සම්මානනිය සිනමා අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්යක්ෂණය කළ Rapist (ස්ත්රී දූෂක) නමින් නම් කර තිබූ නවතම සිනමා පටය ‘දහ අට වංගුව’ ලෙස නම් වෙනස් කර ඇත.
එයට හේතුව ලෙස ආචාර්ය සෝමරත්න දිසානායකයන් සඳහන් කළේ කරුණු දෙකක් මත නම වෙනස් කිරීමට තීරණය කළ බවයි මෑත කාලයේ ප්රදර්ශනය වූ දේශීය චිත්රපට රාශියක් සඳහා ඉංග්රීසි නම් දේශීය චිත්රපට සඳහා යොදා ගැනීම මෝස්තරයක් බවට පත්වෙමින් පවතින බව දක්නට ලැබෙන බවයි. නවතම චිත්රපටයට Rapist උචිත වුණත් බෝවී ගෙන එන මෝස්තරයට එවැනි නමක් උචිත නොවන නිසා නම් වෙනස් කළ බව සරසවියට සඳහන් කළේය. මෙම සිනමා පටය මේ වසරේ තිරගත වීමට නියමිතය.
