පසුගියදා හතරවැනි වරටත් පවත්වනු ලැබු කොළඹ අන්තර්ජාතික නර්තන උලෙළේදී ලෝකය පුරා විසිරී සිටින දක්ෂ නර්තන ශිල්පීන් එකම වේදිකාවකදී මුණගැසුණි. ඒ දවස විවිධ භාෂාවන් හා සංස්කෘතීන් එකට මුසු කළ දිනයෙකි. ඒ ඒ රටවලට ආවේණික නර්තන ශෛලීන් සංස්කෘතීන් හා බැඳුණු ගායන ශෛලින් එහිදී ඉදිරිපත් කරනු ලැබීය. ලාංකේය නර්තන ශිල්පීන් සහ විදේශීය නර්තන ශිල්පීහු හයදාහක් එකම වේදිකාවක තම හැකියාවන් ගෙනහැර දැක්වූහ. අන්තර්ජාතික නර්තන උළෙල මෙවරත් සංවිධානය කරනු ලැබුවේ ලක්ෂ්මන් මංචනායකයි. දෙදිනක් පුරාවට පැවති ප්රසංගය සරසවිය කැමරා ඇසට හසු අයුරුයි මේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න
107
previous post
මම ඛයියාම්ට සමීප වුණේ සේකරයන් ඔස්සේයි
next post