පුවත්පත් කලා වේදිනියක හා ලේඛිකාවක වන දශකයකටත් අධික කාලයක් ලේක් හවුස් ජාතික පුවත්පත් හි සේවය කළ සංගීත විශාරද ශාස්ත්‍රපති ශ්‍රී ජයමිණි අත්තනායක මෙහෙයවන සංගීත හා මාධ්‍ය පාසල මඟින් ආර්ථික අපහසුතාවලින් පෙළෙන පාසල් දුවා දරුවන් සිය දෙනකුට නොමිලයේ ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්ව සීයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මස 31 වැනිදාට පෙර ශ්‍රී ජයමිණි සංගීත හා මාධ්‍ය පාසල, අංක 16/02, ප්‍රධාන පාර බත්තරමුල්ල, (දියත උයන ඉදිරිපිට) යන ලිපිනයට කැමති දුවා දරුවන්ට අයැදුම් කළ හැකි බව ශ්‍රී ජයමිණි අත්තනායක සරසවියට පැවසීය.