වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
”යළි හමු නොවන තැන”

තරුණ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු එක්ව තැනූ නිර්මාණයක් ලෙසින් ළ`ගදීම පේ්රක්ෂක දෑසට සමීප වීමට නියමිත ”නිමි” සිනමාපටයේ නිර්මාණකරුවන් වන්නේ, ඉසුරු වීරසිංහමුදලි සහ චතූ පෙරේරායි. ඉසුරු මෙයට ප්‍රථම ”කලර්” (2012) සහ ”පැණි මකුළුවෝ ”(2017) සිනමාපට තුළින් පේ්රක්ෂකයා අතරට ආ නිර්මාණකරුවෙකි. පිටපත් රචකයකු සේම ගීත ප්‍රබන්ධකයකු ලෙසද කටයුතු කරන ඉසුරු ”නිමි ” පිටපත් රචකයා ද වෙයි.
භද්‍ර යෞවනයේ පසුවන ගයාන් සිය ජීවන වෘත්තිය ලෙසින් ගුරු වෘත්තිය තෝරා ගත්තෙකි. සුපුරුදු සේම පළමු පත්වීම ඔහු හට ලැබෙන්නේ, ඉතාමත් දුෂ්කර වූ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි පාසැලක් වෙතයි. කාලයාගේ ඇවෑමෙන් තනිකඩයකු වූ ඔහුට සිය මව විසින් සහකාරියක් සොයනු ලබයි. එක්තරා දීර්ඝ සති අන්තයක දී ගයාන් කොළඹ බලා පිටත්ව එන්නේ තම මවගේ ඇවිටිලි කිරීම මත මනාලියක බැලීමට යාම ස`දහායි. මෙලෙස එන ගමනේ දී අනපේක්ෂිත ලෙස තමන් මෙන් තනිව ගමන් ගන්නා රැවති යුවතියක් මුණ ගැසෙයි. කෙටි වේලාවක් තුළ මිතුරන් බවට පත්වන ඔවුන් එකිනෙකාගේ තොරතුරු බෙදා ගනී. ඇය නමින් සාවිත්‍රි නම් වෙයි. ඇයගේ ජීවිත කතාව ගයාන් හට පැවැසීමට යොමු වේ. එය සැබැවින්ම ඉතාමත් අනුවේදනීය වූ අතීතාවර්ජනයක් බව ගයාන්ට වැටහෙයි. ඇයගෙන් සමුගෙන මිහිරි මතකයක් හදවතට තුරුලූ කරගෙන නිවසට පැමිණෙන ගයාන්, පසුදින සිය මව සමග මනාලිය බැලීමට පිටත්ව යයි.
සිය මව තමාට යෝජනා කළ මනාලිය දුටු විගස ගයාන් වික්ෂිප්තභාවට පත් වෙයි. ඒ තමාට අතරම`ග දී හමුවී සමුගත් තරුණියට බෙහෙවින් ම සමාන රුවක් මෙම තරුණියට ද තිබීම නිසාවෙනි. දැන හෝ නොදැන මංමුළාව අයාලේ ගිය අපගේ ජීවිත අතරම`ග දී යළිදු මුණ ගැසෙනු ඇත. මහනුවර, දිගන, මැදමහනුවර, රිවස්ටන් වැනි සුන්දර දර්ශන තලයන්ගේ සේම කොළඹ නගරය ආශි‍්‍රතව රූගත කිරීම සිදු කළ ”නිමි” චිත්‍රපටය නැරැඹූ දිනෙක මෙහි අවසානය කෙලෙස සිදු වේද යනු නිශ්චිත කර ගැනීමට පේ්රක්ෂකයාට හැකි වනු ඇත.
”නිමි” රංගන දායකත්වය
රශිපබා සංදීපනී, කාවිංග පෙරේරා, රොෂාන් රණවන, ගයාත්‍රි ඩයස්, ලලිත් ජයසිංහ, සංජීව වික්‍රමසිංහ, අධීශ හේරත්, ෂෙහාරා තිලකරත්න, හසිත සංජය, කිංස්ලි ලෝස්, ගංගු රොෂානා, මලිති නානායක්කාර, නුරාධ තේජාන්, මහේෂ් නානායක්කාර
කාර්මික දායකත්වය
සම අධ්‍යක්ෂණය සහ සම නිෂ්පාදනය - ඉසුරු වීරසිංහමුදලි සහ චතූ පෙරේරා
තිර රචනය සහ ගීත ප්රබන්ධනය - ඉසුරු වීරසිංහමුදලි
කැමරා අධ්‍යක්ෂණය - ගයාන් ශානක මුහන්දිරම්
සහය අධ්‍යක්ෂණය - චලින් මනුරංග
සංස්කරණය , ශබ්ද සංකලනය ,
වර්ණ සංයෝජනය සහ 5.1 ශබ්ද සැකසුම- තනුෂ්ක කහ`දවල
අංග රචනය - ආසිරි චතුරංග සහ මල්ෂා නානායක්කාර
කලා අධ්‍යක්ෂණය - චමීර ජාලිය පෙරේරා
කලා අධ්යක්ෂණ සහය - රුවන් සායක්කාර,
නිශාන්ත අමරසේන, ඉසුරු ධනංජය
නිෂ්පාදන කළමනාකරණය - දිලූම් රංගනාත්
නිශ්චල ඡායාරූප - ගයන්ත නදීශාන්, සජිත් දනුෂ්ක
කැමරා සහය - සහන් ගුණතිලක, දමිත් ගුණවර්ධන, නුවන් සමීර, රොහාන් දීගොඩ
දෙබස් පටිගත කිරීම - ජනිත් ෂෙරංග
ආලෝකකරණ සහය - ආර්. ජී. මුණසිංහ, සරත් ගුණතිලක
අමතර ශබ්ද පටිගත කිරීම - බිනුර ක`දවල, ජනිත් ෂෙරංග
සංගීත අධ්‍යක්ෂණය - මධුරංග ගමගේ, නෙල්කා තිළිණි
ගී තනු නිර්මාණ - කසුන් කල්හාර ජයවර්ධන, මධුරංග ගමගේ
ගීත ගායනා - නිරාශා ටී. ඒකනායක, නෙල්කා තිළිණි
”නිමි” ප්ලේන්ටි පිච්චස් ඉදිරිපත් කිරීමකි.