18
කැලණිය විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ (ගම්පහ ශාඛාව) සංවිධානය කරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය මැයි මස 10 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය එදින පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා ගම්පහ ඔරුතොට කායා නිවාඩු නිකේතනයේදී පැවැත්වේ.
මේ සඳහා විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ට, වර්තමාන සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහභාගී විය හැකිය. එදිනට ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකිබව සංවිධායක මණ්ඩලය දන්වා සිටී.