ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ දයාරත්න රටගෙදර කලකට පසු ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි. තුත්තිරි මල් නම් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ශි්රයන්ත මෙන්ඩිස් විසිනි. ශ්‍රීයන්ත මීට ප්‍රථම රටගෙදර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ බෝගල සවුන්දිරිස් ටෙලි නාට්‍යයේ බෝගල සවුන්දිරිස්ගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් අතර නමක් දිනාගත්තේය.
තුත්තිරි මල් සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන, පාලිත පෙරේරා, රංගන ප්‍රේමරත්න, සෝමදාස බිංදුහේවා, සමන් ප්‍රේමරත්න, හැරී විමලසේන, හර්ෂ ශ්‍රී විජේසිංහ, අශේන් (ළමා නළු), කුසල් (ළමා නළු), කාන්ති නිසංසලා රංගනයෙක් දායක වෙති.
තුත්තිරි මල් රචනය, දර්ශන රණතුංග, පුබුදු ඩයස්, ජගත් ජයසේන විසිනි. ත්රිශූලදීප තඹවිට කැමරාකරණයෙන්, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් අංග රචනයෙන් දිනේෂ් දායක වෙති. තුත්තිරි මල් ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රියනාත් රත්නායක විසින් වන අතර ගීත ගායනය අනුරාධා නන්දසිරිගෙන් වන අතර ගීත රචනය පී‍්‍රති රන්දෙණියගෙනි. මෙහි සහය අධ්‍යක්ෂණය සෝමදාස මල්දෙණිය ගෙනි. මෙහි මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම රංග ශාලාවේ නළු නිළි, කාර්මික ශිල්පීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.