නිවස කළා පුවත් ගුවන්විදුලි මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වේ

ගුවන්විදුලි මාධ්‍යවේදී සුජීව හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වේ

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඬකැවීම් ශිල්පියෙකු හා ගේය පද රචකයෙකු ද වූ සුජීව හරිස්චන්ද්‍ර පසුගිය දින සිය දිවි සැරියට සමුදුන්නේය, මියැදෙන විට 59 වැනි වියෙහි පසුවීය.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1980 වර්ෂයේ රුහුණු සේවයට බැඳෙන ඔහු ඉන් අනතුරුව 1986 වසරේදී කොළඹ ප්‍රධාන ගුවන්විදුලියට සම්බන්ධ වූයේය. වර්තමානය දක්වාම ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවා පාලක, හා ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදක ලෙස කටයුතු කරමින් සිටි සුජීව, හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස රාජ්‍ය සම්මාන හා ‘ස්ලිම් නීල්සන්’ ජනතා සම්මානවලින් පිදුම් ලැබිය.ඊට අමතරව, ගුවන්විදුලි හා රූපවාහිනී ප්‍රධාන හඬකැවීම් ශිල්පියෙකු, ගුවන්විදුලි වෙළඳ දැන්වීම් පිටපත් රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට හඬකැවීම් ශිල්පියෙකු, මෙන්ම ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල්වල මාධ්‍ය ඒකකයන්හි දේශකයෙකු ලෙස ද කටයුතු කළේය. රූපවාහිනී සහ ගුවන්විදුලි වෙළෙඳ ප්‍රවර්ධන දැන්වීම් අවසානයේ හඬගැන්වෙන ගැඹුරු මෙන්ම නිරවද්‍යව වදන් පෙළගස්වන ස්වරය ද සූජීවගේ ය. ඉතා අඩු කාලයකින් කිසිදු වැරදීමක් සිදු නොකර මනා පෞරුෂයකින් හඬ කැවීම් සිදු කළ ප්‍රවිණ ශිල්පියෙක් ලෙස හැඳීන්විය හැකිය. මාධ්‍ය කටයුතුවලට අමතරව ගේය පද රචනයට ද දස්කම් දක්වන ඔහු විසින්, නැසීගිය චන්ද්‍රකුමාර කඳනාරච්චි ගායනා කරන ‘සීතල වැහි පිනි…’ ගීතය ද ඇතුළුව ගීත කිහිපයක් ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් වෙනුවෙන් රචනා කර දී ඇත.ගුවන්විදුලි සංස්ථාවේ විශේෂ ශ්‍රේණි ශබ්ද පරිපාලකවරියක, නිෂ්පාදකවරියක ලෙස කටයුතු කරන නිශාන්ති රණතුංග සමගින් විවාපත්ව සිටි ඔහු දෙදරු පියෙකි. සුජීව හරිශ්චන්ද්‍ර, රුහුණු සේවයෙන් එවකට ප්‍රචාරයවූ, රෝහණ පුරානය ගුවන්විදුලි මාලා නාට්‍යයේ මිත්‍ර සෙනෙවියා ලෙස කල රඟපෑම තවමත් රුහුණු අසන්නන්ට මතකයේ ඇතුවාට සැක නැත, නූතන පරම්පරාවේ, මාධ්‍ය හැදෑරීමේදී හොඳම හඬ පෞරුෂය ඔහුය, ප්‍රවීණ මාධ්‍යවේදී තිස්ස ජයවර්ධනයන් ගෙන් හිස්වූ, හඬ පෞරුෂයට ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයට වටිනාකමක් එක් කළේය. මැත භාගයේ ජාතික ගුවන්විදුලියේ වටිනාම හඩ පෞරුෂය, ඉතිරිව සිටි, අවසන් ප්‍රවෘත්ති නිවේදකයා ඔහුය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දින බොරැල්ල කනත්තේදී පවුලේ ඥාතීන් සහ කලාකරුවන් මාධ්‍යවේදීන් පිරිවරා සිදුකෙරිණ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT