කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවන සිනමා නිර්මාණයක් වන ‘මලකි දුවේ නුඹ’ සිනමාපටය මේ වන විට සිනමා ශාලාවල අති සාර්ථක ලෙස දිaන 50 පසු කරමින් තිරගත වේ.
මෙහි මාලිනි ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුෂේන්යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, ප්‍රදීපා ධර්මදාස ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.
වින්දන ආරියවංශ රචනා කළ මලකි දුවේ නුඹ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගෙන් වන අතර සංස්කරණය කල්පන ආරියවංශගෙනි. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතයෙන් දායක වන මෙහි ශබ්ද නිර්මාණය සහ ශබ්ද සංකලනය තපස් නායකගෙනි. සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. වේශ නිරූපණය ප්‍රියන්ත එස් වන්නිනායක ගෙනි. මලකි දුවේ නුඹ වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ කුලරත්න ආරියවංශ ගේ නිෂ්පාදනයකි.
