බොදු බැති ගී හි අමරණීය සටහනක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී අප අතරින් වෙන්ව ගිය අල්හාජ් මොහිදීන් බෙග්ගේ පුත් ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ගායන ශිල්පී ඉෂාක් බෙග්ගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඉෂාක් බෙග් නිවෙස වෙත පසුගිය දින පැමිණියේය. එහිදී ඉෂාක් බෙග්ගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මඟින් ප්රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත එහිදි ඔහු වෙත පිරිනමන ලදි. මේ සදහා කලා ශිල්පීන් කිහිපදෙනෙක්ද එක්වූහ. ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් ගායක ගායිකාවන්ගේ සංගමය දියත් කළ ඉෂාක් වෙනුවෙන් කෝටියක් අරමුදලක් පිහිටුවා තිබේ. එම අරමුදල පිහිටුවීමත් සමඟ ඔහුවටා එක්වුණු විවිධ ධන පරිත්‍යාගයන් සිදුකළ ධන පරිත්‍යාගයෙන් අයගෙන් ඉෂාක්ගේ අරමුදල ද තරවි ඇත. ඒ අනුව ඔහුට කිරීමට නියමිත ශෛල්‍යකර්ම කිරීමට නියමිතය.
361
previous post
