තිලාගේ සරසවියේ ඩය-රියupdate...

හොරෙන් කියවලා බලන්න....
මැයි 9, 2019

අද මැයි 01 බදාදාය .......

අද කම්‍කරු දිනය වෙනදා නම් මේ දිනේ අපිට වැඩ වැඩිම දවසක් එදාට අපේ කට්ටිය කඩි කූබී වගේ එහෙ මෙහෙ දුවන දවසක්. ඒත් දැවෙන ප්‍රශ්නයක් නිසා ආරක්ෂක හේතූන් මත මෙවර මැයි පෙලපාලි පැවැතවුනේ නැ. පව්‍ අර කම්‍කරුවො ජොලියක් දාන එක නැවතුනා. අපිට ජොලි කතා ටිකක් අහන එක නැතිවුණා සැබැ කම්‍කරුවන්ගෙ රෑට කුණු අස්කරන ඕ.ටී එක නැතිවුණා.

අද මැයි 02 බ්‍රහස්පතින්දාය .......

මුල් චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූ නව චිත්‍රපට

කඩවුනු පොරොන්දුව
තුෂාරා
කොළඹ සන්නිය
ලොකුම හිනාව - හැට හතර මායම්
බෝනික්කා
හතර දෙනාම සූරයෝ
වන මෝහිනි-මනමෝහිනි

සුරේඛා-ජීවිතේ ලස්සනයි.......තවත් ඇති මතක් වුණොත් තිලාට කියන්න...

අද මැයි 03 සිකුරාදාය

අපේ ඉන්නවා මාධ්‍යටත් චිත්‍රපටවලටත් ටිකක් සම්බන්ධ ගොබිලෙක් දුමින්ද කියලා. ඔය ගොබිල හැමදාම උදේට ඇදෙන් වැටිල වගේ තමයි ඉන්නෙ දවසක් චිත්‍රපටයක් රූගත කරන තැනකදී ඔය ගොබිල හම්බ වුණා පොර තිලා දිහා බලල "මචං උඹ වගේම එකෙක් ඉන්නවා ලේක්හවුස් එකේ" තිලත් ඉතින් "ඔව්‍ මචං ඒ මගෙ අයිය අපි නිවුන්නු ඌ පිස්සු කෙලිනවා ලේක්හවුස් එකට වෙලා "කිව්වා

ආයෙ ටික දවසකින් පොර ලේක්හවුස් එකේදි තිලව දැකල " මචං උඹෙ මල්ලි හම්බ වුණා ෆිල්ම් එකක ෂූටින්වලදී

"ඔව්‍ මචං අපි නිවුන්නු ඒ පිස්සු යකා ෆිල්ම්වල වැඩ කිය කිය පිස්සු කෙලිනවා මචං.........

එකා තාම හිතන් ඉන්නෙ තිලා වගේ දෙන්නෙක් ඉන්නවා කියල..........

අද මැයි 04 සෙනසුරාදාය.

අද අපේ චින්තකයාගේ ගෙදර බණට සහභාගි වුණා එහෙ අපේ ඡායාරූප ශිල්පීන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුත් සමඟ විශාල පිරිසක් ඉතිං කාලෙකින් අපේ ඡායාරූප ශිල්පි සුමනචන්ද්‍ර ලේක්හවුස් එකේ ⁣අත්දැකිම්‍ කියන්න ගත්ත. වෙනත් කලාකරුවන් මෙන්ම ඡායාරූප ශිල්පීනුත් වයසට යන්නෙ නැනේ.

උදා : තිලා ජැක්සන් ඇන්තනීට කියන්නෙ ජැක්සන් අයියා කියල එයාගෙ දරුවෝ තිලාට කියන්නෙත් අයියා කියල. ඉතින් ඔය වගේ අපේ සුමනචන්ද්‍ර ගම පැත්තෙ ලස්සන ගැනු ළමයෙක් ඒ පැත්තෙ වැවක් ගාවට එක්ක ගිහින් ඔරුවක තියලා නෙලුම් මල් ටිකක් අතට දීලා ලස්සන ඡායාරූප ටිකක් අරගෙන ඉවර වෙලා සුමනචන්ද්‍ර ඇහුවලු

" අත්තටම නංගි ඔයා ලස්සනයි ඔයාට බෝයි කෙනෙක් ඉන්නවද "

" නෑ අයියා... ඒත් එහෙම හිතන්න එපා... අයියගේ වෙඩින් එකේ ජයමංගල ගාථා කීවෙත් මම..................

සුමනචන්ද්‍ර අහල තියෙන්නෙත් සහෝදර කමට........

අද මැයි 05 ඉරිදාය..

අපේ මහේන්ද්‍ර පෙරේරා පරණ වැඩෙ ආයි පටන් අරන් පරණ කිව්වෙ මහෙන්ද්‍ර කරන වැඩමුළුවක ඊයෙයි අදයි අලුතෙන් බඳවා ගන්නා පරීක්ෂණය. හරි හැටි රංගනය ඉගනීමට පාසලක් නැති අපේ රටේ මහේන්ද්‍ර කරන්නෙත් සේවාවක්. ඔහුත් මුල් කාලයේ වැඩමුළුව රාශියකට සහභාගි වුණා මතකයි. ධම්ම ජාගොඩයන්ගෙ හා ආචාර්ය සලමන් ෆොන්සේකාගේ සහ හෙලේනා ලෙත්තිමතිගෙ වැඩමුළුවලින් වැඩක් ගත්ත මහෙන්ද්‍රත් සෑහෙන ශිල්පීන් පිරිසක් හැදුවා. එයින් දසුන් පතිරණ ප්‍රධානයි පසුගිය සම්මාන උලෙළෙක අවසන් වටයට දෙදෙනාම සුදුසුකම් ලැබූ මෙහොතේ දසුන්ට සම්මානය හිමිවුවා. දසුන් ඒ වේදිකාවෙම තම ගුරුවරුයාට සම්මානය භාරදෙන්න නියම කලාකරුවන් ලෙස පෙන්වා දුන්නා.......

ලැබුණු තැගි මුදලත් බාරදුන්නද දන්නෙ නැ අහන්න ඔන දෙන්නගෙන්ම... ඉතින් මහේන්ද්‍ර අලුත් වුණ පරණ වැඩේට සුභ පැතුම් ...........

අද මැයි 06 සඳුදාය

රණවිරුවන් ගැන වැඩිපුර කතාවෙන මේ කාලයේ මානුෂික මෙහෙයුම අවසන් වනතෙක් බර කරට අරන් වැඩ කරපු තවත් මේ‍ජර් ජෙනරාල්වරු දෙදෙනෙකු මේ දිනවල හමුදා සේවයට සමුදුන්න...ඒ මේ‍ජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්‍චි සහ අරුණ වන්නිආරච්‍චි යන විරුවන්ය. අවසන් මෙහෙයුම කාලයේ කොඩිකාවම්‍ ප්‍රදේශය හා අවසන් සටන කාලයේ මුලතිව් ඔඩ්‍ඩුසුඩාන් නගරය හා ත්‍රස්තවාදී නායකයාගේ සුවිසල් බංකරය අල්ලා ⁣ගන්නා විශාල මෙහෙවරක් කල හතරවන කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස සිය කාර්ය ඉටු කළේ එවකට කර්නල් නිශාන්ත වන්නිආරච්‍චිය.

57 සේනාංකය ප්‍රධානියෙකු ලෙස කිලිනොච්චි නගරය දැවැන්ත සටනක් කරමින් මුදාගන්නා අවස්ථාවේ සිය කර්යය මැනැවින් ඉටුකළ එවකට කර්නල් අරුණ වන්නිආරච්‍චිය. තිලා ඇතුළු මාධ්‍ය සගයින් කිහිපදෙනකුට කැපවීම තාමත් මතකයි ඉතින් මෙ‍වැනි අත්දැකීම්‍ ඇති විරුවන් දෙදෙනාට සමුදෙන්නෙ රටට අවශ්‍යම මොහොතක බව තෙරුම් ගන්නෙ කවුරුන්ද?

අද මැයි 07 අගහරුවාදාය ......

මේ‍ දිනවල හිතට දැනෙන මොකක්දො අවුල් සහගත තත්ත්වය නිසා චිත්‍රපටියක්වත් බලන්න බැරිවුණා කියලා යාළුවෙකුට කියන එක අහන් හිටපු මායියා අන්න ඊයේ ආසයි මං පියාඹන්න චිත්‍රපටය ගියා ටීවී එකේ තිලා ඉතින් පුංචි මෙහෙයුමක් කරල නැවත බැලුව ඒ ඉතාමත් ජනප්‍රිය ගීත යළිත් මතකයට ආව සමනල් හැගුමන් අතරේ (උරේෂා රවිහාරි)

පානා සුපෙම්‍ සිනාවෙ.
වලාකුල් වියන් තනාලා
ඉරේ රැස් නිවා දමා

(භාතිය-සංතුෂ්-උමාරියා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.