Home » ලාංකේය සිනමාවට නව පිටුවක් පෙරළෙමින් ඩ්‍රීම් ලයින් ප්‍රඩක්ෂන්ස් යාපනයේදී විවෘත වෙයි

ලාංකේය සිනමාවට නව පිටුවක් පෙරළෙමින් ඩ්‍රීම් ලයින් ප්‍රඩක්ෂන්ස් යාපනයේදී විවෘත වෙයි

by Thanushika
June 19, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාව තුළ උසස් තත්ත්වයේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඉදිවූ Dreamline Productions ආයතනය පසුගිය දා යාපනය, නීර්වේලි හිදී අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දීය අධ්‍යක්ෂ අමීර්, රංගන ශිල්පිනියන් වන ස්වසිකා සහ සංජානා නළු නිළියන් හා Dream line හිමිකරු ස්කන්ධරාජා මහතා. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් නළු නිළියන් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ.

Dreamline Productions සිනමාපට නිෂ්පාදනය කිරීමේදී අවශ්‍ය සියලුම උපකරණ සැපයීම, පූර්ව සහ පසු නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය සේවා සැපයීම, දක්ෂතා ඇති නිර්මාණකරුවන් සඳහා සිනමා ක්ෂේත්‍රයේ අවස්ථා නිර්මාණය කරදීම, රටපුරා සිනමා ශාලා සහ සිනමා ජාල ස්ථාපිත කිරීම, චිත්‍රපට බෙදාහැරීම, ශ්‍රී ලාංකික චිත්‍රපට ජ්‍යාතන්තරයට ගෙන යාම ඇතුළු තවත් සේවා රැසක් Dreamline productions මඟින් සිදුකෙරේ.

එදිනට සහභාගී වූ ආරාධිතයෝ රැසක් එහිදී තම අදහස් ප්‍රකාශ කිරීමටද අමතක නොකළහ.

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ හා රංගන ශිල්පී අමිර් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, කුලය සිනමාවට අත්‍යවශ්‍ය දෙයක් නොවේ. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ නිර්මාණකරණයේ දක්ෂයකු වීම පමණයි. අද සිනමාව තුළ වැඩි වශයෙන් ජීවත් වෙන්නේ පොඩි තැන්වලින් ආපු මිනිස්සුන්. ඔවුන් දක්ෂ නිර්මාණවේදීන්. ඔවුන්ගේ නිර්මාණ අද මුළු ලෝකයම නරඹනවා. මම ලංකාවට ආවෙත් ඒ වගේ දක්ෂයන් ඉන්න තැනක් හින්දයි. ලස්සන රටක ජීවත් වන මිනිසුන්ගේ නිර්මාණ හැමදාම මුළු ලෝකයම බලනවා. අද මේ ආරම්භ කරපු නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ජීවත් වන ඕනෑම නිර්මාණ වේදියෙකුට හොඳ ශක්තිමත් අඩිතාලමක් දමන බවයි මට හැඟෙන්නේ. තම නිර්මාණ තමා ඇතුළේ හංගගෙන හිටිය සියලු දෙනාටම දැන් වැඩ කරන්න තැනක් Dream line හිමිකරු ස්කන්ධරාජා මහතා බිහි කරලයි තියෙන්නේ. එයින් උපරිම ප්‍රයෝජන ගන්න කියලයි මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT