ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයක් වන හිරන්න්යා ප්‍රනාන්දුගේ නවතම නිෂ්පාදනය වන නෙලුම් කුලුන දින 100ය සපුරමින් වාර්තා රැසක් තබා ඇත. වසර 17 කට පසු ලොව ඒ ශ්‍රේණියේ සිනමා සම්මාන උලෙළකදී Black Nights Film Festival, Tallinn Estonia – ශ්‍රී ලාංකේය කුලුඳුල් සිනමාපටයක් සම්මානට පාත්‍ර වූ තෙවැනි වතාවද ශ්‍රී ලාංකේය සිනමාපටයක් පිටරටකදී ප්‍රථම වරට ප්‍රතිනිර්මාණය (remake) වීම රටවල් 6ක භාෂා 7කින් සතියක් තුළ නැරැඹූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ප්‍රේක්ෂකයන් 128, 233ක් විය.
එක් දිනයකදී වාර්තා වූ වැඩිම Houseful දර්ශනවල සංඛ්‍යාව 82 කින්ද, සිංහල සිනමාපටයක් එක් දිනයක් තුළ වාර්තා කළ ඉහළම ආදායම වන රුපියල් මිලියන 16.7 වාර්තා කිරීමට සමත් විය, පළමු දින 30 තුළ දිවයින පුරා Houseful දර්ශනවාර 600කට වඩා වැඩි වාර්තාවක් සහ දෙවැනි සතිය ආරම්භයේදී එක් දිනක වැඩිම දර්ශනවාර ගණන.PVR සිනමා සංකිරණය එක් දිනකදී දර්ශනවාර 21ක් දscope Cinemas – Havelock City Mall එක් දිනකදී දර්ශනවාර 17ක්, Scope Cinemas – Colombo City Center එක් දිනකදී දර්ශනවාර 15ක් තිරගත කෙරිණි. රාත්‍රී 11.30 දර්ශනවාරය වාර්තාගත ලෙසBook My Show සමඟ දින 50ක පසුවත් සිනමාශාලා 66ක දර්ශන වාර 129 ක් තිරගත කෙරිණ.
විදේශ රටවල් 21 වන ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඉතාලිය, එස්තෝනියාව, ෆින්ලන්තය, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය, බ්‍රසීලය, නයිජීරියාව, ස්කොට්ලන්තය, ස්විස්ටර්ලන්තය, ග්‍රීසිය, නේපාලය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය ඒ අතර විය.
ඕධධඬ ර්ර ඉඩධඹ වාර්තා අනූව, සිංහල චිත්‍රපට අතුරින් වැඩිම ටිකට්පත් සංඛ්‍යාවක් අලෙවි වූ සිනමාපටය විය. මෙයට අමතරව ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ලෙස පැය 24ක් තුළ ටිකට්පත් 1,500ක් අලෙවිය එක් සති අන්තයකදී ඕස්ට්‍රේලියාව පුරා Houseful දර්ශනවාර 28ක වාර්තාගත ප්‍රදර්ශනයක්, ඕස්ට්‍රේලියාවේදී දින 30ක් තුළ ටිකට්පත් 10,000ක අලෙවි වාර්තාවක් පිහිටවීමට දින සීය පසු කරන විට නෙලුම් කුලුන සිනමාපටයට හැකි විය.
ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දනී සෙනෙවිරත්න, තුසිත ලක්නාත්, ගයත්‍රි ආලෝකා, චමිලා පිරිස්, සමන් කෝරලගේ, සුලෝචනා වීරසිංහ, දිල්හානී අශෝකමාලා, ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක් වෙති.