හැටේ දශකයේ රොබින් තම්පෝගේ ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි ඇය මූල් යුගයේ සරල වාණිජමය චිත්‍රපට තුළ රංගනයේ යෙදුණාය. පසුව ‘දොලොවක් අතර, වැලිකතර, අනුපමා, සිකුරුලියා චිත්‍රපට තුළින් සිය දක්ෂතා පෙන්වමින් ප්රේක්ෂය, ආදරය, නොමඳව ලබන රංගවේදිනියක බවට පත් වුවාය. ‘සාධි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඇය අධ්යක්ෂවරියක ලෙස ද ප්‍රේක්ෂකයින් අතරට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියි. මේ සොඳුරු කතා බහ ප්‍රවීණ රංගවේදීනී සූවිනීතා වීරසිංහ සමඟිනි.
රොබින් තම්පෝ හමුවීම
බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යායන කටයුතු කරමින් සිටින අතරතුර මට සිනමාවට එන්න ලැබුණා. එවකට ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ චිත්රාගාර (ආර්. ටී චිත්රගාරය) හිමිකරුවෙක් වුණු රොබින් තම්පෝගේ ‘සුදු ස½ඳේ කළු වලා’ (1963) චිත්‍රපටය රඟපෑමට අවස්ථාව ලැබුණා. ඔහු විසින් ඒ සඳහා ලංකා චිත්‍රාගාරයේ පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ පරීක්ෂණයට එවක පළපුරුදු නිළියක් වුණු සන්ධ්‍යා කුමාරි සහභාගි වුණා. ඒ නිසා මාව තෝරා ගනීවිද කියන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් සුදු ස½ඳේ කළු වලා චිත්‍රපටයේ වසන්තිගේ චරිතයට බොනිෆස් ප්‍රනාන්දු සමඟ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉන් ඉන්පසුව තම්පෝගේ සමාජයේ අපි ඔක්කොම සමානයි (1964) චිත්‍රපටයේ රඟපෑවා. ඔහු ‘සුදෝ සුදු’ චිත්‍රපටය නිර්මාණය කළේ එවකට අපට පාසලේ විෂය නිර්දේශයට නියමිතව තිබුණ (1965) සාගර පළන්සූරියගේ ‘සුදෝ සුදු’ කාව්‍ය සංග්‍රහය පාදක කරගෙන. ඒක කලාත්මක පැත්තට බරවුණු චිත්‍රපටයක් ගාමිණි ෆොන්සේකා සමඟ මම හීන් මැණිකාගේ චරිතය රඟපෑවා. මට ඒ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේ කාලෙක කලාත්මක චිත්‍රපටයක් කරලා රොබින් තම්පෝ අපහසුතාවයට පත්වුණා.
රඟපෑම පිළිබඳව දැනුණේ
අධ්යක්ෂවරයා කියන දේ කරනවා හැර රඟපෑම ගැන වෙන දැනුමක් අවබෝධයක් තිබුණේ නෑ. ඒ චිත්‍රපට රූපගත කළේ චිත්රාගාරව ඇතුළේ දමිළ අධ්යක්ෂවරයෙක් හැටියට ඔහුගේ දමිළ ශෛලියෙන් තාත්විකව නොවන රඟපෑම් දෙබස් උච්චාරණය ආදිය තිබුණා. රොබින් තම්පෝ හොඳ මිත්‍රශීලී සුන්දර චරිතයක් ඔහුත් එක්ක වැඩ කරන්න පහසුයි.
රංගන ජීවිතය වෙනස් වුණේ
මුල් චිත්‍රපටවල රඟපාද්දි මම කල්පනා කළේ ගස් වටේ සින්දු කියනවා නටනවා. මේ රඟපෑමේ ස්වභාවය වෙනස් වෙන්න ඕනෑ කියලා තෝරාගන්න ඕනෙ මොකක්ද කියලා හොඳට කල්පනා කරලා බුද්ධිය මෙහෙයවලා. මම ගත් තීරණය තමයි වාණිජ රැල්ලට ගිහින් රැල්ලට අහුවෙලා ප්‍රසිද්ධ වෙලා මුදල් හොයනවාද කලාත්මක චිත්‍රපටවල හොඳ චරිත රඟපාලා ප්‍රේක්ෂකයින්ගේ හිත ඇතුළේ හැමදාමත් ජීවත් වෙනවද කියන එක එහෙම දෝලනය වෙමින් ඉන්න අතරතුර සුදෝසුදු චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න ලෙස්ටර්-සුමිත්‍රා යුවළ පැමිණියා. එහිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මට සුබ පතලා ඔහුගේ දෙලොවක් අතර (1966) චිත්‍රපටයේ රඟපාන්න ආරාධනා කළා. ඒ අනුව මම ටෝනි රණසිංහ සමඟ ඒ චිත්‍රපටයේ රඟපෑවා. ලෙස්ටර් කියන්නේ හිතවත්කම්වලටත් ලස්සන බලලවත් චරිතවලට නළුනිළියන් තෝරාගන්න කෙනෙක් නෙමෙයි. චරිතයට ගැළපෙන්න කෙනාවම තමයි ඔහු තෝරා ගන්නේ. ඔහුගෙන් තමයි මම තාත්වික රංගනය මොකක්ද කියලා අවබෝධ කරගත්තේ? දෙලොවක් අතර චිත්‍රපටය තමයි මගේ සිනමා ජීවිතය කඩඉම බවට පත් වුණේ.
සිනමා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් වෙනස් වුණා
‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ දෙබස් රචකයා සහ සහාය අධ්යක්ෂවරයා හැටියට කටයුතු කළේ තිස්ස අබේසේකර. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් තිබෙන අතරතුර තිස්ස සමඟ මම විවාහ වුණා. 1965 වසරේදී ඒ සඳහා ලෙසට සුමිත්‍රා යුවළ සහයෝගය දුන්නා. මම හුඟාක් ළාබාලා නිසා මගේ දෙමව්පියන් විරුද්ධතාවය දැක්වූ වුවත් දෙමව්පිය ආශිර්වාදය මැද චාම්, විවාහයක් සිදු කළා. අපට දුවලා දෙන්නෙක් ලැබුණා. ඔවුන් අපර්ණා නොරිකෝ. ඔවුන්ගේ කටයුතු නිසා මම වසර පහක් පමණ රංගනයෙන් ඈත් වෙලා හිටියා. තිස්ස සමඟ ගත කළ කාලය තුළ ඔහු මාව හොඳ චිත්‍රපට නාට්‍ය ආදිය නරඹන්න එක්කගෙන ගියා. මගේ දැනුම වර්ධනය වන ආකාරයෙන් කටයුතු කළා. තිස්සගෙන් ලැබුණු දේවල් තමයි මම අදටත් අරගෙන යන්නේ.
වැලිකතර සහ ඔබ
ඩී.බී නිහාල්සිංහ සහ තිස්ස අබේසේකර හොඳ මිතුරන් හැටියට හිටිය නිසා නිහාල්සිංහ ඔහුගේ පළමුව චිත්‍රපටයට මාව අවශ්‍යමයි කියල තිස්සගෙන් ඉල්ලීමක් කළා. එහි තිර නාටකය සහ දෙබස් රචනා කළේ තිස්ස. නිහාල්සිංහගේ ඉල්ලීමට තිස්ස එකග වුණු නිසා මට වැලිකතර (1971) චිත්‍රපටයේ ගීතා රන්දෙණියගේ චරිතය නිරූපණය කරන්න ලැබුණා. මගේ සිනමා ජීවිතය තුළ වැලිකතර මට අමතක කරන්න බෑ. අපේ ලාංකේය සිනමාව තුළත් වැලිකතරට විශේෂ තැනක් හිමි වෙනවා. පළවෙනි පුළුල් තිර (සිනමාකෝප්) චිත්‍රපටය හැටියට අධ්‍යක්ෂකවරයෙක් වගේම කැමරා ශිල්පියකු ලෙසත් නිහාල්සිංහ විශිෂ්ටයි. කැමරාව නිසලව තබාගෙන රූගත නොකර හස්ත ගත කැමරා (ඩ්චදඤ ඩ්ඥතඤ) භාවිතා කරලා වැලිකතර චිත්‍රපටයේ සුන්දර රූප රාමු ඔහු විසින් නිර්මාණය කළා. දැන් ඉන්න අධ්යක්ෂවරු වගේ තමන් අධ්‍යක්ෂක කියලා පෙන්නන ඇක්ෂන් කට් කිය කිය මා හඬින් කෑගහන්නෙ නැතුව නිර්මාණ කාර්යය හරියාකාරව කළ අති දක්ෂ ශිල්පියෙක් හැටියට නිර්මාණකරුවෙක් හැටියට නිහාල්සිංහ අපි අදටත් අගය කළ යුතුයි. වැලිකතරේදී මට හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න ලැබුණා. විකට රංගන ශිල්පියෙක් හැටියට කටයුතු කළ ජෝ අබේවික්‍රම වෙනස්ම රංගනයකින් වැලිකතරේදී අපි දැක්කා. ඔහු සහ ගාමිණී ෆොන්සේකා සමඟ සමබර රංගනයක යෙදෙන්න මටත් පුළුවන් වුණා අදටත් වැලිකතර කියන්නේ නව පරපුරට හදාරන්න සුදුසු චිත්‍රපටයක්.
මැද මාවතේ චිත්‍රපට සමඟ එකතුවීම
වාණිජ රැල්ලේ ගහගෙන ගිහිල්ලා තරුවක් වෙලා ටික කලකින් නිවිලා යන්න මට උවමනාවක් තිබුණේ නෑ. ඒ වුණත් වෘත්තිය රංගන ශිල්පිනියක් හැටියට කලාත්මක චිත්‍රපටවල පමණක් රඟපාලා ක්ෂේත්රයේ රැඳීලා ඉන්න අපහසු නිසා මම මැද මාවතේ චිත්‍රපට තෝරා ගත්තා. මම හිතන්නේ මැද මාවතේ හොඳම සිනමාකරුවා එච්. ඩී ප්‍රේමරත්නයි. ඔහුගේ සිකුරුලියා. (1975) චිත්‍රපටයේ මම නාමලීගේ චරිතය නිරූපණය කළා. අවස්ථා තුනක් නිර්මුණ වුණු තල තුනක දිවෙන චිත්‍රපටයක් අධ්යක්ෂවරයා සහ විජය ජෝ ගලගෙදර යන ශිල්පීන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. සිකුරුලියා කියන්නේ දිග්තල කාලගෝල කතාව නූනතත්වයට ගළපා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්. සුනිල් ආරියරත්නගේ පළවෙනි චිත්‍රපටය අනූපමා එහි 1978 මම හොඳ චරිතයක් රඟපෑවා. විලියම් හෝලම්ස්ගේ සකුන්තලා 1977 චිත්‍රපටිය මතක් කළ යුතුයි.
වර්තමාන ප්‍රේක්ෂකයා
දැන් මිනිස්සුන්ට සිනමා පිපාසයක් තියෙනවා. ඒ පිපාසය සංසිඳුවා ගැනීමට ඔවුන් චිත්‍රපට බලනවා. හරියට උගුර දැවිල්ලට අයිස් කැටයක් කනවා වගේ වැඩක් ඒක තාවකාලික සුවයක් පමණයි. දැන් මිනිසුන්ගේ රසඥතාවය වෙනස්. සංගීතය හාස්‍යය තියෙන චිත්‍රපට බලන්න කැමතියි. විවිධ ප්‍රශ්න නිසා මානසික කායික ආතතිය සුවපත් කර ගන්න ගියාම ඒ මොහොතට දැනෙන සුන්දරත්වය එක්ක රැඳෙනවා. අමුතු අත්දැකීමක් ලැබෙනවා. මිස බුද්ධිමය වශයෙන් හෝ මානුෂ්‍යත්වය වර්ධනයක් වීමක් සිදුවන්නේ නැහැ.
කලා ශිල්පිනියක් වීම
ප්‍රේක්ෂක හදවත්වල රැඳෙන්න පුළුවන් චරිතයක් මම නිරූපණය කළා. මම රඟපානවට මගේ අම්මා කැමති වුණේ නෑ. මගේ පියාගේ නම් කැමැත්ත ලැබුණා කොහොම වුණත් රඟපෑම් කටයුතුවලට මගේ දෙමව්පියෝ විශාල සහයෝගයක් දුන්නා. ඔවුන් කළ කැපවීම අදටත් මගේ හිතේ තියෙනවා. මටත් රඟපෑම වෘත්තියක් හැටියට කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. මා සමඟ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මගේ සමකාලීනයන් පසු කලෙක මා කලාකාරිනියක් වූ පසු ඔවුන් වෛද්‍යවරුන් වෙලා මට හමුවුණා. ඔවුන් මට වෛද්‍යවරියක් වෙන්න බැරි වුණා කියලා කියද්දි මම ඔවුන්ට කිව්වේ ඔවුන් රෝගීන් සුවපත් කරනවා වගේම මමත් කලාව තුළින් මිනිසුන්ගේ මනස සුවපත් කරනවා. මනස සුවපත් උණාම සියලුම කායික රෝග සුවපත් වෙනවා කියලා. කලාකාරිනියක් වීම තුළින් ප්‍රේක්ෂක හදවත් තුළ සදාකාලිකව රැඳී ඉන්න පුළුවන්කම ලැබුණා. මට සම්මාන ලැබුණා. විදෙස් සම්මාන උලෙළට සහභාගි වුණා. මම සෑහීමකට පත් වෙනවා මට කරන්න ලැබුණු දේවල් සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ජනතාවක් ආදරය මැද මම හොඳ මානව හිතවාදී කලාකාරිනියක් හැටියට ජීවත් වෙනවා. මේ කලාවට මා විසින් දායාද කළ මගේ පුත්‍රයාට කරන්න ලැබුණු දේවල් සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ජනතාවක් ආදරය මැද මම හොඳ මානව හිතවාදී කලාකාරිනියක් හැටියට ජීවත් වෙනවා. මේ කලාවට මා විසින් දායාද කළ මගේ පුත්‍රයා දේවීන්ද කෝන්ගහගේ. මගේ අඩි පාරේ යමින් කලාකරුවෙක් අධ්යක්ෂවරයක හැටියට කටයුතු කිරීම මට සතුටක්.
ෂෙරින් පීරිස්
