ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයක් වන Lia Gold ටෙලි තරු රැයක් ප්‍රසංගය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි. ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් 40 කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රසංගය එක්වූ අතර වර්ණවත් කිරීම සඳහා නර්තනාංග 25කට වැඩි සංඛ්‍යාවකින් උලෙළ සමන්විත විය. මෙහි රංගන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල් විසින් සිදු කරන ලදී.
මනුෂී සේනානායක ප්‍රධාන සංවිධායකවරිය ලෙස කටයුතු කළ අතර අනුග්‍රාහක දායකත්වය දේශීය සමාගමක් වන ඇලරිස් සමූහ ව්‍යාපාරය විසින් සිදු කරන ලදී. එදින ජ්‍යේෂ්ඨතම සම්මානනීය රංගන ශිල්පිනි අයිරාංගණි සේරසිංහ සහ ශිල්පී ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පි විජේරත්න වරකාගොඩ, ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක ඇගයුම් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ. ප්‍රසංගය අප්‍රේල් 13 දා රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතය.