41
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය මිනිසෙක්’ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. නම් දෙකකින් පෙනී සිටින පුද්ගලයෙකු සමාජයේ ජීවත් වීමේදී ඇතිවන ගැටලු පිළිබඳ කියැවෙන කතා පුවතක් රැගත් ආදරණීය මිනිසෙක් රචනා කර ඇත්තේ සුනන්ද සිල්වා විසිනි. මෙහි බිමල් ජයකොඩි, සරත් කොතලාවල , නලීන් ප්‍රදීප් උඩුවෙල, වසන්ත මොරගොඩ, ගයනා සුදර්ශිනි, මාධනි මල්වත්ත, සිළිඳු රන්වල රංගනයෙන් දායක වෙති.