Home » එදා තුවාලයට බෙහෙත් දාපු නිළිය පසුව මගේ බිරිඳ වුණා රංගන ශිල්පී රංජිත් ගුරුසිංහ

එදා තුවාලයට බෙහෙත් දාපු නිළිය පසුව මගේ බිරිඳ වුණා රංගන ශිල්පී රංජිත් ගුරුසිංහ

by mavan
April 23, 2026 9:39 am 0 comment

ජීවිය කොතෙක් දුරට සාරථක වීද යත් කිසිවෙක් කිසිවකුට තම සහකාරිය මොන ආකාරයෙන් හමුවේද යන්න කිව නොහැකිය. එවැනි දෙයක් මාගේ ජීවිතයටද බලපායි කියා කිසිවිටකත් නොසිතුවේය. මන්ද මා එවකට නාට්‍යයක කඩු සටන් පුහුණු වෙද්දී එම නාට්‍යයේම ප්‍රධාන නිළිය මාගේ බිරිද වීම කිසිවිටක් නොසිතු දෙයකි. මන්ද මා වික්‍රමගේ චරිතය රඟපාමින් කඩු සටහන්පුහුණු වේද්දි මාගේ අත කඩුපහරකට තුවාල විය. එම තුවාලයට නාට්‍යයේ ප්‍රධාන නිළිය ප්ලාස්ටරයක් ගසා වික්‍රම අයියාගේ තුවාලය මෙකෙන්ම හොදවෙයි කිවා.

නමුත් එදා ඒ ගහපු ප්ලාස්ටරය කොතෙක් ශක්තිමත් වීද යත් අද ඇය මාගේ ආදරණීය බිරිද වී සිටින බව ඉතා නිහතමාණී ආඩම්බරයකින් ජාතික කලාකරු දේශමාන්‍ය රජිත් ගුරුසිංහ මහතා පැවසුවේය.

ඔබ කලාවට සම්බන්ධ උනේ මොන අවධියේද?

කලාවට සම්බන්ධ වුණේ 1978 වසරේ මම තරුණ කාලේ. පාසල් අවධියේදී ටිකක් රස්තියාදු ගහන්න පටන් ගත්තා ම, මගේ අයියා මේක දැකලා එයා තමයි මාව මුලින්ම කලාවට සම්බන්ධ කළේ.අයියගේ නාට්‍යයක් තිබුණා ‘‘දෙව්ලොව යනකං” කියල. ඒ නාට්‍යයේ යකෙක්ගේ චරිතයේ රඟපාන්න මාව ගත්තා. ඊළඟට ‘‘මායා ලෝකය” යන නාට්‍යයේ කුඩු මුදලාලිගේ චරිතය රගපාන්න මට අවස්ථාව ලැබුණා.

නාට්‍යවල රඟපාන්න පටන් ගත්තෙ පාසල් අවධියේද?

කැලණි ගුරුකුල මහා විද්‍යාලය මා ඉගෙන ගත්තේ. ඒ කාලයේදී මා නාට්‍යවලට සම්බන්ධ වුණා. එවකට මට හඳුනාගන්න හැකිවුනා ආනන්ද එස් විජේසිරි මහතා. එතුමා ඒ කාලෙ චිත්‍රපටි සංස්ථාවේ සේවය කළේ. එතුමාගේ‘‘දෙව්ලොව යනකන්” නාට්‍යයේ ‘‘නැට්ටුක්කාරයෝ” යන නාට්‍යවලට රගපාන්න සම්බන්ධ වුණා. ඊට පස්සේ මට හිතුණා මීට වැඩිය ඉදිරියට යන්න ඕනේ කියලා සුදර්ශී ආයතනය ගියා. එහිදී ඩේසන් අමරසිංහ මහත්මයා මට හමුවණා. එතුමා දැන් අප අතර නෑ, එතුමාගේ තිබුණා නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක්. ඒක හදාරන්නයි මම ගියේ. නමුත් එතුමාට තියෙන්නෙත් මගේම හැඩහුරුකමයි කියා හුග දෙනෙක් කියන්න ගත්තා. ඩේෂන්ගේ මල්ලි ඇවිල්ල කියලා තමයි කියන්න ගත්තේ.

ඊට පස්සේ මොකද කළේ ?

ඔහොම ඉන්නකොට මා සුදර්ශි එකට යන්න පුරුදු වුණා. උදේට ගෙදරින් රස්සාවට යනවා වගේ ගිහින් එහි නුග ගහ ට ගිහිල්ලා කතා කර කර ඉඳලා ගෙදර එනවා. එහිදි ඩේෂන් ආනන්ද මහතා හදුනා ගන්නවා. එතුමා මගේ ගුරුවරයා වුණාට යාළුවෙක් තරමට අපි හිතවත් වුණා. කතාබහ කරලා කරලා. ඒ අතරතුරු තමයි නිහාල් සිල්වා නුගගහයට හැදුවා වේදිකාවක්. ඊට පස්සේ වේදිකාව විවෘත කළේ එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. එවකට අනෝජා වීරසිංහ මහත්මිය ජාත්‍යන්තර සම්මානයක් ලබාගෙන මෙරටට පැමිණ සිටියා. මේ වේදිකාව විවෘත කරන දවසේ එතුමියට එන්න කියලා සම්මානයක් ප්‍රදානය කළා ජනාධිපතිතුමා අතින් .ඒ අවස්ථාවේදී ඩේෂන් අමරසිංහ මහත්මයා ලිව්වා කෙටි නාට්‍යයක් විනාඩි විස්සක.

කෙටි නාට්‍යයේ මමත් චරිතයක් කළා. ඒ නාට්‍යෙය් නම තමයි “සමගි විලා”. ඒ නාට්‍යෙයන් කියවැන්නේ සමගිවෙලා එකතු වෙලා නිවසක් හදනහැටි. මේ නාට්‍ය ජනාධිපති ප්‍රේමදාස මහත්තයට හිතට වැදුණා. ඒ නාට්‍යයේ රඟපෑවා පේමසිරි කල්පගේ, රත්නා සුමනපාල, පියකරු දීපාල් සිල්වා, විපුල විතානමගේ කට්ටිය රඟපෑවේ. එම නාට්‍ය යේ මමත් චරිතයක් රඟපෑවා.

වියදම් කරන සල්ලි එකතු කරලා අම්මයි තාත්තයි පුතයි දුවයි එකතුවෙලා අඩු වියදමින් නිවසක් හදන හැටි මේ නාට්‍යයෙන් කියවෙන්නේ. ජනාධිපති ප්‍රේමදාස මහත්මයා කිව්වා මේ නාට්‍යය පැයකට දික් කරලා උදාගම් වලට ගෙනියන්න හදන්න කියලා. ඊට පස්සේ ඩේෂන් අමරසිංහ මහත්තයා මේ නාට්‍යයෙන්ම හදලා අපි හොඳට පුරුදුවෙලා ලංකාව වටේම ගම් උදාවට නෙමෙයි උදාගම් වල පෙන්වන්න අරන් ගියා. මේ හැම උදාගමකම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා ගේ කතාවෙන් පස්සේ අපේ මේ නාට්‍යය පෙන්වනවා.

මෙහි විශේෂත්වය මොකක්ද?

මට කියන්න විශේෂ දෙයක් තිබෙනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන්ගෙන්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් තමයි කලාවට යමක් කලේ. කලාකරුවන්ට විශේෂ ඇගයීමක් කලා. එදා පදික වේදිකාවේ සිංදු කියපු කට්ටිය රූපවාහිනියට ගෙනවා. ‘‘මාවතේ අපි කියලා” ඒ කියන්නේ මාවතේ අපි කියලා පදික වේදිකාවේ සිටිය කලාකරුවන්ට වේදිකාවක් හදලා දුන්නා.

ඊට පස්සේ ලංකාවේ ලොකු කලබල යුගයක් ඇතිවුණා. ඊට ඊට පස්සේ නාට්‍ය කරන්න විදියක් නැතුව ලොකු ගැටලු වලට පත්වෙච්ච යුගයක් බවට පත්වුණා. තැන් තැන්වල බෝම්බ පුපුරන්න ගත්තා ඒ කාලේ මම ‘‘පුරුෂාන්ත” කියන නාට්‍යයේ රඟපෑවා. ඉන් අනතුරුව 1994 දීමා විදේශ ගත වුණා.

මට කලා ජීවිතය එපාම වෙලා තමයි මං විදේශගත වුණේ.

ලංකාව එපා වෙන්න හේතු වුණේ මොකද?

රටේ වාතාවරණය ඉතාම නරක පැත්තට හැරුණා. එහෙන් බෝම්බ පුපුරන්න ගත්ත තැන් තැන්වලින්. මේ වෙලාවේ මගේ බිරිඳට හා දරුවෝ දෙන්නට ස්තූති කරන්න ඕනේ. ජීවත් වෙන එක ඉතා අමාරු තත්ත්වයක් උදාවු නිසා රට යන්න තීරණය කලාට. එහෙම හිතලා මම කටාර් රාජ්‍යයට ගියා. එහි ගියාට පස්සේ මම හොඳ නිවේදකයෙක් වුණා. ඒ රටේ ක්‍රිකට් තරඟාවලි නිවේදිකයෙක් හැටියට මම ප්‍රචාරක කටයුතු කරන්න ගත්තා. අවුරුදු උත්සවවලත් නිවේදයකු හැටියට කටයුතු කළා. 1994 රේ කටාර් රාජ්‍යයේ පැවැති විකට ඇඳුම් තරඟයකටය සහභාගිවී මා පළවෙනියා බවට මම පත්වුණා. විකට ඇඳුම් තරගයේ මම අහිගුන්ඨක චරිතයක් ලැබුණේ කරන්න. ඒකේ වඳුරෙක් නටවන චරිතය තමයි මම කළේ. ඒ අවදියේ කටාර් රාජ්‍යයට තානාපති කාර්යාලයක් තිබුණේ නෑ. ඩුබායිවල තානාපති තුමා මේ උත්සවයට ඇවිල්ලා හිටියා. එහිදී මගේ ළඟට ආපු තානාපතිතුමා ඔබතුමා ලංකාවෙත් මේ රැකියාවද කළේ කියලා ඇහුවා.

ඔබ එතකොට මොකද කීවේ?

මම එක හොඳට කළා කියලා කීවා. තමන් ලංකාවේ දක්ෂ වේදිකා නළුවෙක් වෙයි කියල සදහන් කලා. ඒ රටේ ඉන්න අවධියේදී තමයි පරිගණක තාක්ෂණ රධභබභඡඥ, බඪඬබධඬ ආවෙ. ඒ අවධියේ මම සමාජ මාධ්‍යයට යොමු වුණා. ඊට අමතරව තානාපති කාර්යාලයේ සුභසාධක සංගමයට බැඳීලා එහි සභාපති ධුරය දක්වා කටයුතු කළා. ඒ ඉන්න අතරේ ගොඩාක් සමාජ සේවා කටයුතුවලට කටයුතුවලටයොමු වුණා. ජනතාවට රැකියා සොයා දෙන්න රධභ බභඡඥ ජඩචදදඥත හරහා කටයුතු කලා. “ශශ්‍රී ලාංකීක කටාර් අපි” කියලා යූටියුබ් චැනල් එකක් කලා. සිංහගුරු කියලා කොමඩි යු ටියුබ් චැනල් එකක් කළා. ඒකෙ දැනට බලන අය විසිදාකට වැඩියේ ඉන්නවා. ඒකේ මම දැම්මා ශශ්‍රී ලාංකික අයගේ තොරතුරු හා කටාර් රාජ්‍යයේ ශශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු පළ කළා. රැකියා වේකන්සීස් ඊට අමතර ලංකාවේ ව්‍යාපාරිකයෝ එය රටේ ඉන්න තැන් වලට ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වීඩියෝ කරලා පල කරන්නයුතු කළා. මගේ යූටියුබ් එකේ මගේ මගේ ෆේස්බුක් එකේ මගේ ටචජඥඡධධඬ එකේ පළ කරන්න ගත්තා. ඒක හැක් කරලාත් තිබුණා. කටාර් රාජ්‍යයේ ආරක්ෂක අංශවල තිබුණ දේවල්ද මම සිංහලට පරිවර්තනය කරලා මගේ ෆේස්බුක් එකේ පළ කරන්න ගත්ත. ඒවාට ලැබුණු සම්මාන සහතිකත් තියෙනවා මට. මේ රටේ තානාපති කාර්යාලයත් එක්ක එකතු වෙලා කරන ශශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුව, ශශ්‍රී ලංකා සුබ සාධක සංගමය යන ඒවායේ සභාපති ධුරය දක්වා මා කටයුතු කළා. තව තිබුණා ශශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය යනුවෙන් සංගමයක්. මේ සංගම් තුනේම එකතුවෙලා විශාල සේවයක් කරන්න පුළුවන් වුණා ශශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔය අවධියේ මම මගේ චැනල් එකෙන් ප්‍රචාරය කළා මං යළිත් ශශ්‍රී ලංකාවට යනවා කියලා. වෙලාවේ ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාව ජනතාව මට විශාල තෑගි භෝග අඬගහලා ලබා දුන්නා. මාත් නෝනත් බබාල දෙන්නත් වසර තිහක කාලයක් කටාර් රාජ්‍යයේ හිටියා.

නාට්‍ය කලාවට පැමිණියත් තාමත් තම බිරිද හමුවු හැටි කිවේ නැහැනේ ?

මා තරණ අවධියේ නාට්‍යයක රඟපාන කොට නාට්‍යයේ ප්‍රධාන නිළියට හිටියේ අද මගේ බිරිඳයි. පුහුණුවීම් කරනකොට කඩු සටන් ජවනිකාවක් තිබුණා. ඒක කඩු සටන් පුහුණු වෙනකොට කඩුවකට මගේ අත තුවාලයක් තුවාල වුණා. අතින් ලේ පෙරෙන්න ගත්තා. ඒ වෙලාවේ බලනකොට ප්‍රධාන නිළිය අතරුදහන් වෙලා. නමුත් ටිකක් වෙලා යන කොට ප්ලාස්ටර් කෑල්ලකුත් අරගෙන ඇවිත් ප්‍රධාන නිළිය මගේ ඇඟිල්ලට ප්ලාස්ටරේ ගහලා වික්‍රම අයියගේ තුවාල මේකෙන්ම හොඳ වෙයි කියලා කීවා. නමුත් කවදාවත් හිතුවේ නෑ එදා මට ප්ලාස්ටරේ ගහපු නිළිය මගේ බිරිඳ වෙයි කියලා.

ලංකාවට ඇවිත් මොකද කළේ?

ලංකාවට ආවේ බිරිඳගේ අසනීප තත්ත්වයට බෙහෙත් ගන්න. එවකට ‘‘සිංහ ගුරු” කියල කොමඩි රධභබභඡඥ චැනල් හදාගෙන හිටියා

මං දැක්කනේ ටෙලිනාට්‍යයක කපු මහතකුගේ චරිතයක් රඟපානවා?

මට අහම්බෙන් වගේ හම්බුණා ‘‘මගේම දෝ” කියන නාට්‍ය රඟපාන්න. ඒකෙ අධ්‍යක්ෂකතුමා මට අඬගහලා තිබුණා. “බේකරි ගෙදර” නාට්‍යයේ රඟපාන්න ඊට පස්සේ මට වෙබ් සයිට් එකක් හරහා මට චරිතයක් ලැබුණා “අකුරුට යන වෙලාවේ” කියන ටෙලි නාට්‍යයේ කපුමහතකුගේ චරිතයක් රඟපාන්න.

ඊට පස්සේ ටෙලි නාට්‍ය කීයක රගපාන්න අවස්ථාව ලැබුනද?

දයාරත්න රටගෙදර මහත්මයා මට කතා කරලා තියෙනවා ඔහු විසින් අධ්‍යක්ෂණය කරන “තුත්තිරි මල්” නාට්‍යයක රඟපාන්න. ඒකෙ තව රූපගත කිරීම් කළේ නෑ. ඒක කරන්න තියෙනවා

ඊට අමතරව මට ලොකු අවස්ථාවක් ලැබුණා ආනන්ද පින්නවල මහත්මයාගේ චිත්‍රපටයකුත් රඟපාන්න.

මේ කලාවට එන්න කවුරු හරි අත දීලා තියෙනවාද?

වේදිකාවට ගෙනාවේ මගේ අයියා මුලින්ම අත දුන්නා. ඊට පස්සේ ආනන්ද මහත්තයා මට අමතක කරන්න බෑ. ඊට පස්සේ මම ගියා සුදර්ශී එකේ පැවති ඩේෂන් ආනන්ද මහත්මයා හමුවන්න. එතනදි ඔහුව හදුනාගෙන පසු කාලයේදී ඩේෂන් ආනන්ද මහතා එදා මට ගුරුවරයෙක් වුනා. පසුව තුමාගේ නාට්‍යවල මං රඟපෑවා.

ජනප්‍රියට පත්වු කලාකරුවකු හැටියට ඔබට බිරිඳගෙන් සහයෝගය ලැබෙනවාද?,

අත්තටම මේ මගේ ගමනට අතදුන්න මගේ බිරිදටමුලින් ම ස්තුති කරන්න ඕනෑ. මගේ දරුවෝ දෙන්නා ට, ඩේෂන් අමරසිංහ මහතාට හා නිශාන්ත ප්‍රදිප් ජයවර්ධන මහතාට, මගේ ඇවරිවත්ත ගමේ ජනතවාට ස්තුති කළ යුතුයි.

ඉදිරියේදි මොනවාගේ නාට්‍යවලද රඟපාන්නේ?

ඉදිරියේදී විලියම් ක්ෂේපියර්, ජුලියට සීසර් වැනි නාට්‍ය කිහිපයක රඟපාන්නවා.

නිමල් රාජපක්ෂ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT