නිවස කළා පුවත් ‘ලිලී’ ජනගත වෙයි

‘ලිලී’ ජනගත වෙයි

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

නව පරපුරේ ජනප්‍රිය ලේඛිකා සරෝජනී කරුණාතිලකගේ නවතම නවකතාව ‘ලිලී’ පසුගියදා දොරට වැඩියේය. මැදිවියේ දේශපාලඥයකු සහ ලේඛිකාවක් (කිවිඳීයක) අතර ඇතිවන ප්‍රේමයක් වටා ‘ලිලී’ නවකතාව ගොඩනැගී ඇත. අහම්බෙන් මුණගැසුණු ජෙරොම් නම් දේශපාලනඥයාට වහ වැටුණු එම අන්සතු ළඳ, ජෙරොම්ගේ ආදරය ඇයටම ආවේණික ක්‍රමයට ඉල්ලන ආදර කතාව සංයමයකින් අකුරු කිරීම සරෝජනී කරුණාතිලක සිදු කර ඇත.

ඇය විසින් රවනා කළ වීදුරු හීන, මැණික, අසම්මත, ඔබ ගාව නවතිමි, ශාපලත් ප්‍රේමය, තෝඩු, දිසාපාමොක් නව කතා පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය වූ අතර ‘ලිලී’ සරෝජනීගේ 10 වැනි නවකතාව වේ. එය තාරා ප්‍රකාශනයක් ලෙස වෙළෙදපොළට නිකුත්වී තිබේ. බිංගිරිය ශ්‍රී සරණංකර පාසලෙන් ප්‍රාථමික හා ද්වීතිය අධ්‍යාපනය ලද ඇය වෘත්තීයෙන් ග්‍රාම නිලධාරිනියකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT