එරංගගේ නව සිනමාපටයේ වැඩ අවසන්

ජුනි 6, 2019

 එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය නිලු මං ආදරෙයි සියලුම වැඩ කටයුතු නිමවා තිබේ. ගැටවර ස්වප්නයක දේවතාවිය යන්න තේමා කොට ගත් මෙහි කතාව, දෙබස්, තිර රචනය ද එරංග සේනාරත්නගේය.සුරේෂ් ගමගේ, රජිත හිරාන් චාමිකර, නිලුෂි පවන්යා, ගයාත්‍රි ඩයස්, මධුශාන් නානායක්කාර, කීර්ති කේ. රත්නායක, මන්දාකිනි කලංසුරිය, ගයාන් මාපලගම, මනීෂා නාමල්ගම, දිනුෂා කෙලාඩ්, සැනට් දික්කුඹුර, රෝහිත ඩයස් ඇතුළු පිරිසක් නිලු මං ආදරෙයි චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටිති. මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මලගමුව ද මෙම සිනමාපටයෙන් සිනමා රංගනයට පිවිසේ.

ජී. නන්දසේන කැමරා අධ්‍යක්ෂණයෙන් ද ප්‍රසාද් වීරප්පෙරුම කලා අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය, රංග රචනය හා කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් ද දායක වී ඇත. ගිත නිර්මාණය ප්‍රියන්ත නාවල ගේ, ලස්සන ජයසේකර සහ සාරංග දිනේෂ් විසිනි. ප්‍රසන්න ගොඩකන්ද සහ නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි. නිලු මං ආදරෙයි සිනමා නිර්මාණය ශ්‍රී ඡය සිනෙරු ඉදිරිපත් කිරීමකි.

 

Comments

neil costa (තහවුරු වී නොමැත)
dennama niliyo wagei neda?
බ්‍රහස්‌, 06/06/2019 - 14:31

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.