Home » ඉගෙනුමට මුල්තැන දීලා මේ ගමන යනවා යොවුන් නිවේදිකා ඉසලි සහස්නා

ඉගෙනුමට මුල්තැන දීලා මේ ගමන යනවා යොවුන් නිවේදිකා ඉසලි සහස්නා

by mavan
April 30, 2026 11:54 am 0 comment

ගම්පහ සහ තංගල්ල යන ප්‍රදේශ දෙක කුඩා අවධිය සිටම තම වාස භුමිය කරගත් ඇය පෙර පාසැල් පළමු වසර බරවාකුඹුකේ පල්ලියේ කන්‍යාරාමයකින් ද පෙර පාසැල් දෙවන වසර සිට බ්‍රිටිස්වෙ ජාත්‍යන්තර පාසලින්ද 3 වසර සිට මේ දක්වා තංගල්ල ප්‍රාථමික විදුහලින්ද අධ්‍යාපනය හදාරන ඇය දක්ෂ නිවේදිකාවකී, හඬකැවීමට, රංගනයට, නර්තනයට මෙන්ම චිත්‍ර ඇදිමට, පිහිනිමටද දක්ෂතා දක්වන්නියකී. ඊට අමතරව චෙස් ක්‍රීඩාවට මලල ක්‍රීඩාව තුළින්ද පාසලට කිර්තියක් ගෙන දුන් දක්ෂ ක්‍රීඩිවාකි. විවිධ සමිති සමාගම් අතර ඇය සැම මොහොතකම කැපිපෙන චරිතයක් බවට පත්විය. ඇය නමින් ඉසලි සහස්නායි. මේ ඇය පසුගිය දින සරසවිය සමඟ කළ සම්මුක සාකච්ජාවයි.

මෙහෙම ජයමාවතක් ගැන හිතුවෙි කොහොමද?

ජිවිතය කුඩා අවධිය සිටම දිනන්නේ කොහොමද ඒ ඉලක්ක කරා ගමන් ගන්නේ කොහොමද කියලා විවිධ චරිත කියවීම මෙන්ම ඒ ඒ චරිතවල ගති ලක්ෂණ අධ්‍යයනය කරන්නට නැඹුරුව සිටිය. ඒ තුලින් මට මගේ ගමන යන්න සහ ජයග්‍රහණ හිමි කරගන්න පුළුවන් වෙනවා කියලා මම හැමදාම හිතපු නිසා මම අද ඒ ගමන් මගේ යනවා. අම්මලාගේ සහ පාසලේ විදුහල් පතිතුමා පුමුඛ ගුරුවරුන්ගේ අවවාද අහගෙන මේ ගමන යන්නේ.

මෙවන විට ලැබු ජයග්‍රහණ?

මෙවන විට මම නැටුම් ජාත්‍යන්තර තරග නිවේදනය, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම්, වැඩසටහන් ඉදිරිපත් කිරීම් මෙන්ම චිත්‍ර ඇඳ ජයග්‍රහණ කිරිම හා කරාතේ පළාත්, දිස්ත්‍රික්, ජාතික තරග සහා අන්තර්ජාතික තරගවලින්ද ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තියනවා.

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා නිවේදක සහතිකපත් ලාභිනියකී. නදීක කරුණානායක මෙහෙය වූ නිවේදක පාඨමාලාවේ මීඩියා මහගෙදර සහතිකලාභිනියක වීමටද ඒ තරග වලින්ද ජයග්‍රහණ ලැබීමටද මට හැකි වුණා.

චතුර කථිකත්වයක් හිමි ඔබට කථිකත්වය ගැන මොනාද කියන්න තියෙන්නේ?

විවිධ කතික තරග අංශවලින් සහ මධඪජඥ බධ මධඪජඥ ථඥඤඪච චජචඤඥථර ජාත්‍යන්තර සිංහ සමාජයේ මෙහෙයවු කතික තරඟවලින්ද ජයග්‍රහණය කර සහතිකපත්ලාභිනියක වීමට මට හැකි වුණා. පාසල් මට්ටමින් සහ පළාත් දිස්ත්‍රික මට්ටමෙන් ඉංග්‍රීසි භාෂා තරගවලින් ජයග්‍රහණය කර පාසලට කිර්තියක් ගෙනදීමට පුළුවන් වුණා.

ටෙලිනාට්‍ය සහ චිත්‍රපට පුහුණුව සේනක විජේසිංහ සර්ගේ සහ නුවන් සංජීව සර් ගේ සහතික පත් නාට්‍ය හා රංගනය පාඨමාලාවන් සහ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා නිවේදක පාඨමාලාව. නදීක කරැණානායක මෙහෙය වූ නිවේදක පාඨමාලාව, මීඩියා මහගෙදර පාඨමාලාවන් සමඟ පාඨමාලා සහ සංගීත ගාන්ධර්ව භාත්කණ්ඩේ ප්‍රවේශිකා ඥයචථ එකද පාස් වෙලා මෙවන විට ඉන්නේ. තව කිහිපයක් ඉදිරියේ මේ ක්ෂෙත්‍රයට අදාලව කරන්න බලාපොරතුවෙනවා.

විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයකටම සම්බන්ධ වෙලා කටයුතු කරනවා නේද?

ඔවි මම කිහිපයකම නිවේන කටයුතු වලට එකතු වි සිටිනවා. දිදුල ටීවී, රුහුණු ගුවන් විදුලි සේවයේ සජීව වැඩසටහන් ඉදිරිපත් කිරීම්

දෙරණ ටීවී, දිල් ටීවී, කිඩ්ස් ටීව්, දිදුල ටීවී, අයි ටීවී යන නාලිකාවලට සම්බන්ධ වී වැඩසටහන් ඉදිරිපත් කිරීම්ද ගණනාවක්ද මේ වන විට සිදුකර තිබෙිනවා. ඉදිරියේ තව නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්නට කතා කරලා තිබේනවා.

කරාතේ ක්‍රීඩාවටද දක්ෂයි නේද?

අන්තර්ජාතික මට්ටමේ සහ විවිධ තරඟ කරාටේ පාලාත්,ජාතික, දිස්ත්‍රික් තරග වලින් ජයග්‍රහණය අංශ නියෝජනය කරමින් සහතික පත් 71 සහ පදක්කම් 31 හිමිකාරිනියක් බවට පත් විමට මට හැකිවුණා. මගේ පුංචි කාලේ ඉදලම මම ගොඩක් ආශා තරන ක්‍රීඩාවක් තමා කරාතේ මගේ ආශාවද මේ ක්‍රීඩාවත් කලා කටයුතුත් සමබරව කරගෙන හොඳට ඉගෙන ගන්නයි.

පසුගිය අවුරුද්දේ අවුරුදු කුමරියත් වුණා නේද?

ඔවි පසුගිය අවුරුද්දේ සියත පාරෝ සිගිති අවුරුදු කුමාරිය වුණා. මේ තරඟය සදහා ගොඩක් මම වගේ අය ආවා. ඒ අයත් එක්ක තරඟ කරලා මට වාසනාව, හිමි වුණා ජයග්‍රහණය කරන්නට. ඒ ලැබු ජයග්‍රහණ සමග විවිධ වැඩසටහන් නිවේදන කටයුතු වලට සහ නාට්‍ය වලටද මට අවස්ථාව හිමිවුණා.

රඟපාාන්නට ආශාවෙන් ඉන්න චරිතයක් තියනවාද?

එහෙම විශේෂ චරිතයක් නෑ. මගේ වයසට හරියන ඕනෑම චරිත⁣යක් කරන්න කැමති.

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විම ගැන මොකද හිතෙන්නේ?

හැමෝටම නිවේදිකාවක් වෙන්නත්, රංගන ශිල්පිනියක් වෙන්නත් බෑනේ ඒ ගැන හරිම සතුටුයි. ගොඩක් දෙනෙක් ඒ නිසා මට හරිම ආදරේයි. මේ ගමන යනවිට මම අධ්‍යාපනයට මුල් තැන දිලා තමයි ඒ හැමදෙයක්ම කරන්නේ.

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මේ කරන නිර්මාණ කටයුතුත් එක්ක හොදට ඉගෙන ගෙන මම කරන දෙවල් වලින් ඉදිරියට ගොස් රටට අභිමානයක් ගෙන්න තමා මගේ එකම අරමුණවෙන්නේ. මේ ගමන එන්න උදවිකල සියලු දෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT