සිය නෑ කෝරලයේ බිහි වූ කලාකෙත අස්වැද්දුවන් අතරින් කෙනෙකු වූ දිනේෂ් ලක්දුසිංහ සහය අධ්‍යක්ෂණයෙන් අධ්‍යක්ෂණයෙන් කලා ක්ෂේත්රයේ නම් දැරුවන් අතරේ වැජඹෙන පුද්ගලයෙකි. වාර්තා වැඩසටහන් ටෙලි නාට්‍ය චිත්‍රපට මෙන්ම වෙළෙඳ දැන්වීම් නිර්මාණයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයා ගිය නිර්මාණකරුවකු වන දිනේෂ් මේ වන විට සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය හයසියය ඉක්මවා ඇත. මෙරට ප්‍රචලිත සන්නාමයන් වෙනුවෙන් ඔහු අතින් අධ්‍යක්ෂණය වූ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය මේ වනවිටත් දෙසීය ඉක්මවා ඇත. මෙරට වෙළෙඳ දැන්වීම් නිර්මාණයේ ප්‍රචලිත නිර්මාණ අධ්යක්ෂවරුන් කිහිප දෙනා අතර ඉහළින් වැජඹෙන දිනේෂ් ලක්දුසිංහ මෙරට අධික පිරිවැයක් දරා නිර්මාණය කළ බොහොමයක් කොමර්ෂල්වල නිර්මාණශීලි අධ්‍යක්වරයා ද වන්නේය. පුරා වසර විසිහතක් පුරාවට සහය අධ්යක්ෂවරයකු සේම අධ්යක්ෂවරයකු ලෙසින් කලා ක්ෂේත්රයේ නියැළී සිටින දිනේෂ් මෙරට බොහෝ ප්‍රවීණ චිත්‍රපට ටෙලි නාට්‍ය අධ්යක්ෂවරුන් රැසක් යටතේ සහය අධ්යක්ෂවරයකු ලෙසින් ද කටයුතු කරමින් අත්දැකීම් රැසකින් පොහොසත් වුවකු ද වේ. සමහර ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන්ට තම නිර්මාණ කරණයේදී නැතුවම බැරි සහය අධ්යක්ෂවරයකු බවට පත්ව සිටින දිනේෂ් ලක්දුසිංහ කලක් ස්වර්ණවාහිනී නාළිකාවේ පේ්රක්ෂක හද බැද ගෙන විකාශය වූ කළුගඟ දිගේ නිර්මාණයේ අධ්යක්ෂවරයා විය.
මීට මාස කිහිපයකට පෙර අප අතරින් වෙන් වූ සකල කලා සක්විති ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ ඇගැයුම් පැසසුම් මධ්‍යයේ ඔහුත් සමඟ නිර්මාණකරණයේ නියැලී නිහඬ චරිතයක් වූ දිනේෂ් ලක්දුසිංහ හා අපි කතා බස් කරමු.
වසර විසිහතක් පුරා නිහඬ චරිතයක් ඔබ?
මම කවදත් සෙමින් ගමනක් ගිය නිහඬ චරිතයක් හැබැයි නිහඬ ගමන තුළ කරපු වැඩ ප්‍රමාණය සුළු පටු නෑ. ලැබුව අත්දැකීම් ප්‍රමාණයත් සුළු පටු කොට තකන්න බෑ. අධ්යක්ෂවරයෙක් සහය අධ්යක්ෂවරයෙක් ලෙස මම තැනක ඉන්නවා නම් ඒ තැන හදාගත්තෙත් මම. මගේ කලා ජීවිතයෙන් වැඩි කාලයක් මම ආයතනගතව සේවය කළා. මම අතින් නිර්මාණය වූ බොහෝ කලා නිර්මාණවල තාත්තා මම වුණත් උප්පැන්න ලියවුණේ තාත්තා හැටියට මම සේවය කළ ආයතනය දැන් මම නිදහස් නිර්මාණ අධ්යක්ෂවරයෙක් සහය අධ්යක්ෂවරයෙක් දැන් මගෙන් උපදින ළමයි වගේ නිර්මාණ වල තාත්තා හැටියට උප්පැන්න ලියවෙන්නෙත් මගේ නමට. ඒක මට ලොකු සතුටක්.
දිනේෂ් තුළ කුඩා කල පටන් ආශාවක් තිබුණ ද කිසියම් හෝ දිනක අධ්යක්ෂවරයෙක් වන්න?
නෑ. කොහෙත්ම නෑ. මේක මමත් නොසිතපු අහඹු දෙයක්. මගේ ආශාව තිබුණේ ඡායාරූප කලාවට මගේ තාත්තාත් ප්‍රවීණ ස්ටීල් ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්. තාත්තා ඡායාරූප ශිල්පියෙක් ලෙසත් පුවත්පත් වාර්තාකරුවකු ලෙසත් කටයුතු කළා. තාත්තාට පුද්ගලික ඡායාරූප ස්ටුඩියෝවක් පවා තිබුණා. මට ඡායාරූපයක් ගන්න තැන ඉඳලා ඒක ලැබ් එකක් ඇතුළේ මුද්‍රණය වී එළියට එන තැන දක්වා දේ මගේ තාත්තාගේ ඇසුරේ මම පවුල තුළදීම නිරායාසයෙන් ඉගෙන ගත්තා. ඒ නිසාම මගේ හිතත් ඇදිල ගියේ ඡායාරූප කලාවට මමත් තාත්තාගේ ස්ටුඩියෝවේ පින්තූර ගත්තා පත්තර වලට තාත්තා වගේම පින්තූර අරන් යැව්වා. ඒවා පත්තරවල පළ වුණා. මට පුදුම ආසාවක් ඕනෙ කමක් තිබුණේ නිශ්චල ඡායාරූප ශිල්පියෙක් වෙන්න.
නිශ්චල ඡායාරූපයට පෙම්බඳින දිනේෂ් අධ්යක්ෂවරයෙක් බවට පත් වෙන ගමන කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?
මුලින්ම මට සහය අධ්යක්ෂවරයෙක් ලෙස තමයි මේ ක්ෂේත්රයට එක්වන්නේ. වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලය. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය මගේ ඉගෙන ගත් පාසල් වුණා. මේ පාසල් වල කලා කටයුතු වලත් මගේ ගමේ කලා කටයුතු වලත් මම කුඩා කාලයේ යෙදුණු පුද්ගලයෙක්. මගේ පියාට ගොඩක් ඕනෙ කළේ මාව ඡායාරූප කලාව පැත්තෙන් ඉදිරියට යනවා දකින්න. ඒ නිසාම තාත්තා මගේ පාසල් අධ්‍යාපනය අවසන් වූ විගස ලාල් හෑගොඩ මහතා යටතේ ඡායාරූප කලාව හදාරන්න යොමු කළා. ඒ වගේම එඩ්වින් ආරියදාස මහතා බොරුල්ලේ දිසි දසුන ආයතනය තුළින් කළ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට යොමු කළා. මේ හැදෑරීම් අතරේ මගේ ඥානය වැඩි දියුණු වෙන අතරේ මගේ ඥාති වන අක්කා කෙනෙක් වූ ක්‍රිෂාන්ති ඩයස් හා ඇගේ සැමියා වූ වජිර ඩයස් දෙපළ මට යෝජනාවක් කළා. දිනේෂ් ඔහොම ඉඳලා බෑ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න මම දන්න කියන තැනක ලොකු මහත්තයෙක් ඉන්නවා මම එයාට කතා කරල ඔයා ගැන කියන්නම් ගිහින් හමුවන්න කිව්වා. ඔවුන් දෙපළ මට කිව්ව ඒ ආයතනය වුණේ ටී.වී.ටී. ආයතනය එහි සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළේ නීල් ප්‍රේමතිලක මහතා මම එතුමා හමුවීමට ආවා. ඇවිත් මගේ ආශාව ගැන ඔහුට කිව්වා. මම ඒ වෙනකොට කරල තිබුණු වැඩ අරන් තිබුණ ඡායාරූප පුවත්පත්වල පළ වී තිබු ඡායාරූප ආදිය මම ඔහුට පෙන්නුවා. එතුමා මාව යොමු කළා. ඒ මොහොතේම පරාක්‍රම නිරිඇල්ල මහතා වෙත. මේ 1997 වසරේ ඒ වෙනකොට පරාක්‍රම නිරිඇල්ල මහතා ටී.වී.ටී ආයතනයේ නිෂ්පාදනයක් ලෙස සුදෝ සුදු ටෙලි නාට්‍ය පටන් ගන්න සියලු කටයුතු සුදානම් කරල තියන මොහොත. නමුත් ඒ වෙනකොට රූපගත කිරිම් පටන් අරන් තිබුණේ නෑ. මම එතුමාට මම අරන් තිබුණු පින්තූර ඇල්බම් එක පෙන්නලා මම කියා සිටියේ මට නිශ්චල ඡායාරූප ශිල්පීයෙක් වෙන්න ඕනෙ කියලා. නමුත් පරාක්‍රම සර් මට කිව්වා ඔයාව ඒ සඳහා ගන්න බෑ. ඒ කටයුත්ත කරන්න කෙනෙක් ඉන්නවා. චන්දන ජයසිංහ කියල එයා තමයි කැමරාකරණය කරන්නෙත්. පින්තූර ගන්නෙත් කියල ඔයා කැමති නම් මම මේ සුදෝ සුදු ටෙලි නාට්‍යයේ තෙවැනි සහය අධ්යක්ෂ ලෙස ඔයාව ගන්නම් කියලා. මම කිව්වා සර් මම කැමති ස්ටීල් කරන්න කියලා ඒත් පරාක්‍රම සර් කිව්වා ඔයා මේක කරල බලන්නකෝ. මම කියනවට කියලා මගේ හිතේ අකමැත්තක් තිබුණත් මට ඒ කටයුත්ත අහක දාන්න බැරි නිසා මම ඒදේට කැමැති වුණා.
හා පුරා කියා තෙවන සහය අධ්යක්ෂවරයා බවට පත්වන ඔබ නොසිතන ගමනක විජයග්‍රහණය සොයගන්නේ කොහොමද?
සුදෝසුදු ටෙලි නිර්මාණයේ ෂුටින් පටන් ගත්තා. මට තිබුණේ නළු නිළියන් ගෙන එන්න. අඩුම තරමින් සෙට් එක සමඟ මූවෙන්නවත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ එක දවසක මට අවස්ථාවක් උදා වුණා සෙට් එකට එන්න. ඒ ආපු වෙලාවක මාව දකින පරාක්‍රම නිරිඇල්ල මේ ටෙලි නාට්‍යයේ දෙවන සහය අධ්යක්ෂ ලෙස වැඩ කළ කුමාර සිංහබාහුට කතා කරල කියනවා මට උගන්වන්න කියලා. ඒ වනවිටත් මම ප්‍රඩක්ෂන් කෲරූ එකේ කවුරුවත් හඳුනාගෙන හිටියේ නෑ. මම ලොජ්වෙලා හිටියෙත් පරාක්‍රම නිරිඇල්ල සර් හා නළු නිළියන් ලොජ්වෙලා හිටිය තැනමයි. ප්‍රධාන සහය අධ්යක්ෂ දෙවන සහය අධ්යක්ෂ සමඟ ඒ වනවිට මගේ කිසිම ගනුදෙනුවක් තිබුණේ නෑ. මට තිබුණේම ආටිස්ලා ගේන එක ආපසු එක්ක යන එක. දවසක් දෙවන සහය අධ්යක්ෂ මට එන්න කියල පරාක්‍රම සර් ඔයා ගැන පැහැදීමකින් ඉන්නේ ඒක නිසා මේව ගැන ඉගෙන ගන්න කියලා මට මුලින්ම කෝල් ෂීට් ලියන්න දුන්නා. ඔහොම කාලය ගෙවිල යනකොට මේ සුදෝසුදු නාට්‍යයේ පළමු සහය අධ්යක්ෂ හා දෙවන සහය අධ්යක්ෂ අතර ඇති වූ විරසක වීමක් නිසාවෙන් දෙවන සහය අධ්යක්ෂ මේ නාට්‍යයෙන් ඉවත් වෙලා ගියා. ඒ සමඟම මට දෙවන සහය අධ්යක්ෂ ලෙස වැඩ කරන්න අවස්ථාව උදා වුණා. ඔහොම යනකොට නාට්‍ය ෂුටින් ඉවර වෙන්න සතියක් තියලා පළමු සහය අධ්යක්ෂ ජයම්පති බෝපිටිය මට කියනවා මට මේක ඉවර කරන්න මොරාල් එකක් නෑ මල්ලි උඹ මේක ඉවර කරපන් කියලා. ප්‍රධාන සහය අධ්යක්ෂ නැතුව මට සෙට් එකේ ඒ වගකීමත් අරන් කටයුතු කළා. දීර්ඝ කාලයක් ෂූට් කරපු විශාල මුදලක් වැය කරල කරපු මේ නිර්මාණයට අපේ ජනපි‍්‍රය ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා. ඒ අයව සමීපව ඇසුරු කරන්න හඳුනාගන්න මට ලොකු අවස්ථාවක් මෙහිදී ලැබුණා. මමත් හොඳින් ජව සම්පන්නව මේ නිර්මාණය තුළ වැඩකරන කොට මට ආයෙ ඡායාරූප ශිල්පයට යන්න හිත දුන්නෙම නෑ. කොටින්ම කිව්වොත් ෂුටින් ඉවර වෙලා සංස්කරණ කටයුතු වලදිත් මට ලොකු අත්දැකීමක් ලබන්න හැකිවුණා. රවීන්ද්‍ර ගුරුගේ මහතා ඇසුරේ ඔය අතරේම ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා නිර්මාණය කළ සුසැටමායම් ටෙලි නාට්‍යයට දායක වෙන්න මට අවස්ථාව උදා වුණා. ඇතුගල මහතාට මාව හඳුන්වා දෙන්නේ පරාක්රමනිරිඇල්ල මහතා දක්ෂ කොල්ලෙක් ඉන්නවා සහය අධ්‍යක්ෂක මට අරන් බලන්න කියලා. මේ ටෙලි නිර්මාණයේ පළමු සහය අධ්‍යක්ෂක දිලිප් රෝහණ මහතා වෙන කෙනෙක් දෙවන සහය අධ්‍යක්ෂකට අරන් තිබියදිත් ටික දවසකින් ඔහු හොඳ නෑ කියලා මාව දෙවන සහය අධ්යක්ෂ ලෙස ගත්තා. ඒ වෙනකොට දිලිප් රෝහණ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ උප විදුහල්පති. එතුමා දවස් තුනකට සැරයක් නිවාඩු කඩනවා කියලා කොළඹ යනවා ඉතිං මම ඒ දවස්වලට තනියම ඔහුගේ කාර්යත් කරනවා. ආචාර්ය ඇතුගල ටෙක්නිකල් සයිඩ් එක හොඳට හදාරපු කෙනෙක්. තනිව ඒ වැඩ කරගන්න හැටි මට හොඳ අත්දැකීමක් වුණා. ඊට පස්සේ නැවත පරාක්‍රම නිරිඇල්ල මහතා කළ ගිරිදෙරණ ටෙලි නාට්‍යයේ මම දෙවන සහය අධ්යක්ෂ ලෙස වැඩකළා.
මුල්වරට ඔබ සහය අධ්යක්ෂවරයෙක් ලෙස නාමාවලියේ සඳහන් වන්නේ මොන නිර්මාණයත් සමඟද?
තෙවන සහය අධ්යක්ෂලෙස සුදෝසුදු සඳහා දායක වුණත් මගේ ටයිටල් එක ගියේ දෙවන සහය අධ්යක්ෂ ලෙස. කොහොම හරි වසර දෙකකට පස්සේ. සුදත් දේවපි‍්‍රය නිර්මාණය කළ තොටුපළ ටෙලි නාට්‍යයේ සම සහය අධ්යක්ෂවරු හැටියට මගේ නමත්, දිලිප් රෝහණගේ නමත් සඳහන් වුණා.
ඔබ ආයතන ගත සහය අධ්යක්ෂවරයෙක් බවට පත්වෙනවා නේද?
ඔව්. 1999 දී මට ටී.වී.ටී. ආයතනය යෝජනාවක් ගෙන එනවා. එම ආයතනයේ ස්ථිර සේවකයෙක් ලෙස සහය අධ්යක්ෂවරයෙක් ලෙස වැඩකරන්න එන්න කියලා. ඒ වෙනකන් ආයතනය තුළ ඒ තනතුරේ කටයුතු කළ අය සිටියේ ස්ථිර සේවයේ නොවෙයි. නමුත් ඔවුන් මාව ආයතනයට බඳවා ගත්තේ ස්ථිර සේවයටම තමයි. ටී.වී.ටී. ආයතනයේ ස්ථිර සේවයට එක් වූ පළමු සහය අධ්යක්ෂවරයා මම. ආයතනය විසින් මාව ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂණයෙන් ඉවත් කර ආයනය වෙත ලැබෙන කොමර්ෂල් සඳහා සහය අධ්යක්ෂණ කටයුතු කරන්න භාරකළා. එතැන් පටන් මට විශාල අධ්යක්ෂවරු ප්‍රමාණයක් යටතේ වෙළෙඳ දැන්වීම් සඳහා සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න ලැබුණා.
ප්‍රවීණ අධ්යක්ෂවරුන් ගණනාවක් තුළ වැඩකිරීම ඔබට විශ්ව විද්‍යාලයක් බදු වෙන්න ඇති?
ඔබ කිව්ව අදහසට මම එකඟයි. අපේ රටේ වුණත් කොමර්ෂල් පැත්තේ වැඩ කරන ඩිරෙක්ටස්ලා අඩුයි. හැමෝටම බෑ තත්පර තිහකට ලොකු අදහසක් කියන වැඩක් කරන්න. ඒකට සුවිශේෂි හැකියාවක් තිබිය යුතුයි. පරාක්‍රම නිරිඇල්ල ජයන්ත චන්ද්‍රසිරි, සුදත් දේවපි‍්‍රය, ජයප්‍රකාශ් ශිවගුරුනාදන්, ප්‍රසන්න ජයකොඩි, වසන්ත ඔබේසේකර වගේ අධ්යක්ෂවරු විතරක් නොවෙයි. රංග දසනායක රෝහණ වීරසිංහ වගේ සංගීතඥයෝ කේ.බී. හේරත් වගේ පිටපත් රචකයෝ ආදී ප්‍රවීණයන් රැසක් සමඟ මට මෙහිදී අසුරු කරන්න. වැඩකරන්න ලැබෙනවා. නළු නිළියන් පමණක්ම නොවෙයි මේ ක්ෂේත්රයේ බොහෝ දෙනා ගේ ඇසුර තුළ මම නිතැතින්ම අපිරිමිත දැනුමක් ලබනවා. පන්සියකට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් සඳහා සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින් කොටින්ම කිව්වොත් රූපගත කිරීමේ සිට සංස්කරණය අවසානයේ ප්‍රඩක්ෂන් අවුට් පුට් එක දක්වා මේ හැම නිෂ්පාදනයක් වෙනුවෙන්ම මගේ දායකත්වය ලැබුණා.
එකක් දෙකක් සහය අධ්‍යක්ෂණය කරනකොට අධ්යක්ෂ කෙනෙකු වෙන්න සිහින මවන වටපිටාවක් තුළ ඔබ තුළත් එවැනි සිතුවිල්ලක් ඇතිවුණේ නැද්ද?
කවදත් මගේ තිබුණේ සෙමින් ගමනක්. 2009 වසරේ මට මුලින්ම අධ්යක්ෂණයට පිවිසෙන්න අවස්ථාව උදා වුණා. කොමර්ෂල් එකකින්. මෙරට නම් දැරූ ආයතනයකින් මගේ කිසියම් හෝ දක්ෂතාවයක් දැකලා අපේ ටී.වී.වී. ආයතනයට යෝජනා කළා. මා ලවා ඔවුන්ගේ නවතම වෙළෙඳ දැන්වීම නිර්ිමාණය කරගන්න. ඒ තමයි මගේ තවත් එක් හැරවුම් ලක්ෂයක් වුණේ. එතැන් පටන් මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ ආයතනවල සන්නාම වෙනුවෙන් මගේ අතින් වෙළෙඳ දැන්වීම් නිර්මාණය වුණා. දෙසියකට අධික ප්‍රමාණයක්.
ඉදිරියේදී ඔබේ සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ තිරගතවීම ඇති සිනමා නිර්මාණ මොනවද?
ජැක්සන් ඇන්තනීගේ දේවි සම්බුලා, පරාක්‍රම නිරිඇල්ලගේ සිහින කුමාරි, සුදත් මහදිවුල්වැවගේ මයිරෙඩ් කොම්රෙඩ් දැනට වැඩ අවසන් කළ ඉදිරියේදී තිරගත වෙන්න තියෙන චිත්‍රපට අතර ප්‍රධානයි.
සකල කලා සක්විති ජැක්සන් ඇන්නනී ඔබට ආරාධනා කරනවා. ඔහුගේ කළුගඟ දිගේ වාර්තා වැඩසටහනේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්න? එවැනි පුද්ගලයෙක්ගේ තේරීමක් බවට පත්වන දිනේෂ්ට එවැන්නකු අධ්යක්ෂ කරන්නට තරම් අභිමානයක් නැඟුණේ කොහොමද?
මේ අවස්ථාව උදාවෙන කතාවත් කියලම ඒකට උත්තරය දුන්නොත් හොඳයි කියල මට හිතෙනවා. මම ආයතන ගතව සිට එයින් ඉවත් වී ස්වාධීන මම වැඩකරමින් ඉන්න අතරේ මට දවසක් පරාක්‍රම නිරිඇල්ල සර් කතා කරල කියනවා දිනේෂ් අලුත් චිත්‍රපටයක් කරනවා ටී.වී.ටී ආයතනයත් එක්ක මම ඔයාව ඇසිස්ටන් ඩිරෙක්ටර් හැටියට ඉල්ලවා. කැමති නම් එන්න කියල මම ඒ ආයතනයත් සමඟ සුහදව තමයි ඉවත් වෙලා හිටියේ. ඒ නිසා මම වැඩේට කැමති වුණා. ඒවකවානුවේ කොරෝනා කාලය මම ගෙදර ඉඳන් චිත්‍රපටයේ ෂුටින් පටන් ගන්න ෂෙඩුල් හදනවා. ඔය අතරේ දවසක් ජැක්සන් අයියා මට කතා කරල ඇහුවා දිනේෂ් මේ දවස්වල මොනවද කරන්නේ කියලා. මම විස්තරය කිව්වා බැරිවෙලාවත් ඔය වැඩේ කෙරෙන එක කල් ගියොත් මට කතාකරන්න. මම කළුගඟ දිගේ කියල අලුත් වැඩසටහනක් ස්වර්ණවාහිනියට කරනවා. එකේ ඩිරෙක්ටර් වශයෙන් දිනේෂ්ව මට ගන්න ඕනෙ කියලා. ඒත් මගේ වගකීමෙත් බැහැර වෙන්න මම හිතුවේ නෑ. කොහොම හරි ඔය අතරේ පරාක්‍රම සර් කතා කළා. මාව හමු වී අවසන් ෂෙඩුල් කීපය ගන්න එන එක තව දින කීපයක් පහුවෙනවා කියලා කියන්න. ඒ වෙලාවේ මම නිකම්ම වගේ සර්ට කිව්වා ජැක්සන් අයියා මට කතා කළා. සතියකට සැරයක් යන ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එකක ඩිරෙක්ටර් හැටියට එන්න කියලා ඒපාර සර් ඇහුවා මොකද ඒකට කිව්වේ කියල මම කිව්වා. දැන් සර්ගේ වැඩක ඉන්නේ කියලා. ඒ පාර සර් කිව්වා දිනේෂ් උඹ පලයන් ඒකට කාලයක් උඹ වැඩ කළ කෙනෙක් නමක් එළියට යන්න වැඩක් කරපන්. මේක මට චිත්‍රපටයක් විතරයි. එත් උඹට එළියට යන්න හොඳ චාන්ස් එකක් ඇවිත් තියෙන්නේ උඹට දිනේෂ් නමකුත් හැදෙයි. කියපන් ජැක්සන්ට මම උඹට යන්න අවසර දුන්නා කියලා. කුහක මිනිස්සු ඉන්න සමාජයක පරාක්‍රම සර් මට ආශිර්වාද කරමින් සුබ පැතුවා.
හැබැයි මගේ මේ ෂෙඩුල් වැඩේ ඉවර කරල මට දීල ඒ වැඩේට පලයං කියල පරාක්‍රම සර් කිව්වා. හැබැයි කවදාවත් අධ්යක්ෂවරයෙක් එහෙම නොකරන දෙයක් තමයි සර් මට කළේ මම හැරෙන තැපෑලෙන් ජැක්සන් අයියාට කතා කළා. හැකි ඉක්මනින් ඇවිත් මේ වැඩේ බාරගන්න කිව්වා. අධ්‍යක්ෂණයේ ඉඳලා සංස්කරණය දක්වා සියලුදේ.
මට ලොකු වගකීමක් ලැබුණේ 2022 වසරේ අපි. ෂුටින් පටන් ගත්තා. මට මේ දැවැන්තයා ළඟ වැඩ කිරීම ගැනත් හිතේ ලොකු චකිතයක් තිබුණා. මට ඇක්ෂන් කියන වචනය කියන්න නුහුරු නෑ නමුත් මේක චිත්‍රපටයක් නොවෙයි. අපි කණ්ඩායමක් කරන දෙයක් මට හිතුªණා. මම ඇක්ෂන් කියන්න ඕනෙ නෑ කියල ඒ වෙනුවට මට කිව්වේ. හරි රයිට් ඕකේ ගමු කියලා ඒ පාර ජැක්සන් අයියා මට ළඟට කතා කරලා කිව්වා දිනේෂ් ඔය වැඩේ කරන්න එපා. මට ඇක්ෂන් කිව්වහම ඇඟට එනවා මහා පුදුමාකාර ජවයක් කියලා. එයා සිනමාවේ දැවැන්ත චරිතයක් වුණත් මගේ ඇක්ෂන් කට් වලට නිහතමානීව අවනත වුණා. ජැක්සන් අයියා බලාපොරොත්තු වුණ ආකාරයෙන්ම වැඩසටහනක් මගේ අතින් නිර්මාණය වීම ගැන පුදුම විධියට ඔහු සතුටු වුණා. අපි දෙදෙනා පුදුම විධියට සමීප වුණා. ෂෙඩුල් හතරකට තමයි කළු ගඟදිගේ ෂුට් කළේ. කොරෝනා වකවානුව තුළ අපිට මේක එඩිටින් කිරීමේ ප්‍රායෝගික ගැටලු නිසාවෙන් නුගේගොඩ ටවුමේ තට්ටු දෙකේ ගෙයක් අරන් මමත් ජැක්සන් අයියත් සංස්කරණ ශිල්පියත් කලර් ග්‍රේඩින් ශිල්පියාත් ජැක්සන් අයියාගේ ගෝලයාත් එකට නැවතිලා උයාගෙන කාගෙන එකට හිදිමින් අපි කළුගඟ දිගේ එඩිට් කළා මාස හතරක් විතර. ජැක්සන් අයියා කියන්නේ මහා දැනුම් සම්භාරයක් තියන පුද්ගලයෙක් කොහෙන් ඇහුවත් හරි අපුරුවට කියන්න පුළුවන් පුදුම ඥාණයක් තිබුණ කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක. සමීපව වැඩ කරන්න ලැබීමම මට පෙර පිනකට ලැබුණු වාසනාවක්. කළු ගඟ දිගේ රයිගම ටෙලි සම්මාන උලෙළේ 2022 වසරේ හොඳම වාර්තා වැඩසටහන විධියට සම්මාන දිනුවා. කළුගඟ උල්පතේ ඉඳලා මුහුදට වැටෙන කළු ගංතොට දක්වා සම්පුර්ණයෙන්ම අපි වැඩසටහන අවසන් කළා. අවුරුදු 1 1/2ක් විතර අපි මේ වැඩසටහන දීර්ඝ කාලයක් කළා. ජැක්සන් අයියා සිංහබාහු චිත්‍රපටයට ගියේ ඒක ඉවර කරලා ඇවිත් කෝච්චි පාර ගැන කළුගඟ දිගේ වගේ වැඩසටහනක් කරමු කියල. ඒ ගිය ගමන ජැක්සන් අයියා තවම ආවේ නෑ. මම අදත් බලාගෙන ඉන්නවා. ජැක්සන් අයියා ඒ වැඩසටහන කරන්න එනකන්. මගේ ජීවිතයේ ලොකු රිත්තකයක් ජැක්සන් අයියා නැතිවීම.
ජැක්සන් ඇන්තනී කියන සකල කලා සක්විති ඔබව සිනමා නිර්මාණයන් වෙතත් කැන්දාගෙන එනවා?
ඔව්. මම මීට කලින් චිත්‍රපට සහය අධ්‍යක්ෂණය භාරගෙන තිබුණත් ඒවා නිර්මාණයක්් හැටියට කෙරෙන්නේ නෑ. ජැක්සන් අයියා තමයි ඔහුගේ දේවි සම්බුලා චිත්‍රපටයට සහය අධ්යක්ෂණයට මට ආරාධනා කරන්නේ උඹ මගේ බොක්ක උඹට මේක කරන්න පුළුවන්. වරෙන් කොල්ලෝ මාත් එක්ක කියල මම කියනවා තවම මට ෆිල්ම් වල ඇසිස්ටන් ඩිරෙක්ටර්කම කරලා පුරුද්දක් නෑ බෑ කියල.ඒත් මට ගැලවීමක් නෑ. දේවි සම්බුලා සහය අධ්‍යක්ෂණය මම කරනවා. ඒක දැවැන්ත චිත්‍රපටයක්. තව නුදුරේදී තිරගත වුණාම බලන්න. මගේ පළමු සහය අධ්‍යක්ෂණයෙන් හැදෙන චිත්‍රපටය මේක මේකට මාව ජැක්සන් අයියා ගන්නේම ඔහුගේ තඟ දාල මාව ඕනෙමයි කියලා. මට බලපෑම් කරලමයි. දෙවන වරට සහය අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන්නේ පරාක්රමනිරිඇල්ලගේ සිහින කුමාරි චිත්‍රපටය. ඒක මම එතුමන් වෙනුවෙන් කළේ. ගුරු පූජාවක් ලෙස. තුන්වන වරට සහය අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණේ සුදත් මහදිවුල්වැවගේ මයිරෙඩ් කොම් රෙඩ් චිත්‍රපටය. මම තුන්වෙනි වර සහය අධ්‍යක්ෂණයෙන් බිහි වූ මයිරෙඩ් කොම් රෙඩි චිත්‍රපටය තමයි ලබන මාසයේ මුලින්ම තිරගත වෙන මගේ මුල්ම සිනමා අත්දැකීම.
2007 වසර ඔබට ජීවිතයේ අමතක නොවන වසරක් කියා ඔබ වරක් පවසා හිටියා නේද?
ඔව්. මේ වසර මගේ ජිවිතයට සතුටක් වගේම දුකක් ඇති කළ වසරක්. මේ වසරේ සරසවිය සම්මාන උලෙළේ වීඩියෝ ක්ලිප් හදන්න මට අවස්ථාවක් උදාවුණා. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. සරසවිය සම්මාන උලෙළ කලා කරුවන්ගේ දැවැන්ත කලා මංගල්‍යය ඒ වෙනතුරා මේ උලෙළට ක්ලිප් හැදුවේ සිනමාවට සම්බන්ධ දැවැන්තයෝ තිස්ස අබේසේකර, වසන්ත ඔබේසේකර, සුදත් දේවපි‍්‍රය වගේ කට්ටිය තමයි මේ ක්ලිප් හැදුවේ. පළවෙනි වතාවට සිනමාවට සම්බන්ධ නැති පුද්ගලයෙක් හැටියට මට හම්බවෙනවා. අර දැවැන්තයෝ එතෙක් කළ දේ කරන්න. මේ කටයුත්ත මට භාර දෙන්නෙ ටී.වී.ටී. ආයතනය ඔවුන් තමයි මේ උලෙළේ වේදිකා පරිපාලනය භාරගෙන තිබුණේ. ඒ වෙනකොට මගේ අප්පච්චි ජීවතුන් අතර මම ගෙදර ගිහින් කියනවා මට සරසවිය සම්මාන උලෙළේ ක්ලිප් ටික හදන්න හම්බ වුණා කියලා. තාත්තා අසීමිතව සතුටු වෙනවා. ටී.වී. එකේ හරි මගේ වැඩ බලාගන්න පුළුවන් කියලා. තව දවස් කීපයයි. සම්මාන උලෙළට වසර දෙකක සම්මාන එකතුවක් මේ උලෙළේ දී ප්රදානය කරනවා. මාලිනී ෆොන්සේකා, තිස්ස ලියනසුරිය, රෝයි ද සිල්වා, ජී.ඩී.එල්. පෙරේරා, ශේෂා පලිහක්කාර, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර යන අයගේ ක්ලිප් හදන්න මට තිබුණේ. ඒ අතරින් මට ජී.ඩී.එල් පෙරේරාව ෂුට්ි කරගන්න බැරිවුණා. ඔහු විදේශ ගතව සිටි නිසා. නමුත් ඔහු උලෙළට කලින් නැවත ලංකාවට එන දවසක් තිබුණා ඔහු පදිංචි තෙල්දෙණියේ නිවසට, ඒ එන දවසට මම පාන්දරින් ඔහුගේ ගෙදර යන්න ලෑස්තියි වෙලා පාන්දර පහට විතර වාහනයට නගින්න හදන කොට මම දුරකථන ඇමතුමක් ආවා. තාත්තාට ඉතාම අමාරුයි. කොළඹ මහ රෝහලට අරන් ආව තාත්තා මැෂින් එකේ ඉන්නේ. වහාම එන්න කියලා මට දෙලොව රත්වුණා. මට කරකියාගන්න දෙයක් නෑ. මේක භාර දෙන්න කවුරුවත් නෑ. සරසවිය සම්මාන උලෙළ කියන්නේ කලාකරුවන්ගේ මහා මංගල්‍යය මේ උත්සවයේ ක්ලිප් පහක් මම මේ වනවිටත් හදල ඉවරයි. තව හදන්න තියෙන්නේ එකයි. ඒ ජී.ඩී.එල් පෙරේරාගේ මේක නැතුව හරියන්නෙම නෑ. වෙන කරන්න දෙයක් නැති තැන මම තීරණයක් ගත්තා. මම මේක ෂුට් කරනවා කියල මම නුවර ගියා. ගිහින් ඒ වැඩේ ඉවර කරගෙන කොළඹ එනකොට මට කැලණිපාලම උඩ දී කෝල් එකක් ආවා තාත්තා නැති වුණා කියලා. මම ක්ලිප් ටික හැදුවා සිනමාවට සම්බන්ධ නැති කෙනෙක් ලෙස. මට සරසවිය සම්මාන උලෙළට එන්න ලැබෙන්නේ නෑ. මගේ අතින් නිර්මාණය වූ වීඩියෝ ක්ලිප් එදා සම්මාන උලෙළේ දිග හැරෙන කොට මම තාත්තාගේ අවසන් කටයුතු වෙනුවෙන් කැපවෙලා සිනමාවට සම්බන්ධ නැති පුද්ගලයෙක් ලෙස මට මේ ක්ලිප් නිර්මාණය කරන්න ලැබීමේ සතුට වගේම මගේ තාත්තාට ඒ මගේ නිර්මාණය ඇස් දෙකෙන් බලාගන්න තරම් වාසනාවන්ත නොවීම මගේ ජීවිතයේ මහා දුකක් ඇතිකළ සිද්ධියකුත් වුණා.
සේයාරූ – විමල් කරුණාතිලක
චන්දන දයාසිරිවර්ධන