1970 හා 1975 වසර මුල්කර ගනිමින් සිව්වන වරට පවත්වනු ලැබූ සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ලෝටස් ශාලාවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, බුද්ධ ශාසන හා සංස්කෘති කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව යන මහත්වරු සහ ප්‍රවීණ රංගනවේදි ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක ප්‍රමුඛ සම්භාවනීය කලාකරුවන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ. එහිදී පළමු වරට සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් ප්‍රවීණ රංගනවේදීනි අයිරංගනී සේරසිංහ මහත්මිය පිදුම් ලැබීය.