ශ්‍රී ලංකාවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence) ඇසුරින් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ‘සෝල් වෝකර්’ ළඟදීම තිරගත වීමට නියමිතව ඇත.
රංගනයෙන් උදානි බණ්ඩාර, පසිඳු ලක්ෂාන්, මධුශාන් එල් බණ්ඩාර, ශ්‍රැති කාව්‍යා, මලීෂ සස්මික ඇතුළු පිරිසක් එක්වී ඇත.
සහය අධ්‍යක්ෂණයෙන් වේළු නවනීදන්, අංග රචනයෙන් ගයාන් ඉන්දික, සංස්කරණය, වර්ණ සංයෝජනය හා කැමරාකරණ අධීක්ෂණයෙන් විරාජ් නාරසිංහ එක්ව ඇති මෙම නිර්මාණය භාෂා ද්විත්වයකින් තිරගත වීමට නියමිත ඇත. ‘සෝල් වෝකර්’ මෙහි කෘත්‍රිම බුද්ධි දෘශ්‍ය නිර්මාණකරණය, ප්‍රොම්පට් උපදෙස්, නිර්මාණ අධීක්ෂණය හා දෘශ්‍ය ඉංජිනේරුවන් ලෙස පසිඳු ලක්ෂාන් සමඟින් අමිත් ප්‍රියංක කටයුතු කර ඇත. කතාව, තිර රචනය, දෙබස් රචනය පසිඳු ලක්ෂාන් ගෙනි. මෙය වී.පී. ප්‍රඩක්ෂන් නිෂ්පාදනයකී.