Home » ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දින සැමරුම

ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දින සැමරුම

by Thanushika
November 28, 2024 12:30 am 0 comment

ප්‍රවීණ සංගීතඥ අප අතරින් වෙන්ව ගිය ලයනල් රන්වලයන්ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 27 වැනි දිනට යෙදී තිබුණි. ලයනල් රන්වලයන් නිතර පාහේ අතීතයට වඩා අනාගතය කෙරෙහි අධික ඇල්මක් හා දැක්මක් පැවතුණි. එතුමන්ගේ දර්ශන මඟ ගමන් කරමින් සිටින නව පරම්පරාව ඉදිරි දශයක වෙනුවෙන් මෙම වැඩසටහන පසුගිය දින සූදානම් කර තිබුණි.

ඒ අනුව, 2034 වන විට ලංකාවේ සංගීත මෝස්තරය කුමක් විය යුතුද යන්න පිළිබඳ, ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ප්‍රවීණ හා නවීණයන් සමඟ කෙරෙන වින්දනීය සල්ලාපයක් දෙසැම්බර් 03 වැනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි. එය සංවිධානය කරනුයේ රන්වල පදනම විසිනි.

එදිනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලයනල් රන්වලයන්ගේ ජීවන තොරතුරු අළලා නිර්මාණය කෙරුණ ‘රන් පියවර’ වාර්තා වැඩසටහන එළිදැක්වීම නියමිත අතර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් හා ආචාර්‍ය රවීබන්දු විද්‍යාපති විසින් ගායනා කෙරුණ ‘වෙස් මංගල්‍යය ගීතය’ මෙහිදී එළිදක්වෙනු ඇත.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT