නිවස කළා පුවත් ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී රන්ජිත් කුමාර දිවිසැරියට සමුදෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී රන්ජිත් කුමාර දිවිසැරියට සමුදෙයි

by Thanushika
May 16, 2024 12:35 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදී හිටපු සරසවිය පුවත්පතේ කර්තෘ ඒ.ඩී.රන්ජිත් කුමාර මහතා පසුගිය දින (10) අභාවප්‍රාප්ත විය. ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරියගේ සැමියා වූ සහ සරසවිය පුවත්පතේ වර්තමාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ගේ පියා වූ ඒ මහතා මියයන විට 77 වැනි වියේ පසුවූ අතර ඔහුගේ අවසන් කැමැත්ත අනුව පැය 24 ඇතුළත දේහය අවසන් කටයුතු සිදු කෙරිණි. මහජන ගෞරව දැක්වීම සඳහා ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ පැය දෙකක වැනි කෙටි කාල සීමාවක් දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත්වලින් පසුව රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දේහය භාරකෙරිණ. ඔහු පිළිබඳ විශේෂ ලිපියක් මෙවර සරසවිය (16) පුවත්පතේ සහ එළැඹෙන ඉරිදා (19) සිළුමිණ පුවත්පතේ පළවනු ඇත.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT