Home » සුමිත්‍රා වෙනුවෙන් ‘දුවට මවක මිස’

සුමිත්‍රා වෙනුවෙන් ‘දුවට මවක මිස’

by Thanushika
March 27, 2025 9:44 am 0 comment

ප්‍රවීණ සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අනූවෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීමට නියමිතයි.

එය මාර්තු 28 සිකුරාදා සවස 6.00 ට කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි Alliance Francaise de හිදී තරගත කෙරේ.

මෙම විශේෂ සිනමා දැක්ම සංවිධානය කරනු ලබන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම විසිනි.

‘දුවට මවක මිස’ චිත්‍රපටය 1997 දී තිරගත වූ අතර මෙහි තිර නාටකය රචනා කරන ලද්දේ ටෝනි රණසිංහ විසිනි. සංගීතා වීරරත්න, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ශි‍්‍රයාණි අමරසේන, රන්ජන් රාමනායක, වසන්ති චතුරාණි, ඩබ්ලිව්.ජයසිරි, මැණිකේ අත්තනායක, යශෝධා විමලධර්ම ඇතුළු පිරිස රංගනයෙන් එක්වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT