නිවස කළා පුවත් ‘ශ්‍රී සිද්ධා’ සිනමාපටයේ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය

‘ශ්‍රී සිද්ධා’ සිනමාපටයේ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය

by Thanushika
June 6, 2024 10:12 am 0 comment

රියර් අද්මිරාල් සරත් විරසේකරගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන ‘ශ්‍රී සිද්ධා’ සිනමාපටයේ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින වන් ගෝල්ෆේස් ර්‍ථඍඅ සිනමා ශාලාවේදී විශේෂ ආරාධිතයන් හා කලාකරුවන් පිරිවරා පැවැත්විණි. මෙම චිත්‍රපටය පනාකඩුව තඹසන්නස මූලික කොටගෙන නිර්මාණය වූවකි. ‘ශ්‍රී සිද්ධා’ අධ්‍යක්ෂණය, තිර රචනය, ගීත රචනය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙනි. නිෂ්පාදනය තුසිත විජේසේන, ගුණපාල රත්නසේකර, මාලිකා විජයසුරිය ගෙනි. කැමරා අධ්‍යක්ෂණය, චන්දන ජයසිංහ, සංස්කරණය, ප්‍රවීන් ජයරත්න, සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, වස්ත්‍රාභරණ නිර්මාණය කුමාර කරව්දෙනිය, සටන් අධ්‍යක්ෂණය රිටිගල සුමේධ, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, ගායනා : සමන් ලෙනින්, විරාජ් භාතිය, මීනා ප්‍රසාදිනි, ඡායාරූප ධම්මික පතිරණගෙනි.


රංගනයෙන් රිටිගල සුමේධ, දිනෙත් ද සිල්වා, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, ජගත් චමිල, පබෝධා සංදීපනී, ඕෂධී හේවාමද්දුම, ගීතා කාන්ති ජයකොඩි, උදේනි අල්විස්, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, කුමාර තිරිමාදුර, රුවන් වික්‍රමසිංහ, රජිත රොද්‍රිගෝ, සචිත්‍ර වීරසේකර, මෙලනි අසෝකා ඇතුළු පිරිස එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT