායම ලැබු චිත්‍රපටය විදියට නමි වෙන්නට 2024 වසරේ තිරගත වු ‘Manjummel Boys’ චිත්‍රපටයට හැකි වෙනවා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 242ක් අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගනිමින්. ඉන්දියානු රුපියල් කෝට් 20ක වියදමින් තැනුණු’Manjummel Boys’ චිත්‍රපටය මෙලෙස කෝටි 242ක ආදායමක් ලබා ගත්තේ වසරේ වැඩිම ආදායමක් ලැබු ඉන්දියානු චිත්‍රපට අතර තුන්වැනි ස්ථානය ලබා ගනිමින්. ඒ ‘ෆයිටර්’ බොලිවුඩි චිත්‍රපටයට සහ ‘හනුමාන්’ තෙළිඟු චිත්‍රපටවලට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින්. චිත්‍රපටයේ කතාව සඳහා පාදක වන්නේ 2006 වසරේ සිදු වූ සත්‍ය කතාවක් ඇසුරින්. ඒ කේරළයේ කෝචි පළාතට අයත් මංජුමෙල් ගම්මානයේ තරුණයන් පිරිසක් විසින් තමිල්නාඩුව බලා යන විනෝද චාරිකාවකදි සිදුවන ඛේදනීය අනතුරක් පිළිබඳ සිද්ධි දාමයන් කිහිපයක් වටායි.
සමකාලීන මලයාලමි චිත්‍රපට මෙතරමි සාර්ථකවීමෙි රහස ලෙස ඔවුන්ගේ චිත්‍රපට වටිටෝරුව බවයි මගේ පෞද්ගලික නිරික්ෂණය නමි. මන්ද කේරළයේ ජීවිතය පිළිබඳ අව්‍යාජ ලෙස නිරූපණය විසින් සපයන සැබෑ ජීවිතයේ සිදුවීම් සහ සමාජ ගැටලු චිත්‍රපට සඳහා තේමා කර ගනී. ප්‍රංශ නව රැල්ල (French New Wave) සහ ඉතාලි නව යථාර්ථවාදී (Italy Neo realism) යන සිනමා ප්‍රවණතාවන් ද්විත්වය සිහි ගන්වයි. එදිනෙදා ජීවිතයේ අප අත් දකින පවුල තුළ ඇතිවන ගැටුමි, අක්‍රමවත් මුදල් ගනුදෙනු, ඉඩම් ආරවුල් වැනි ප්‍රශ්න ද, අභිරහස් ඝාතනය විසඳන අයුරු වැනි කුතුහලය පිරී සිදුවීමි සමකාලීන මලයාලමි චිත්‍රපට සඳහා වස්තු විෂය වෙයි. ප්‍රශස්ත තිර රචනය, නළු නිළියන්ගේ අව්‍යාජ රඟපෑම, කැමරාකරණය, පසුබිමි සංගීතය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය වැනි සෑම අනුෂාංගික අංශයක් කෙරෙහිම දක්වන පරිපුර්ණ බව නිසාම මලයාලමි චිත්‍රපට ප්‍රශස්තවූත් ගුණාත්මකවූත් චිත්‍රපට වීමට හේතු වෙයි.
අනෙක් අතට කේරළ ප්‍රදේශය තුළ තිබෙන කොළ පැහැති කැලෑබද පරිසරයකින් සුසැදි ගමිබද සුන්දරත්වය මලයාලමි චිත්‍රපට සඳහා යොදා ගැනීම ප්‍රේක්ෂකයන් දැඩිව ආකර්ෂණය කර ගැනීමට යොදන කදිම උපක්‍රමයකි. මලයාලම් සිනමාව ඉන්දියානු සිනමාව තුළ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට සමත්ව ඇත්තේ ද ඔවුන්ගේ සිනමාපටයන්වල තිබෙන ආවේණික ගුණයත් සහ ඉහළ පෙළේ තිර රචනාමය ගුණය නිසාවෙනි. නව මලයාලමි සිනමාව වාණිජ සිනමාවත්, කලාත්මක සිනමා දහරාවත් අතර ඇති මැද මාවතේ ගමන් කරන සිනමාවක් ලෙස හැඳීන්වීම ද උචිත ය. වර්තමානයේ මලයාලමි සිනමාව ගෝලීය සිනමාවක් කරා ගමන් කිරීමට ද ඔවුන් සතු නිර්මාණශීලිබවත් නව්‍යබවත් හේතු වී ඇති බව නිරික්ෂණයයි.
ඉමල්ක විතානගේ