ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියා වන තිලක් කුමාරගේ ස්වතන්ත්‍ර නිර්මාණය වන ‘කන්ද පාමුල’ ගීතය පසු ගිය දින එළි දැක්විය. නලීන් සම්පත් බණ්ඩාර විසින් ලියූ මෙම ගීතය මේ වන විට ලයිව් බැක් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ප්‍රසංග ගීතයක් බවට පත්ව තිබේ. පාසල් අවදියේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසි තිලක් කුමාර මේ අවුරුදු විස්සකට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටී. ලයිව් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ලෙස සේනානායක වේරලියද්ද, දමිත් අසංක වැනි ගායන ශිල්පීන්ගේ ගීත ගයමින් සංගීත ප්‍රසංග කලාවට පිවිසුණු තිලක් කුමාර ස්වතන්ත්‍ර ගීත ගයමින් කලා ලොවේ දීර්ඝ ගමනක් යෑමට අපේක්ෂා කරයි.
232
previous post
‘රුවන් වලාවක වසන් කළත් සඳ’
next post
