Home » සිල්වර් ස්ක්‍රීන් සම්මාන රාති‍්‍රය

සිල්වර් ස්ක්‍රීන් සම්මාන රාති‍්‍රය

by Thanushika
June 19, 2025 12:30 am 0 comment

2025 Silver Screen  සම්මාන උලෙළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදි පැවැත්විණි. ජනපි‍්‍රය නිළි සනෝජා බිබිලේගේ සංකල්පයක් අනුව සිව්වන වරට පවත්වනු ලැබූ සිල්වර් ස්ක්‍රීන් උපහාර සම්මාන උලෙළ 1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම පිණිස මෙවර වෙන් කෙරිණ. එහිදී සම්මාන 27ක් පිරිනැමීමද විශේෂත්වයකි. ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානය පිරිනමන ලදී. චිත්‍රපට 75ක් නිෂ්පාදනය කරමින් දේශීය සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් සුනිල් ටී ප්‍රනාන්දුට විශේෂ ඇගයුම් සම්මානයක් හිමිවිය.

මෙවර සම්මානයට පාත්‍රවූවන් අතර සිනමා ශීල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, කාර්මික තාක්ෂණ ශිල්පීන් මෙන්ම පුවත්පත් කලාවේදීන් සහ විචාරකයන් ද විය.
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්වරුන් ඇතුළු කලාකරුවෝ රැසක් මේ සදහා සහභාගී වූහ.


[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT