ආනන්ද පද්මසිරි මියයයි

සැප්තැම්බර් 14, 2022

සුප්‍රකට මාධ්‍යවේදී , ගීත රචක ආනන්ද පද්මසිරි මහතා අද (14) උදෑසන හදිසි හෘදයාබාධයකින් තම නිවසෙහි නිදි යහනේදීම මියගියේය.ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

සරසි, සත්සර පුවත්පත්වල නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස සේවය කළ ඔහු කලක් දිනමිණ පුවත්පතෙහිද විවාදාසම්පන්න තීරු ලිපියක් ලීවේය.සිනමාව හා සංගීතය පිළිබඳ ලිපි රාශියක් ඔහු රචනා කොට ඇත.ලෙනින් මොරායස්ගේ "යුගයෙන් යුගයට" චිත්‍රපටයේ (1987)"අපේ රස ගීතිකා" (එච්.ආර්.ජෝතිපාල සහ ලතා වල්පොල ගැයූ )ගීතය රචනා කරමින් චිත්‍රපට ගීත රචනයට පිවිසි ඔහු ඉක්බිතිව චිත්‍රපට රැසක ගීත ලීවේය.මියයන විට 63 හැවිරිදි වියෙහි පසු වූ ආනන්ද , කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.