සුනාමි තවත් උලෙළ දෙකකට

ඔක්තෝබර් 14, 2021

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සුනාමි සිනමාපටය තවත් අන්තර්ජාතික සිනමා උලෙළ ද්විත්වයක් නියෝජනය කිරීමට වරම් ලබා තිබේ. ඉන් එක් සිනමා උලෙළක අංශ හයක් යටතේ සිනමාපටය නියෝජනය කරනු ලැබීම විශේෂත්වයකි. ඒ අනුව හොඳම චිත්‍රපටය - නිෂ්පාදක රේනුකා බාලසූරිය, හොඳම අධ්‍යක්ෂ - සෝමරත්න දිසානායක, හොඳම නළුවා - දර්ශන් ධර්මරාජ්, හොඳම නිළිය - නිරංජනී ශන්මුගරාජා, හොදම කැමරා අධ්‍යක්ෂණය - විශ්ව බාලසූරිය, හොඳම ළමා නිළිය - මෙනාරා වීරතුංග එම අංශ හය සහ ඒවා නියෝජනය කරන පිරිස වෙති. එලෙස සම්මාන හයක් වෙනුවෙන් සුනාමි සිනමාපටය තරග වදින්නේ නයිජීරියාවේ බසෙල්‍යා සිනමා උලෙළේ ය. එම උලෙළ සඳහා සුනාමි චිත්‍රපටය නියෝජනය කරමින් නිර්මාණකරුවන් සහභාගී නොවන අතර නයිජීරියාවේ තානාපතිවරයා එය නියෝජනය කරනු ලබයි. කල්කටාවේ ජාකන්ඩ් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසටද සුනාමි තේරී පත්ව ඇති බව වාර්තාවේ. ඉදිරි සතියේ දී එම සිනමා උලෙළ පැවැත්වීමට නියමිතය.