වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ටෝකියෝ සිට කියොතෝ දක්වා ත‍්‍රාසජනක දුම්රිය ගමනක්

ලේඩිබග් යනු දක්ෂ නමුත් අවාසනාවන්ත කුලී ඝාතකයෙකි. සිය අපරාධ දිවියෙන් සමුගැනීමට සූදානම් වනවාත් සමඟම ඔහුගේ ප‍්‍රධානියා වන බීට්ල් ඔහු තවත් කාර්යයක් සඳහා කැඳවයි. එනම් ටෝකියෝ සිට කියොතෝ දක්වා ගමන් ගන්නා බුලට් ටේ‍්‍රන් නම් වූ අධිවේගි දුම්රියක ගෙන යනු ලබන මුදල් බෑගයක් සොරා ගැනීමයි. සුළු කාර්යයක් ලෙස තේරුම් ගන්නා ලේඩිබග් මෙය ඉටු කිරීමේ වගකීම භාරගනී. බුලට් දුම්රියේ සිටින කුලී ඝාතකයන් ඇතුළු විවිධ අපරාධකරුවන් විවිධාකාර අරමුණු ඇතිව එම මුදල් බෑගය සොරා ගැනීමට මාන බලන අතර එහිදී ලේඩිබග් හට මුහුණදීමට සිදු වන්නේ නොසිතූ අන්දමේ ත‍්‍රාසජනක අත්දැකීම් රැසකටය.
අපරාධකරුවන් සමඟින් වූ මෙම ත‍්‍රාසජනක දුම්රිය ගමන දැකගත හැකි වන්නේ හෙට (අගෝස්තු 05) සිට තිරගත කෙරෙන බුලට් ටේ‍්‍රන් චිත‍්‍රපටයෙනි. සැක් ඔල්කේවිච්ගේ තිර රචනයකින් ඬේවිඞ් ලීච් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ක‍්‍රියාදාම හාස්‍ය චිත‍්‍රපටයක් වන එය කොටරෝ ඉසකා රචනා කළ මාරියා බීට්ල් නම් ජපන් නවකතාව පාදක කොට ගෙන නිර්මාණය කර ඇත. එහි බ‍්‍රැඞ් පිට්, ජෝයි කිංග්, ආරොන් ටේලර් ජොන්සන්, බි‍්‍රයන් ටයිරී හෙන්රි, ඇන්ඩෘ කොජි, හිරොයුකි සනදා, මයිකල් ශානොන්, සැන්ඩ‍්‍රා බුලොක් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති.
බුලට් ටේ‍්‍රන් චිත‍්‍රපටයට බ‍්‍රැඞ් පිට් සහ ජෝයි කිං ඇතුළු ආසියානු නොවන නළුවන් කිහිප දෙනෙකු යොදා ගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත. කෝටාරෝ ඉසාකාගේ නවකතාවේ ජපන් පසුබිමක ජපන් ජාතිකයන් සිටියද චිත‍්‍රපටයේදී නවකතාවේ මෙන් ජපන් පසුබිම තබා ඇතැම් චරිත වෙනුවෙන් බටහිර සුදු ජාතික නළුවන් ආදේශ කිරීම ආසියානු නළුවන්ට වාර්තා තැබිය හැකි චිත‍්‍රපටයක් කළ නොහැකි බව පෙන්වීමක් ලෙස ඇතැම් විවේචනවල සඳහන් විය.