ලාංකේය ගුවන් විදුලි නාට්‍යය කලාව තුළ එදා මෙදා තුර කාගෙත් සිත් ඇද බැඳගත් මුවන් පැලැස්ස නාට්‍යයේ නාමලි ලෙස ශ්‍රාවක ප්‍රතිචාර මැද ඇගේ හඬ මතක රැව් පිළි දුන්නේය. එතැන් සිට ගුවන් විදුලි නාට්‍ය කලාවත් සිනමාවක් දක්වා පැමිණෙන ඇය ඔබත් මමත් නිතර කතාබහ කරන සම්මානනීය ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී නෙතලී නානායක්කාරයි.ඇගේ අනූවැනි ජන්ම දිනය පවුලේ දුවා දරුවන් ඥාතීන් ඇතුළු කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරා ගෙන පසුගිය දින කොළඹ Police welfare සම්භාෂණ ශාලාවකදී පැවැත්විණි. වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ත්‍රිත්වය තුළ කියැවෙන නම් අතර ඇයගේ නම ඉහළින්ම සනිටුහන් වේ. ඇය විසින් රඟන ලද චරිත කෙදිනකවත් අමතක නොවෙනවා වගේම තාත්වික බවින්ද අනුනය. මේ ඇගේ අනූවැනි සැමරුමයි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න
610
previous post
නිහඬ වූ නිරහංකාර ගැඹුරු ගී ස්වරය
next post

