Home » ඔක්තෝබර් 02 වැනි දා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹේ

ඔක්තෝබර් 02 වැනි දා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹේ

by Thanushika
September 25, 2025 10:07 am 0 comment

ආලෝකො උදපාදී සිනමා පටයෙන් අධ්‍යක්ෂණයට පිවිසී චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා පටය වන ආයු ඔක්තෝම්බර් 02 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරැඹේ. ජෙනරාල් දයා රත්නායක සහ යසස් රත්නායකගේ නිෂ්පාදනයකි.

ජගත් මනුවර්ණ, සැන්ඩ්‍රා මැක්, අශාන් ඩයස්, මාලිනී ෆොන්සේකා, ප්‍රියන්ත සිරිකුමාර, නලින් ලුසේනා, තුමිඳු දොඩන්තැන්න, කෙනාරා විජේතුංග, උදාර අබේසුන්දර, දනුෂ්කා සෙනවිරත්න, කසුනි කාවින්ද්‍යා, සමඟ ගරු රඟපෑම් සම්පත් ජයවීර, දසුන් පතිරණ, අකලංක ප්‍රභාෂ්වර, ප්‍රසන්න දැකුම්පිටිය, තිවංක රණසිංහ රංගනයෙන් එක්වෙති.

ආයු සමන් වීරමන්ගේ කතාවකට චත්‍ර වීරමන් සහ ශක්ති වීරසිංහ විසින් තිර රචනය කරන ලද්දෙකි. මේ සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් කාලිංග දේශපි‍්‍රය, සංස්කරණය සමන් ඇල්විටිගල අංගරචනයෙන් හර්ෂ මංජුල, ශබ්ද සංකලනයෙන් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, කලා අධ්‍යක්ෂණයෙන් කුමාර කරව්දෙණිය, සංගීත අධ්‍යක්‍ෂණයෙන් මිලින්ද තෙන්නකෝන් ගායනයෙන් තුසිත් සැම්සන්, චතුරිකා හර්ෂණී, ඩේව් රෝබර්ට්න් දායක වෙති.

චාමර සේලාර මේ සඳහා සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වන අතර නිෂ්පාදන සැලසුම් කරණයෙන් විමල් දුෂ්මන්ත, නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරේෂා කරුණාරත්න දායකවේ. නිෂ්පාදන විධායකයෙක් ප්‍රීමාල් රණසිංහ සහ සසිකා ගනේගොඩගේ, නිශ්චල ඡායාරූප ෂෙහාන් ඔබේසේකරගෙනි. කොණ්ඩා සැකසුම් හරුන් සයිඩ්න් සහාය නිෂ්පාදනයෙන් අනුරාධ වීරමන්, සමන් වීරමන් විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT