නිවස විචාර ‛Ravi’ ඔහු මැවූ චරිත ඇසුරෙන් කළ අධ්‍යයනයක්

‛Ravi’ ඔහු මැවූ චරිත ඇසුරෙන් කළ අධ්‍යයනයක්

-යොවුන් ලේඛක උදිත දේවප්‍රිය

by Thanushika
May 30, 2024 1:53 pm 0 comment

ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන අචමඪ ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ සිනමා විචාරකයකු , ලේඛකයකු වන උදිත දේවප්‍රිය විසිනි. ඔහු පුරා වසර ගණනාවක් සිනමාව පිළිබඳ , සහ සිනමා කලාකරුවන් පිළිබඳ ඉංග්‍රිසි භාෂාවෙන් විවිධ ලිපි රචනා කරන ලද්දෙකි. මේ ඔහු විසින් රචිත ග්‍රන්ථය පිළිබඳ ඔහු දැක්වු අදහස්ය.

‘‘මා විසින් රචනා කරන ලද රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයේ අන්තර්ගතය වුණේ ඔහු විසින් දේශිය සිනමාව තුළ මැවූ විවිධ ගණයේ චරිතයන් ඇසුරින් ඔහුව පර්යේෂණයට ලක්කිරීමයි. මම ඔහුගේ චිත්‍රපට අතරින් මුලින්ම බලපු චිත්‍රපටය වුණේ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා’ චිත්‍රපටයයි. ඉන් පසු මම ඔහුගේ විවිධ චිත්‍රපට හොයාගෙන බැලුවා. මට මේ අවස්ථාව හිමිවෙන්නේ 2023 වර්ෂයේදී. ඒවනවිට මම සිනමාව පිළිබඳ විවිධ ගණයේ ලිපි රචනා කර තිබුණා. ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ පුරාවෘත්ත වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ වැන්නන් පිළිබඳවත් විවිධ ලිපි රචනා කර තිබුණා. මේ හුරුවත් එක්ක තමයි මම රවීන්ද්‍ර රන්දෙණියගේ ග්‍රන්ථය රචනා කරන්න එන්නේ. මෙතනදි මගේ විශේෂ අවධානය රවීන්ද්‍රගේ රංග කාර්යය පරිසමාප්තියට පත් කරන්න විශේෂයෙන් උදව් වුණු ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව පිළිබඳ විශේෂ අවධානය යොමු වෙනවා. මේ පිළිබඳ වර්තමානය වෙනවිටත් හරියට යමක් ලියවුණු තැනක් අපිට හමුවෙන්නේ නෑ. රවීන්ද්‍ර වැනි ශ්‍රේෂ්ඨ ගණයේ නළුවකු බිහිවෙන්න මේ ආයතනය දැඩි විදියට බලපාලා තියෙනවා. ඒ කාලයේ රවීන්ද්‍ර සමඟ මේ රංග පාඨමාලාව හදාරන්න 100 ට ආසන්න ප්‍රමාණයක් රංග ශිල්ප ශාලිකාවට පැමිණියත් රවීන්ද්‍ර රන්දෙණිය, සුමින්ද සිරිසේන, ලෙස්ලි රාමනායක, සුනේත්‍රා සරච්චන්ද්‍ර යන හතරදෙනා විතරයි ඩිප්ලෝමා සහතිකය දිනාගෙන තිබෙන්නේ. මේ පිළිබඳ බොහෝ විස්තර මේ ග්‍රන්ථයට ඇතුළත් වෙනවා.

රවීන්ද්‍ර සමඟ කරපු දිගු සම්මුඛ සාකච්ඡා සේම, ඔහුත් සමඟ රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි වැනි නිළියන්ගේ සම්මුඛ සාකච්ඡාත් මේ සඳහා වැදගත් වුණා. ඒවගේම රංග ශිල්ප ශාලිකාව හා සම්බන්ධ වර්තමානයේ ධම්ම් ජාගොඩ මහතා ජීවතුන් අතර නොසිටියත් ඔහුගේ බිරිද මානෙල් ජාගොඩ ඉන්නවා. ඒ වගේම සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මිය ඇමෙරිකාවේ ජීවත් වෙනවා. ඒ අයගේ අදහසුත් මට මේ සඳහා බෙහෙවින් උපකාරි වුණා මේ ග්‍රන්ථය සුරස ග්‍රන්ථයක් ලෙසින් ප්‍රේම් දිසානායකයන්ගේ ප්‍රකාශනයක් ලෙස දොරට වඩිනවා.

 

[email protected]

 

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT