පසුගිය දින Golden Business Excellent සම්මාන උලෙළ කොළඹ city of Dreams හෝටල් පරිශ්‍රයේදි පවත්වන්ට යෙදුණි. ව්‍යාපාරිකයන් මාධ්‍යවේදින් සහ කලාකරුවන් ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන උලෙළෙ සංවිධානය කර තිබුණි.
එහිදී ජාතික රූපවාහිනිය වසරේ විශිෂ්ටතම ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් සම්මානයත් සමඟ සම්මාන 16කට හිමිකම් කියන්නට සමත් විය. 2025 වසරේ පොදු ජන මෙහෙවර සහ ජාතික මාධ්‍ය නායකත්ව පුරෝගාමීත්වය සඳහාවු සම්මානයට මෙවර පාත්‍ර වුයේ ජාතික රූපවාහිනියයි. එහිදි එම සම්මානය ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්ෂ විමුක්තිකා කාරියවසම් ජාතික රූපවාහිනිය වෙනුවෙන් ලබා ගත්තාය.
