නිවස කළා පුවත් ශෝන් මැක්ස්මස් ගේ 3 වන චිත්‍රපටය වර්ණ සර්ප – The Colour Snakes ඇරඹේ

ශෝන් මැක්ස්මස් ගේ 3 වන චිත්‍රපටය වර්ණ සර්ප – The Colour Snakes ඇරඹේ

by Test User
March 7, 2024 1:00 am 0 comment

‘වෙඩින් කාඩ්’ හා ‘නිර්වස්ත්‍ර’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, ශෝන් මැක්ස්මස් දිසානායක තම තුන්වැනි චිත්‍රපටය වූ ‘වර්ණ සර්ප- (ඊඩඥ ඛ්ධතධභප ඉදචඬඥඵ), පසුගියදා, වත්තල ක්ලෙමන්ට් රෙස්ටූරන්ට් හී ආරම්භ කළේය. පසු ගිය සමයක, රට තුළ සිදුවූ ප්‍රබල බේදවාචකයක් තේමා කරගත්, මේ චිත්‍රපටය දේශපාලන හා ත්‍රස්ත ක්‍රියාවන් අතර ගැටුමක අන්තර්ගතනය ගැන කියවෙන ක්‍රියාදාම චිත්‍රපටයක ස්වරූපයකින් ඉදිරිපත් වන අතර, ලාංකිය චිත්‍රපට අන්තර්ජාතික තලයට ප්‍රචලිත කිරීම සඳහා කරන තවත් උත්සහයක් ලෙසට මේ චිත්‍රපටය නිර්මාණය වේ.

ඩග්ලස් රණසිංහ, සරත් කුලාංග, රියෙන්සි ෆ්‍රෙසර්, ඇන්ජලා සෙනෙවිරත්න, විල්මන් සිරිමාන්න, රාජිත රොද්‍රිගු, කිංස්ලි ලෝස්, අර්ඩ්ලි වෙදමුණි, රවීන්ද්‍ර කෝදාගොඩ, රොහාන් ඇන්තනීස්, ලලිත් පිටවෙල, රංජිත් කිරිඇල්ල, ධම්මික ශ්‍රී, විහඟ නදීත්, තාරුකා අබේරත්න, ලලිත් අබේසූරිය, රඟපාන අතර, ලාංකික සිනමාවට, මෝස්තර නිරුපණ ක්ෂේත්‍රයෙන් එක්වන චමත් හේනාධීර, හා මෙනුෂා පෙතියාගොඩ මේ චිත්‍රපටයෙන් ප්‍රධාන චරිත හරහා රිදී තීරයට හඳුන්වා දෙනු ලැබේ.

නයන නෙත්සර, තුසිත් බංඩාර, දුලානි ප්‍රසංගිකා, සුදේශ් නිමේශ්, ඩී.බී.ගංගොඩතැන්න, ගුණසිරි සිල්වා, සංජීව බෝගහවත්ත, ලලිත් අබේසූරිය, ඉන්දික ලේකම්, නදීර හිරුෂාන්, යසෝධ රවිහාර, සොහාන් විමුක්ති, සමීර ප්‍රනාන්දු, නොයෙල් ජයමහ, බුද්ධික හසිත, ලලිත් මධුරංග, රියාස් කෆූර්, මානෙල් පෙරේරා, ශ්‍යමා වර්ණකුලසූරිය, මද්දුම බංඩාර ලංකානායක, මංජුල ප්‍රසාත් ඇතුළු නවක හා පළපුරුදු ශිල්පින් රැසක් ‘වර්ණ සර්ප’ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.

ප්‍රවීණ ⁣නිවේදිකාවක වූ තිලකා රණසිංහ හා ‘වෙඩින් කාඩ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ නිවිත් දුල්සෙන් මෙහී ගරු රඟපෑමක් ඉදිරිපත් කරති.

ප්‍රදීප ග්‍රේරෝ සංගීතයෙන්ද, ඉසුරු ප්‍රනාන්දු කැමරා හා සංස්කරණයෙන්ද, රොහාන් ඇන්තනීස් හා තරංග ප්‍රනාන්දු සහය අධ්‍යක්ෂණයෙන්ද, ලලිත් පිටවෙල නිෂ්පාදන කළමනාකරණයෙන්ද, රංගන තිලකවර්ධන අංග රචනයෙන්ද, රංජිත් කිරිඇල්ල ගීත රචනයෙන්ද, ශෂිකලා වීරසිංහ හා දිනිත් බස්නායක ගීත ගායනයෙන්ද, ‘වර්ණ සර්ප’ සමඟ එක්වෙති.

මේවන විට රූ ගත කිරීම් ඇරැඹි ඇති ‘වර්ණ සර්ප’ -The Colour Snakes රොමැක්ස් මූවිස් නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT