148

වසර 68 දිගු ඉතිහාසයක් ඇති ශශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණෙන් පවත්වනු ලැබූ පැදුරු පාටිය පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස දමයන්තී ද අල්විස් සමඟ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් ඒ සඳහා එක්වූහ. මේ සඳහා දිවයින පුරා ශාඛා 17ක සාමාජිකයන් අතුරුගිරිය ඔසාරා මියුසික් ඇකඩමියේ සංගීතයට ඉදිරිපත් කළ ගැයුම් වැයුම් සමඟ නර්තනයෙන් පැදුරු පාටිය වර්ණවත් විය.
