වේදිකා, ගුවන් විදුලි, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම ප්‍රවීණ හඬකැවීමේ ශිල්පියකු වූ ප්‍රසන්න ෆොන්සේකා ජීවිතයෙන් සමුගත්තේය.
තුත්තිරි මල්, අක්කා නගෝ, පෙම්බර මධූ, සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, සීතල ගිනි කඳු ඇතුළු චිත්‍රපට පහළොවකට ආසන්න ප්‍රමාණයකට ඔහු රංගන දායකත්වය ලබා දී ඇත. දළ රළ පෙළ, මලී වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රාශියක ඔහු චරිත මවා ඇත. එමෙන්ම ශාන්ති ඇතුළු විදෙස් ටෙලිනාට්‍ය සහ කාටූන් සඳහා තම හඬ මුසුකොට ඇත. දශක හයකට ආසන්න කාලයක් ප්‍රසන්න කලා ක්ෂේත්‍රයේ රැඳී සිටි දක්ෂ කලාකරුවෙකි.
ප්‍රසන්න ෆොන්සේකා මහතාගේ දේහය අද (මාර්තු 6) සවස 3.30 දක්වා නැදිමාල, ඇන්ඩර්සන් පාරේ අළුබෝගහවත්ත, අංක 2/9 දරණ නිවසෙහි තැන්පත් කරඇත. අද සවස 5.00 ට නැදිමාල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.
– නයනාංජලි දෙහිපිටිය