2023 වසරේ රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ විශේෂ ඇගැයීම් කලාපය වෙන් වූයේ පනස් වසරක 1962 සම්මානනීය නාට්‍ය නළු නිළියන් වෙනුවෙනි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අභින කලාපයේ සංස්කාරකයා වූයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සාමාජික කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවයන්ය. මෙම අභින කලාපය පිළිබඳවත් ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳවත් සරසවිය කළ කතාබහකි මේ.
මෙවර අභින කලාපය වෙන් වන්නේ පනස් වසරක සම්මානනීය නාට්‍ය නළු නිළියන් වෙනුවෙන්. නළු නිළියන් වෙනුවෙන් අභින කලාපයක් වෙන් කිරීමේ අරමුණ වුණේ කුමක්ද?
ඇත්තටම සිංහල නාට්‍ය උත්සවයක් පළමුවරට පැවැත්වූයේ 1959 වසරේ. එම වසරේ සිට 2023 වසර දක්වා අවුරුදු 64ක් ගත වී තිබෙනවා තිබෙනවා. මේ ගතවුණු අවුරුදු හැට හතරක කාල පරිච්ඡේදය පුරා රාජ්‍ය මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පැවති සිංහල නාට්‍ය අනු මණ්ඩලය හෝ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව විසින් නාට්‍ය උත්සව හතළිස් නමයක් පවත්වා තිබෙනවා. මෙවර පැවැත්වුණේ පනස් වැනි නාට්‍ය උත්සවය පනස් වසරක් සපිරුණ ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උත්සව ඉතිහාසයේ සම්මානයට පාත්‍ර වූ නළු නිළියන් ඇගයීම වෙනුවෙන් ඔවුන් සිදුකළ කැපකිරීම් හා මෙහෙවර සලකා ඔවුන්ට උපහාරයක් වශයෙන් තමයි මෙවර අභිනය 14 කලාපය වෙළුම් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත් කරන්න අරමුණු කළේ. නළු නිළියන්ගේ ප්‍රමාණය වැඩි නිසා තමයි අපි වෙළුම් දෙකකින් යුක්තව අභිනය ප්‍රකාශයට පත් කරන්න කල්පනා කළේ.
ලංකාවේ රාජ්‍ය නාට්‍ය උත්සව ඉතිහාසයේ බොහෝ සන්ධිස්ථානයන්හි සම්මානයට පාත්‍ර වූ නළු නිළියන් ගැන මේ ග්රන්ථයට ඇතුළත් වෙනවා ඇති?
ශ්‍රී ලංකාවේ නාට්‍යයේ උත්සව ඉතිහාසයේ පළමුවරට රංගනය සඳහා රාජ්‍ය මට්ටමින් නළු නිළියන්ට සම්මාන පිරිනැමෙන්නේ 1962 වසරේ සිටයි. 1962 ඉඳලා 2012 වසර දක්වා වූ පනස් වසර තුළ හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ නළු නිළි සංඛ්‍යාව හැට තුන් දෙනෙක් මේ අතරින් ඇතැම් නළු නිළියන් වාර කිහිපයක්ම එකී සම්මානය ජයග්‍රහණය කර තිබෙනවා මින් පෙර අපි අභින කලාප ප්‍රකාශයට පත් කෙරුණේ රංග කලාවේ අභිවෘද්ධියට සහ ප්රගමනයට නන් අයුරින් දායක වූ නිර්මාණකරුවන් වෙනුවෙන් එබඳු නාට්‍යකරුවන් හතළිස් පස්දෙනකු උදෙසා අභින කලාප දහයක් අප මින් පෙර ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නාට්‍ය උත්සව ඉතිහාසයේ වසරේ හොඳම නළු නිළියන් ලෙස ඇගැයීමට ලක්වූ නළු නිළියන් හැටතුන් දෙනෙකු පිළිබඳ විස්තර ඇතුළත් කරලා තමයි මෙවර අභින කලාපය සකස් කරන්න අපි තීන්දු කළේ. නමුත් අපි හිතුවට වඩා පිටු සංඛ්‍යාව වැඩි වුණ නිසා නිසා. එයින් පළමුවැනි නෙළුම යටතේ 19 1962 වර්ෂයේ සිට 1983 වර්ෂය දක්වා වසර විසි දෙකක කාල පරිච්ඡේදයක් තුළ සම්මානයට පාත්‍ර වුණු නළු නිළියන් විසි හත් දෙනෙකු පිළිබඳ ලිපි මෙම කලාපයට ඇතුළත් වෙනවා.
මෙහි ඇතුළත් ලිපි මඟින් වැඩි අවධානය යොමු වුණේ ඒ ඒ නළු නිළියන්ගේ වේදිකා නිර්මාණ පිළිබඳවද?
විශේෂ අවධානය ඒ කෙරෙහි යොමු වුණත් අපි විශ්වාස කරනවා මේ ග්‍රන්ථය දේශීය නාට්‍ය වංශ කතාවේ තවත් එක් පරිච්ඡේදයක් සම්පූර්ණ කරනවා කියලා මෙහි පළවන ලිපි මඟින් මෙරට නාට්‍ය හා රංග කලාව විවිධ පර්යාලෝක ඔස්සේ විවිධ මානයන්ගෙන් විවිධ ප්රවේශයන්ගෙන් විවරණය වෙලා තිබෙනවා.
වේදිකා නාට්‍යවල චිත්‍රපටවල රූපවාහිනී වෘත්තාන්තවල රංගනයට දායක වී විවිධ භූමිකා නිරූපණය කරමින් හැඩ කළ නළු නිළියන්ගේ ජීවන තොරතුරු නිර්මාණ පිළිබඳ තොරතුරු නාට්‍ය කලාවේ ඉතිහාසය පිළිබඳ වටිනා තොරතුරු සම්භාරයක් මෙම ග්රන්ථයට අන්තර්ගත වී තිබෙනවා. විශේෂයෙන් මේ ග්‍රන්ථය මෙකී විෂය ක්ෂේත්රය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට අවශ්‍ය තොරතුරු මූලාශ්‍ර කියන එක තමයි මගේ හැඟීම.
ලංකාවේ රාජ්‍ය නාට්‍ය උත්සව ඉතිහාසයේ ආරම්භය කොයි වගේද සිද්ධ වෙන්නේ?
නාට්‍ය උළෙලක් කියලා ලංකාවේ මුල්වරට පවත්වන්නේ 1959 දී. 1959, 1960, 1961 දක්වා එවකට වේදිකාගත වුණු හොඳ නාට්‍ය තෝරලා වර්ෂයකට වතාවක් ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින් නාට්‍ය උත්සව තුනක් පවත්වලා තිබෙනවා. 1962 තමයි මුල් වරට සම්මාන පිරිනැමීමට යොමු වෙන්නේ. එවකට රාජ්‍ය නාට්‍ය උළෙල කියලා හැඳීන්වෙන්නේ නෑ සිංහල නාට්‍ය උළෙල කියලා තියෙනවා. පස්සේ කාලෙක ජාතික නාට්‍ය උළෙල තියෙනවා. 1984 1984න් පස්සේ වගේ තමයි රාජ්‍ය නාට්‍ය උළෙල කියලා නම් වෙන්නේ. ඒක අද දක්වා තාමත් තිබෙනවා තිබෙනවා තිබෙනවා. 1959 ඉඳලා බලනකොට අවුරුදු හැට හතරක් ගත වෙලා තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සිනමා නාට්‍ය අනු මණ්ඩලය මූලික වෙලා කරපු නාට්‍ය උත්සවවල පනස් වැන්න තමයි මෙවර පැවැත්වූයේ පසුගිය දෙසැම්බර් ස්වර්ණ ජයති නාට්‍ය උළෙල කියලා පැවැත්වූයේ ඒක ඒකට සමගාමීව තමයි මේ ග්‍රන්ථය නිකුත් කළේ. මේ ග්රන්ථයට ඇතුළත් වුණු ශිල්පීන්ගෙන් අද ජීවතුන් අතර ඉන්නේ අට දෙනයි මේ පොතට තොරතුරු එකතු කරද්දි තමයි දැනුණේ මේ අය ගැන එක්තැන් වුණු තොරතුරු මෙතෙක් කොහෙවත් එක තැනක ලියවිලා නෑ කියලා. මේ යෝජනාව ඉදිරිපත් කළෙත් මමමයි. දැන් තියෙන්නේ නාට්‍ය උපදේශක සභාවක්. ඒ උපදේශක සභාවේත් මම ඉන්නවා.
ඔබේ ශාස්ත්‍රීය ජීවිතය තුළ වැඩිපුර නැඹුරුව නාට්‍ය කලාවටද?
නාට්‍ය මගේ එක විෂයක්. ඒ ගැන මම පර්යේෂණත් කරනවා. සිනමාව හා රූපවාහිනි මාධ්‍යයටත් මගේ සම්බන්ධයක් තිබෙනවා. රූපවාහිනිය විද්‍යාව හා කලාව කියලා මම ලියපු පොතට රාජ්‍ය සම්මානත් ලැබුණා. විශ්වවිද්‍යාලය තුළ සිනමාව උගන්වනවා. නාට්‍ය පැත්තට මම යොමු වුණේ ඉස්කෝලෙ යන කාලෙදිමයි. 1972 දී මම පාසල් ශිෂ්‍යයෙක්ව ඉන්න කාලෙ තමයි ලුම්බිණි රඟහලට ගිහින් ඉස්සරලම නාටකයක් බැලුවේ. ඒ සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු එදා තමයි මට හිතුණේ වේදිකාව කියන්නේ මහා අමුතු තැනක් කියලා. හිස් වේදිකාවක අමුතු දෙයක් මවනව වගේ කියලා.
ඒක මහා ප්රාතිහාර්යයක් විදිහට තමයි මම අත්වින්ඳේ. 1974 ඉඳලා රාජ්‍ය නාට්‍ය උළෙලේ සෑම නාට්‍යයක්ම බලන්න පටන් ගන්නවා. 2001 දී තමයි මම මුල් වරට නාට්‍ය අනු මණ්ඩලයට පත්වෙන්නේ. ඒ රාජ්‍ය නාට්‍ය බලන ප්‍රේක්ෂකයෙකුගේ ඉඳලා.
අභින කලාපවල ඉතිහාසය කොයි වගේද?
අභින කලාප දහතුනක්ම කලින් කෙරුණා. ප්‍රධාන නාට්‍යකරුවන් වෙනුවෙන්. මුල්ම කලාපය වෙන් වුණේ දයානන්ද ගුණවර්ධනයන් වෙනුවෙන්. ඊට පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන, අයිරාංගනී සේරසිංහ හැට දශකයේ නාට්‍යකරුවෝ කරලා තිබුණා. මම අභින කලාප කරන්න පටන් ගන්නේ 2013 හැත්තෑව දශකයේ නාට්‍යකරුවෝ කලාපයේ සිටයි. ඊට පස්සේ දිගටම මම කළා. මේ මම සංස්කරණය කරපු පස් වැනි කලාපය. හැත්තෑව දශකයේ නාට්‍යකරුවෝ නාට්‍ය ලිපි එකතුව සහ මෙම කලාපය තමයි මම කරපු අභින කලාප එකතුව.
ඔබේ මීළඟ නිර්මාණ කටයුතු කොයි කොයිවගේද?
ශ්‍රී ලංකාවේ ප්‍රසංග කලාව ගැන පොතක් ලියන්න මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා මම කරුණු එකතු කරලා තියෙනවා. වර්තමානයේ තත්ත්වය සහ එදා තත්ත්වය ගැන සන්සන්දනය කරමින් කරන විග්රහයන් හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
හේමාලි විජේරත්න