27
දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ 38 වෙනි ගුණ සමරුව වෙනුවෙන් සමස්ත ලංකා ගීත ගායනා තරඟය ‘විජය ගී තරුව 2026’ පසුගිය දා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණ. මෙය සංවිධානය කරන ලද්දේ විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම විසිනි. මෙහිදී විජය ගී තරුව 2026 අවසන් වටය සඳහා තරඟ කළ ගායන ශිල්පී ශිල්පිනියන් සහ පසුගිය වසර වල ජයග්‍රහණය කළ ශිල්පීහු ගීත ගායනා කළහ.
