විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් කලාකරුවන් උදෙසා Ceylon Artists Council පළමු වරට සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළ පසුගිය දින බණ්ඩාරණායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශ්‍රවණාගාරයේදී විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි.
දැයෙන් සමූගත් ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරංගණි සේරසිංහ, ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ, ආචාර්ය වික්ටර් රත්නායක, ගීත කෝකිලාව ලතා වල්පොල, ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රවීණ රංගන ශිල්පීණි
අනුලා කරුණාතිලක, ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යු අමරසේන, ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල, සංගීතවේදී සුරිය කුමාර මුත්තලගේ, කලාශුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ආචාර්ය රෝහණ බැද්දගේ, සිනමා අධ්යක්ෂ සේන සමරසිංහ, ප්‍රවීණ සංගීතවේදී ටී.එම් ජයරත්න, ප්‍රවීණ රංගන ශිල්පීනී මැණිකේ අත්තනායක, ගායන ශිල්පිනී ප්‍රියංකර පෙරේරා, ප්‍රවීණ කැමරා අධ්යක්ෂ එම් ඩී.මහින්ද පාල, ප්‍රවීණ නර්තනවේදනී අමුණුගම වෛද්‍යවති රාජපක්ෂ, ගායන ශිල්පිනී එස්.කලාවතී, නාට්‍යවේදී හෙක්ටර් කුමාරසිරි සහ ප්‍රවීණ නළු නීල් අලස් සඳහා සම්මාන සහතික සමඟ මුදල් ත්‍යාගද පිරිනැමීම සිදුකෙරිණි.